සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ක්‍රිකට් ගැහිල්ලත් බූරු ගැහිල්ල වගේය…

by editor
මාර්තු 18, 2024
in පුවත්
ටැන්සිඩ් හසන්

ටැන්සිඩ් හසන්

Share on FacebookShare on Twitter

තරගාවලිය පරාදය.  පිතිකරුවන්ගේ පාරාදීසියක් වූ  චිටොග්‍රෑම්හි සහුර් අහමඩ් චෞද්‍රි ක්‍රීඩාංගයේ  ලකුණු 235ක ඉලක්කයක් ලබා දී කළ හැකි ලබ්බක් නැත. අප ඉල්ලා සිටියේ ගෞරවණීය පරාජයකි.   ගෞරවය රෙදි පල්ලෙන් බේරුණේය.   බංගලාදේශ කණ්ඩායම ඉලක්කය ලබා ගන්නේ ඕවර 50ක තරගයක පන්දු 53ක් ඉතිරිව තිබිය දී ය.

චැටෝග්‍රාම් හි පළමු ඉනිමේ අවසන් ඕවර තුනේදී බංගලාදේශ  ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධයකට ලක් විය. ආරම්භක පිතිකරු සෞම්‍යා සකාර් ද ඒ අතර විය.   සෞම්‍ය සර්කාර්ගේ   ආදේශකයා ලෙස පිටියට එන  ටැන්සිඩ් හසන්  පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 09ක් සහ හයේ පහර 4ක් සමග  සිය දිවියේ ඉහළම ලකුණු ගණන වූ  ලකුණු 84ක් රැස් කළේය. මේ 23 හැවිරිදි ක්‍රීඩකයා ක්‍රීඩ කර තිබුණේ අන්තර්ජාතික එක්දින තරග 15ක් පමණි.

වනිඳුට නැව් ගුටි

තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හිරිවැටුනේ කණ්ඩායමේ සුපිරි පන්දු යවන්නා ලෙස නම් කර සිටින වනිඳු හරංග ගුටි කෑ ආකාරය ය.  ඒ සිය තුන්වැනි එක්දින ජාත්‍යාන්තර තරගය ක්‍රීඩා කරන 21 හැවිරිදි රිෂාඩ් හොසේන් නැමැති කවුරුත් නොදන්නා පොඩි කොල්ලාගෙනි.

බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා ඕවර 13.5කදී ලකුණු 58ක් අවශ්‍යව තිබියදී රිෂාඩ් පිටියට පැමිණියේය. වනිඳු හස්රංගගේ පළමු පන්දුවට හයේ පහරක් සමඟින් ඔහු සිය ලකුණු ගැනීම ආරම්භ කළේය.    එම ඕවරයේම හතරේ පහරක් සහ තවත් හයේ පහරක් එල්ල කළේය. ඔහු 40 වැනි ඕවරයේදී හසරංගට තවත් හයේ පහර දෙකක් එල්ල කළේය.  . රිෂාඩ් හොසේන් හසරංග පන්දු 11කදී ලකුණු 40ක් ලබා ගත්තේය. මොනතරම් දක්ෂයෙක් වුවත් තමන්ගේ අභ්‍යන්තරය කළමනාකරණය කරගත යුතු ආකාරය දන්නවා නම් මොනතරම් ගුටි කෑවත් ක්‍රීඩකයෙක් වැටෙන්නේ නැත. වනිඳුට එසේ ද යන්න ඔහුගෙන්ම ඇසිය යුතුය.

ජනිත් ලියනගේ හෙවත් ශ්‍රී ලංකා ඉනිම

තරගාවලියේ ජයග්‍රහණය තීන්දු කරන අවසන් තරගයේ දි ශ්‍රී ලංකාව   ලකුණු 235කට සීමා වුනේය.    යොවුන් ක්‍රීඩක ජනිත් ලියනගේගේ මංගල එක්දින ශතකයට පින්සිද්ධ වන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  200 සීමාව පසු කළේය. ජනිත් පන්දු 102කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් රැස් කළේය. ඔහු නොවන්නට අපට අත්වනු ඇත්තේ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී අත් වුන ඉරණමට නොදෙවෙනි ඉරණමක් වීමට ඉඩ තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 77ක් ලබා සිටියදී පන්දුවට පහරදීමට ජනිත්  ස්ථාවරව පන්දුවට පහරදෙමින් සිටියදී අවට සිටි සෙසු පිතිකරුවන් බිඳ වැටුණි. ඔහු  වර්ණවත්  කවර් ඩ්‍රයිව් කිහිපයක් එල්ල කළ අතර මිඩ්විකට් හරහා අලංකාර ලෙස හතරේ පහර දෙකක් ලබා ගත්තේය.   ඔහු හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් එල්ල  කළේය.

