අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ අයට එන්නත් දෙන වැඩපිළිවෙළ මෙන්න…

by editor
අප්‍රේල් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනගහණයෙන් තුනෙන් එකකට රුසියානු ස්පුට්නික්

  • කොවැක්ස් පහසුකමින් තවත් තුනෙන් එකක්

  • ඉතිරි තුනෙන් දෙකට ෆයිසර් , ඇස්ට්‍රසෙනිකා

  • WHO අනුමත කළොත් චීන එන්නත දෙනවා

ශ්‍රි ලංකාව මේ වනවිට සිටිනුයේ කොවිඩ් වසංගතයේ තුන්වන රැල්ලක් අබියසය. මේ පිළිබඳව ඊයේද සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ බලධාරීන් බරපතල ලෙස අනතුරු ඇඟවූයේ එන්නත්කරණය මැද ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව ද සැලකිල්ලට ගනිමිනි.

කෙසේ වුවද කොවිඩ් 19 වෛරසයේ  වේගයෙන් වෙනස් වීමේ  ස්වරූපය මැද මේ වනවිට ශ්‍රි ලංකාවේ එන්නත්කරණය සද්දයක් දමා පටන් ගත්තද එය අඛණ්ඩව කරගෙන යාමට තරම් ශක්තියක් අපේ රටට තිබුණේ නැත. එයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇණවුම් කළ එන්නත් නිසි කලට මෙරටට නොපැමිණීමය. මේ තත්ත්වයට පසුබිම වූයේ ශ්‍රි ලංකාව එන්නත් ඇණවුම් කළ ඉන්දියාවේ සීරම් ආයතනයට මෙම එන්නත් අඛණ්ඩව සැපයීම අභියෝගයක් වීමය.  එහි කොටසක ගින්නක් ඇති වීමත් මේ වනවිට ඉන්දියාවේ ද ඇතැම් ප්‍රදේශවල දරුණු ලෙස කොවිඩ් වසංගතය පැතිරීමත් හේතුවෙන් නිපදවෙන එන්නත් වැඩි වශයෙන් ඉන්දියාවට යොමු කිරීමට නිෂ්පාදකයන් පියවර ගැනීම හේතුවෙනි. මෙවැනි තත්ත්වයක් මැද අපේ එන්නත්කරණයට සිදුවන්නේ කුමක්ද?

මේ පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එන්නත් කටයුතු සම්බන්ධීකරණ කාර්යය සිදු කරන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පැහැදිළි විග්‍රහයක් කළේය. වීරතුංග   සඳහන් කළේ දැනට පළමු ව ලබා දුන්නත් ඇස්ට්‍රා සෙනිකා එන්නතේ රට තුළ ඉතිරිව  ඇත්තේ  එන්නත් මාත්‍රා 356000ක් පමණක් බවය. ඉන්දියාවේ නිෂ්පාදිත  මෙම එන්නතේ දෙවන මාත්‍රාව මෙරට පුද්ගලයන් 925241 දෙනකුට ලබා දී ඇති අතර එයින් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඇතුළු අවදානම් කාණ්ඩවලට ලබා දුන් එන්නත් හැරෙන්නට සෙසු මාත්‍රා සියල්ලම ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ ජනතාවටය. ලලිත් විරතුංග   හෙළි කළ තොරතුරු අනුව බස්නාහිර පළාතේ ජනගහණය අතරින් 578933කට මෙම එනනත් ලබා දී ඇත.

ඊළඟට මෙම එන්නත් ලබා දෙන ආකාරය ඔහු ඊයේ රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදි අදහස් දැක්වූයේ මෙලෙසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අපි පළමුවෙන්ම මේ එන්නත්කරණය ජනවාරි 29 පටන් ගත්තේ. මෙම එන්නත ලබා ගැනීමට සුදුසු ජනගහණය මිලියන 21න් 13කටවත් ලබා දිය යුතුයි. පළමු මාත්‍රාව ලබා දීල දෙවන මාත්‍රාව සති 4කින් පමණ දෙන්න ඕන  කියල කලින් සඳහන් වුවත් පසුව එන්නත් විශේෂඥයන් සඳහන් කළේ එය සති 12ක් සති 16ත් අතර දීම ඉතා හොඳයි කියල. ඒ අනුව අපට  මැයි මාසයේදී දෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ කළ හැකියි. නමුත්  තිබෙන මාත්‍රා මදි අපට දෙන්න.

ඉන්දියාවේ ඇතිව තිබෙන තත්ත්වය නිසා තමයි අපට මේ සීරම් ආයතනය එන්නත් ඇණවුම ලබා දීමට ප්‍රමාද වෙන්නේ. අපේ ඇණවුම එන්නත්  මිලියන 1.5ක ඇණවුමක්. එයින් අපි ගත්තේ ලක්ෂ 5යි. තව  ලක්ෂ පහක් ඉන්දීය රජයෙන් ලැබුණා. තව මිලිනයක් අපට සීරම් ආයතනයෙන් ඇණවුම් කළ එන්නත් එන්න තිබෙනවා. නමුත් ඉන්දියාවේ තත්වය මත මෙම එන්නත් එකවර ලබා ගැනීමේ දුෂ්කරතාවක් පවතිනවා. මේ නිසා අපි විශ්වාස කරනවා කෙටි කාලයක් තුළ පොඩි ප්‍රමාණවලින් ඒ කියන්නේ ලක්ෂ දෙක හමාරක් තුනක් වගේ ගණන්වලින් හරි ලබා ගන්න පුළුවන් වෙයි කියල.

කොහොම වුණත් පළමු  මාත්‍රාව ලබා දුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබා දීමට  තවත් මාස තුනක විතර කාලයක් තිබෙනවා. අපට මේ කාර්යය කරගෙන යන්න පුළුවන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ දී හෙළිවන රට තිගස්වන කතාව

Next Post

තවත් කොවිඩ් මරණ 04ක්… 18 වියැති තරුණියක් ඒ අතර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.