සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ දී හෙළිවන රට තිගස්වන කතාව

by editor
අප්‍රේල් 24, 2021
in පුවත්
A view of St. Sebastian's Church damaged in blast in Negombo, north of Colombo, Sri Lanka, Sunday, April 21, 2019.  More than hundred were killed and hundreds more hospitalized with injuries from eight blasts that rocked churches and hotels in and just outside of Sri Lanka's capital on Easter Sunday, officials said, the worst violence to hit the South Asian country since its civil war ended a decade ago. (AP Photo/Chamila Karunarathne)

A view of St. Sebastian's Church damaged in blast in Negombo, north of Colombo, Sri Lanka, Sunday, April 21, 2019. More than hundred were killed and hundreds more hospitalized with injuries from eight blasts that rocked churches and hotels in and just outside of Sri Lanka's capital on Easter Sunday, officials said, the worst violence to hit the South Asian country since its civil war ended a decade ago. (AP Photo/Chamila Karunarathne)

Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ දී කළ ආන්දෝලනාත්මක ප්‍රශ්න කිරීම්වලින් පසු අලුත් වටයකින් පාස්කු  ප්‍රහාරය සම්බන්ධ වැඩි දුර පරීක්ෂණ ආරම්භ වී ඇත. ඒ හිටපු ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා රියාජ් බදියුදීන් දෙසොයුරන් යළිත් අත් අඩංගුවට ගනිමිනි.

පසුගිය දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ ප්‍රශ්නකිරීම් පෙළක් සිදුවුනේය. එම ප්‍රශ්නකිරීම් පෙළ පාස්කු ප්‍රහාරයේ යථාව යළිත් විමසන ලෙස බල කළේය.

මේ ප්‍රශ්න කිරීමටවලට පෙර සිට පවතින රජය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු දැඩි විචලනයකට ලක්වන ආකාරය පෙනුණි. මුල්ම ප්‍රකාශනය සිදුවූයේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ මෙතෙක්   විමර්ශනය කළ නිලධාරීන් මාරු කර යැවීමෙනි. විමර්ශන ස්වරූප අනුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටු අනපේක්ෂිත ලෙස පෙරළී යෑමෙනි. වසරක් තුළ එම තනතුර සිවු වරක් වෙනස් වූයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවට පත් වී  සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් වූ ශානි අබේසේකර, ඩබ්ලියු.තිලකරත්න, ප්‍රසන්න අල්විස්, නිශාන්ත සොයිසා මේ කාලය තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසි වී ගියේය.

මේ ප්‍රහාරය පසුපස අන්තවාදය නොව දේශපාලන බල පොරයක් අශිෂ්ටත්වය  සලකුණු ඇතැයි බව කාදිනල් වරයා විසින්  ප්‍රකාශ කරන්නේ මේ පසුබිමේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පාර්ලිමේන්තුවේ දී මතුවුණු කරුණු

පාස්කු කොමිසමේ දී ලබාදුන් සමහර සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කොමිෂන් සභා වාර්තාවෙන් හැලී තිබුණු බව පාර්ලිමේන්තුවේ දී හෙළි විනි. ඒ හැලී තිබුණු වාර්තාවල සත්‍ය පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.  කොමිසම විසින් මේ සියලු සාක්ෂි ලබාගෙන තිබුණේ මාධ්‍ය ඉවත්  කිරීමෙන් අනතුරුවය.

මෙම කරුණු ඉදිරිපත් වන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්වන

හරීන් ප්‍රනාන්දු   මනුෂ නානායක්කාර හා මුජබර් රහුමාන් අතිනි. ඒ පසුගිය දින තුන තුළය.

පාස්කු කොමිසමේ දී සාක්ෂි ලෙස ඉදිරිපත් වූ,    එහෙත් කොමිෂන් වාර්තාවෙන් හලා දැමූ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි පදනම් කරගනිමින් ඔවුහු එම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ.

එම කරුණුවල සාරංශ කළ පෙළ මෙසේය.

  • පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ ඉදිරිපත් වූ එම සාක්ෂි වාර්තාවලට අනුව පාර්ලිමේන්තුවේ දී හෙළි වුණු කරුණු අනුව  ප‍්‍රහාරයට දවස් තුනකට පෙර පාස්කු ප්‍රහාරකයෝ කොටස් දෙකකට බෙදී   ජා ඇල සහ පානදුරේ පිහිටි ආරක්ෂක නිවාස දෙකක සිට ඔවුන් ක්‍රියාත්මක වී සිටියහ. පාස්කු ප්‍රහාරයට සම්බන්ද වුණු අන්තවාදී ත්‍රස්තයන් තොරතුරු හුවමාරු කරගැනීම සඳහා භාවිතා කර තිබුණේ ත්‍රිමා නම් ඇප් එකකි. ඒ හරහා පණිවිඩ හුවමාරු කරගැනීමේ දී  ඔවුහු “බොස්“ කෙනෙක් ගැන කතා කර තිබුණහ. ඔවුන් පවසා තිබුණේ ප‍්‍රහාරය ප‍්‍රමාදවීම පිළිබද “බොස්“ ඉන්නේ අසතුටින් බවය.  මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මෙන්ම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස සිටින මේ බොස්,  කවුරුන්දැයි අනාවරණය කරගැනීම සියලන්ගේම වගකීම බවය.
  • ටාජ් සමුද්‍රා හෝටලයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි ජමීල් නැමැති ත්‍රස්තවාදියා බෝම්බය පුපුරුවා ගන්නේ දෙහිවලදීය.   ප‍්‍රහාරයට කලින් මේ බෝබ්මකරුගේ නිවසට බුද්ධි අංශයේ හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් ගොස් ඇත. ඔවුන් දෙදෙනා එහි ගොස් තිබෙන්නේ ජමීල් නැමැති පුද්ගලයා මේ ප‍්‍රහාරයට සම්බන්ධ බවට බුද්ධි අංශ කල් තබා දන්නා නිසා   බව එවකට සිටි පොලිස්පති පූජිත ජයසුන්දර කියා තිබිණි. මේ බුද්ධි සම්බන්ධය කුමක් ද?
  • මේ වකවානුව වනවට පොලිස් හා හමුදා බුද්ධි අංශ වෙන වෙනම ක්‍රියාත්මක වෙමින් තිබිණි. මේ වකවානුවේ පරිගණකයක අයි.පී. ලිපිනයක් හඳුනාගෙන්‍ ඩිජිටල් වෝහාරික ක්‍රමවේද මගින් හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ශානි අබේසේකර විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට තිබිණි. එහෙත් එය තමන්ගේ මෙහෙයුමක් බව කියමින් එම පුද්ගලයා හමුදා බුද්ධි අංශ විසින් රැගෙන ගොස් ඇති බව හෙළි විය. ඒ මෙහෙයුම කුමක් ද?.
  • කටාර් සිට පැමිණෙන මාතලේ සහරාන් නැමති පුද්ගලයා හමුවීමට බුද්ධි අංශයේ සොනික් සොනික් නමින් හැඳින්වෙන නිලධාරියා ගොස් තිබේ. මේ පුද්ගලයා ගොස් ප‍්‍රහාරයේ වගකීම අයි එස් නායක අල් බග්දාදි භාර නොගන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කර ඇත. පිළිතරු ලැබෙන්නේ දිවුරුම තවම එළියට නොපැමිණි බවය.   එතැන සිට ඉන්දුනීසියාවට දුරකතන ඇමතුමක් යන බවත්, දැන් ඒ    වීඩියෝව එළියට දාන්නම් ලෙස පැවසූ අනතුරුව අල් බග්දාදි ලංකාවේ ප‍්‍රහාරයේ වගකීම භාරගත් බවත් හෙළිවන්නේය.  මේ සොනික් සොනික් කවුද?
  • සාරා නැමති කාන්තාව ගැන පැහැදිලි කිරීමක් නැත. පාස්කු ප‍්‍රහාරයෙන් පසුව ත‍්‍රස්තවාදින් කාත්තන්කුඩි නිවසේදී පුපුරවාගැනීමක් කළ අවස්ථාවේදී දහ නම දෙනෙක් ඒ නිවසේ සිට තිබේ. එයින් දහසය දෙනෙක් මිය ගොස් තිබේ. ඒ අය අතර සාරාගේ සිරුර නැත. අර්ජුන් මහින්කන්ද පොලිස් නිලධාරියා පාස්කු කොමිසමට සාක්ෂි ලබාදෙමින් කියා තිබෙන්නේ සාරා නැමති කාන්තාව මුහුදෙන් ඉන්දියාවට ගොස් තිබෙන බවය. ඒ සදහා සාක්ෂි ඉදිරිපත් කිරිමට හැකි බවය. කොමිසමට එසේ සාක්ෂි දී තිබිය දී සරත් විරසේකර ඇමැතිවරයා සාරා ගැන තොරතුරු නැති බව පවසයි. සාරට පැණ යෑමට උදව් කළ පොලිස් නිලධාරියා මේ වනවිට පොලිස් අත්අංඩගුවේ හිඳී. එසේ තිබිය දී විෂය භාර ඇමතිවරයා මේ විදියට සාරා ගැන තොරතුරු වසන් කරන්නේ ඇයි?