ආරම්භක පිතිකරුවන් වන පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දුගේ කඩුලු දවාගැනීමත් සමඟ ටස්කින් මොහොමඩ්  ශ්‍රී ලංකා ඉනිමේ පදනම සුන් කර තිබිණි. තෙවැනි විනිසුරු විමසා සිය කඩුල්ල මුවා කිරීමේ වරදට යළි විමසමින් පුනරූපණයක් ලබා නොගත් පැතුම් නිශ්ශංක නොදැවුන ක්‍රිඩකයෙක් බව පෙනුණේ ඔහු ක්‍රිඩා පිටියෙන් ඉවත්ව ගිය පසුය. පිටියේ විනිසුරු ඔහු දැවී ගිය ක්‍රිඩකයෙක් ලෙස නම් කර තිබුණේ පිට ඉන්නෙන් ඉවතට ඇදී යන පන්දුවකටය.

සධීර සමරවික්‍රම ලකුණු 14කට මුස්තාෆිසුර් රහ්මාන්ට ගොදුරු විය.  ජනිත් ලියනගේ   චරිත් අසලංක සමග පස්වැනි කඩුල්ලට ලකුණු 43ක් එක් කළ අතර, ශ්‍රී ලංකා පිලේ 35 වැනි ඕවරයේදී කඩුලු 7ක් දැවී ලකුණු 154ක් ලබාගෙන සිටියේය. ඔහේ කරන පිතිකරණය නිසා  ශ්‍රී ලංකා පිලට ඔවුන්ගේ ගමන අහිමි විය. කෙසේ වෙතත්, ජනිත්  ලියනගේ ඉනිම පහත වැටීමට ඉඩ නොදුන්නේය.  ඒ වෙනුවට මහේෂ් තීක්ෂණ සමඟින් 8 වැනි කඩුල්ලට ලකුණු 60ක් එක් කළේය.

ආබාධයට ලක් වූ මුස්තාෆිසුර් රහ්මාන් වෙනුවට 48 වැනි ඕවරය නිමා කිරීමට සෞම්‍ය   ආදේශ කිරීමෙන් පසු තීක්ෂණ  ටැන්සි හසන් වෙත උඩපන්දුවක් දී දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 235කට සියල්ලෝ දැවී ගියහ.  කුසල් මෙන්ඩිස් 29කි. චරිත් අසලංක ලකුණු 37කි.  කණ්ඩායම බිඳ වැටෙද්දීත් හැමදාම වගකීමක් රහිතව තමන්ගේ ගේම ගහන්නට යන වනිඳු හසරංග ලකුණු 11කි.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට බංගලාදේශයට දිගින් දිගටම ආබාධවලට ලක්වූ ක්‍රීඩකයින් අහිමි විය. 48 වැනි ඕවරයේදී මුස්තාෆිසුර් රහ්මාන් ආබාධයකට ලක් විය. පන්දු රැකීමේ ප්‍රයත්නයක දී හතරේ සීමාවෙන් එපිට ඇති ප්‍රචාරක පුවරුවක ගැටුණු සෞම්‍යා සකාර්ගේ  බෙල්ල සහ දණහිස තුවාල විය. අවසන් ඕවරයේදී ආදේශක පන්දු රකින ක්‍රීඩක ජේකර් අලි  ප්‍රමෝද් මධුශාන්ගේ     උඩපන්දුව රැක ගැනීමට පැමිණි  අනමුල් හක් සමඟ ගැටුණි. උඩ පන්දුව සම්පූර්ණ විය. නමුත්  එම ගැටීමෙන් ජේකර් අලි රෝහල්ගත කිරීමට සිදුවිය.   මෙම තරගයේදී යෝග්‍යතා පරීක්‍ෂාවට ලක්වූයේ ක්‍රීඩකයන් පමණක් නොවේ, අධික උණුසුම හේතුවෙන් රිචඩ් කෙට්ල්බරෝගේ ස්ථානයට විනිසුරු තන්වීර් අහමඩ් පත් විය.

පිටියේ අනතුරු…

බංගලාදේශ ඉනිම

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වන අනමුල් සහ ටැන්සිඩ් හසන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක් රැස් කළහ. එම ලකුණු රැස් කීරිම සිදුවන්නේ අනායාසයෙනි. අනමුල් හක් ලකුණු 12කට දැවී යන්නේය. ඒ ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේය.  අනතුරුව පිටියට පැමිණෙන නායක නජ්මුල් හොසෙන් සැන්ටෝ ලබා ගන්නේ එක් ලකුණකි. ලකුණු  56 දී දෙවැනි කඩුල්ලත් බිඳෙන්නේය. එම කඩුල්ලත් ලහිරු කුමාරටය.

