දිගින් දිගටම ජාතික ජන බලවේගයේ ආර්ථික මොඩලය සම්බන්ධ අවඥාවෙන් කතා කරන විපක්ෂයේ ආර්ථික ඔස්තාද්ලා තමන් රට කරවන කාලයේ රට බංකොල් කළේ මොන ආර්ථික මොඩලයෙන්දැයි පැහැදිලි කර දිය යුතු බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පැවසුවේය.
අද අයවැය කතාව සිදුකරමින් ඔහු මේ විමසීම කළේ විපක්ෂය වෙනුවෙන් ප්‍රධාන කතාව කළ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කළ කතාවට පිළිතුරු සපයමිනි.
නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“දිගින් දිගටම කිව්වත් අපේ ආර්ථික මොඩ්ල් එක මේක. රජය ඉන්නේ පහසුකම් සපයන්නෙක් විදිහට. පෞද්ගලික අංශය තමයි ආර්ථිකයේ එන්ජිම වෙන්නේ. ඒ වගේම රජය මැදිහත් වෙනවා ආර්ථිකයේ අවශ්‍ය තැන්වලට… අපි මේක කොච්චර කිව්වත් බොරු ජනගත කරන්න මැතිවරණය වකවානුවේත් ආර්ථික ඔස්තාර්ලා උත්සාහ කළා. අන්තිමට තමන්ගෙ ආසන වලිනුත් ලැබුනේ සියයට 18යි.
දැන් අවසාන වතාවටත් ඒක කිය කිය ඉඳලා ඒක බොරුවක් වුනා අයවැය ඉදිරිපත් කළාට පස්සේ. දැන් ඉතින් ඊලඟ මැතිවරණයට කිසිම සටන් පාඨයක් දැන් ඒ අය ලඟ නෑ.
දැන් අපි අහන්න කැමතියි මේ ආර්ථික මොඩල ගැන කතා කරන ආර්ථික ඔස්තාර්ලා අපේ රට බංකොලොත් කළේ මො ආර්ථික මොඩලයෙන් ද කියලා.
මුලින්ම ඒ අයගේ ආර්ථික මොඩලය මම පැහැදිලි කරන්නම් අයවැයක් ඉදිරිපත් කළාම ට්‍රිලියන දෙකක් තුනක් ගිජු ලිහිණියො වගේ යාලුවො අතර බෙදා ගන්න ආර්ථික මොඩලයක්. අපේ එහෙම නෑ.
රටට කිසිම ඵලදායීතාවයක් ගේන්නෙ නැතිව ආර්ථික සම්පත් සහ වැය ශීර්ෂ වෙන් කරන , ණය අරගෙන රට බංකොලොත් කරන ආර්ථික මොඩල අපි ලඟ නෑ.
ඒ වගේම ගොඩ නැගුණ යම් කිසි ආර්ථික මොඩලයක සමස්ථ ප්රතිලාභ සියයට 1කට වගේ හිමිවන ආර්ථික මොඩල අපි අතහැරලා තියෙන්නේ.
ඒ වගේම තමයි බලශක්තිය බැංකු විශේෂයෙන්ම සංවර්ධන බැංකු විනාශ කරපු ආර්ථික මොඩලයකට වෙනස් ආර්ථික මොඩලයක් තමයි අපි ගේන්නේ.
එමෙන්ම අධ්‍යාපනයට සෞඛ්‍යයට පොදු ප්‍රවාහනයට යටිතල පහසුකම්වලට අවම ආයෝජන කරපු ආර්ථික මොඩල අපි සහමුලින්ම අත්හැරලා තියෙන්නේ.
ආර්ථික දර්ශනය ගැන අහනවා. අපේ ආර්ථික දර්ශනය ඉතාම පැහැදිලිවම අපේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තියනවා. ඒක අවුරුදු පහකට ඉදිරිපත් කළ වැඩපිළිවෙළක්.
ඒ කියන්නේ ඉතිරි අවුරුද තුන අපි යනවා අයිඑම්එෆ් ඇග්රිමන්ට් එක ඇතුළෙ. ඒ රාමුව ඇතුළෙ තමයි අපට කළ හැකි වෙනස්කම් කරන්න තියෙන්නේ. මොකද අපේ ආර්ථික ස්වෛරීත්වය නැති කරලා තමයි ආර්ථික ඔස්තාර්ලා ජාතික ජන බලවේග ආණ්ඩුවට මේ රට බාරදීලා තියෙන්නේ.
එහෙමනම් වියට්නාමය, දකුණු කොරියාව, ඉන්දියාව වගේ වේගවත් ආර්ථිකයක් ලබා ගන්න පුලුවන් ස්වෛරී ආර්ථිකයක අයවැයක් අපට බලාගන්න පුලුවන් වෙන්නේ 2029 ඉඳලා තමයි.
හැබැයි මේ සීමා සහිත තත්ත්වයන් ඇතුළෙත් විශේෂයන්ම අපි කියපු නිශ්පාදන ආර්ථිකය බිහිකරන්න අවශ්‍ය කරන රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සමූපකාර අංශය දැඩිව වෙළෙඳපල තරගයට අවතිර්ණ වෙන, පූර්ණ තරගය, නියාමනය, රාජ්‍ය මැදිහත්විම සහ වෙළෙඳපල සංවිධානය කියන ආකෘති හතරම භාවිතා කරන ආර්ථික ක්‍රමයක් තමයි අපි පැහැදිලි කරන්නේ.
ඉතින් ඒක ඇහෙන්නේ නැති වුනාට අපට කරන්න දෙයක් නෑ. විශේෂයෙන්ම ආර්ථික ක්‍රමය ආර්ථික මොඩලය ආර්ික සැලැස්ම ගැන දිගින් දිගටම ප්‍රශ්න කරන අයට අංශ 10ක් ඔස්සේ අයවැය ගොඩනැගී ඇති ආකාරය නියෝජය ඇමති චතුරංග අබේසිංහ පැහැදිලි කළේය.
ඔහුගේ පූර්ණ කතාව පහත දැක්වේ.