මේ අතර ටන්සිඩ් සන්සුන්ව පන්දුවට පහර දෙමින් එක් අන්තයක් රැක ගත්තේය.  කඩුළු බිඳ හෙළමින් පැමිණෙන ලහිරු කුමාරගෙන් ඔහු පන්දු 19ක දි ලකුණු 30ක් ලබා ගත්තේය.

ටනිස්ඩ් එල්ල කල  හතරේ පහර නවයෙන් හයක්  එල්ල කළේ කවර්ස්  සහ මිඩ් ඕෆ් හරහා ය.   ඔහු වේගවත් කෙටි පන්දුවට  හොඳින් මුහුණ දුන් අතර ඔහු  ස්ක්වෙයාර්-ලෙග් පන්දු රකින්නාගේ හිසිට ඉහළින්    හතරේ පහර දෙකක්  එල්ල කළේය.   මිඩ්විකට් හරහා තවත් හතරේ පහර දෙකක් එල්ල කළේය.

ඔහුගේ දෙවන එක්දින අර්ධ ශතකය ළඟා වූ විගස, ටැන්සිඩ් 17 වැනි ඕවරයේදී දුවද්දී දැවී යාමේ අවස්ථාවකින් බේරුණේ මිඩ්-ඕෆ් වෙතින් එල්ල වූ පහරක් කඩුල්ලේ වැදීමෙනි.  නමුත් ටැන්සිඩ් සීමා ඉරට එපිටින්    සිටියදී  පන්දුව කඩුල්ලේ වැදුනත් බේල්ස් ඉවත් වූයේ නැත. ඔහු බංගලාදේශ හඹායාම ස්ථාවර කිරීමට ටෙව්හිඩි හ්‍රිඩෝයි  සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 49ක් එක් කළේය.

ලහිරු කුමාර සිය තුන්වැනි කඩුල්ල ලෙස  හ්‍රිඩෝයි ද, සිව්වන කඩුල්ල ලෙස මහ්මුදුල්ලාහ් ද ඉවත් කළේය. සිය එක්දින ඉතිහාසයේ තරගයක දි කඩුල් 4ක් දවා ගත් ප්‍රථම අවස්ථාව මෙයය.  කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලබා සිටියදීය.

6 වැනි කඩුල්ලට ලකුණු 48ක් එක් කරමින් මුෂ්ෆිකර් රහීම්  සහ මෙහිඩි හසන් මිරාස්  යළි සබඳතාවයක් ගොඩ නගමින් සිටියේය.  මෙහිඩි හසන් මිරාස් දැවී යන්නේ හසරංගගේ පන්දුවක් හමුවේ ප්‍රමෝද් මධුශාන් වෙත උඩපන්දුවක් ලබා දෙමිනි.

සියලු බිඳවැටීම් හමුවේ බංගලාදේශය කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් සමග තරගාවලි ජයග්‍රහණයක් අත් කරගෙනය.  ආදේශ කළ ක්‍රීඩකයින් සිය මුල් පෙළ ක්‍රිඩකයින්ට ගෙදර නවතින්නට සිදුවන සේ සිය වගකීම් ඉටු කර තිබිණි.  සියල්ල හරිය. ඇත්තටම බංගලාදේශ කණ්ඩායම ඉන්නේ අපට වඩා ඉදිරියෙන් බව ඔවුහු ලෝකයට කීහ.

එක අතකට අපේ ක්‍රිකට් ගැහිල්ලත් මාරය. එය හරියට බූරු ගැහිල්ල වගේය. එක දවසක සූදුපිටිය අකුලාගෙන ආවොත් දවස් දෙකක් කුජීත වෙන්නම පරාදය. බූරු ගැහිල්ල ක්‍රිකට් ගැහිල්ලෙන් වෙනස් වන්නේ ජය පරාජය කුමක් වුවද   එක්තරා     තලයක් තුළ ජග්‍රාහී පදනමක් නිර්මාණය කරගැනීමෙන්ය.  ක්‍රිකට් යනු එයය.

අප අමතක නොකළ යුත්තේ අප මේ පරදින්නේ අපට වඩා ලෝක එක්දින ශ්‍රේණිගතකිරීම්වල පහළින් ඉන්නා කණ්ඩායමකින් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුහල්පති කෙනෙක් පත්වනතුරු වැඩ බලන්න දුන් දේශපාල හෙංචයියාට විදුහල්පති කම දෙන්නලු… ගම්පහ පොහොට්ටු බලවතියක් සහ බලවතෙක් තුට්ටු දෙකේ ගේමක…

Next Post

පිටිගල ද්විත්ව ඝාතන සිද්ධියේ සැකකරුවන් 25 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.