  • පාස්කු කොමිසමේ වාර්තාව නීතිපතිවරයාට ලබා දී ඇති අවස්ථාවක බුද්ධි අංශයට නායකත්වය ලබාදෙන යම් පුද්ගලයෙක් කරුණු  සාකච්ඡා කරන අවස්ථාවලදී ඊට සහභාගී වන්නේ ඇයි?. සොනික් සොනික් ඔහු ද?.
  • පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස ආණ්ඩුව හඳුන්වන නවුෆර් මවුලවි හා පාස්කු ප්‍රහාරක සහරාන් සමග එක්ව අන්තවාදය පැතිරවූ නවුෂාඩ් මවුලවි නැමැති ආගමික අන්තවාදියා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් බව හෙළි වී තිබේ. මේ බුද්ධි සාමාජිකයා සිදුකළේ මොනවාද?.
  • වර්ෂ 2019 අප්‍රේල් මස 21 දා මේ පුද්ගලයා හමුදා බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන අංශය වෙත භාර දී තිබිණි.  ඔහු 2017 දි    පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුන්වන නවුෆර් මවුලවි හා සහරාන් හමුවී ඔවුන් සමග අන්තවාදී දේශන පවත්වා තිබුණු බව හෙළි වී යැයි ත්‍රස්ත විමර්ශන අංශය විසින් 2019 10. 14.   උසාවියට ඉදිරිපත් කළ බී වාර්තාවල සඳහන්ව තිබිණි.     උසාවියෙන් නියෝග කරන්නේ  මොහු අන්තවාදී අදහස් පල කරන භයානක පුද්ගලයෙක්  නිසා තනිව සිරගත කරන ලෙසය.   මේ තැනැත්තා 2020 .7. 10 දා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කරමින් තමන් හමුදා බුද්ධි අංශ සමාජිකයෙක් ලෙස පිළිගනී. ඔහු කළ බුද්ධි කටයුත්ත කුමක් ද?
  • මේ රජය බලයට පත් වූ පසු  2020.09.18 දින   නීතිපති වරයා බී15757/19 ලේඛනය මගින්     ත්‍රස්ත විමර්ශන අංශයට දන්වා ඇත්තේ මේ පුද්ගලයා සම්බන්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවය. ඔහුව නිදහස් කර නවුෆර් මවුලවි මහ මොළකරු කරන්නේ සිද්ධිය වසා දැමීමට ද?
  • පාස්කු කොමිසම සහරාන්ගේ බිරියගේ සාක්ෂිය ලබාගත්තේ මාධ්‍යවේදීන් ඉවත් කරමිනි. මේ සාක්ෂියේ තිබුණේ කුමක් දැයි හෙළි නොකරන්නේ ඇයි?

කරුණු ලෙස පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ සිදුවීම් සම්බන්ධව වටහාගත නොහැකි යමක් සිදුවෙමින් තිබේ. මේ හෙළිදරව්ව මුලින්ම සිදුකළ හරීන් ප්‍රනාන්දු මේ වනවිට හදිසියේ රෝගාතුර බව කියමින් පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමිනි.

හිටපු නීතිය හා සාමය භාර ඇමති චමල් රාජපක්ෂ ආණඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති නිර්දෝෂී රියාජ් බදියුදීන් අද අළුයම යළිත් අත් අඩංගුවේය. ඒ සමග රිෂාඩ් බදියුදීන් ද කූඩුවේය.

කාදිනල් හිමිපාණෝ පෙර තරම් ජවයකින් විරෝධතාවය නොදක්වති. ඤාණසාර හිමියෝ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කතා කළ පුද්ගලයින් පුනරුත්ථාපනයට යෝජනා කරති.

බොහෝ දේ කියන්නට නැත. මේ නිරුවත මේ තරම් අජූව බව අප විශ්වාස කළේ නැත.

අපට කියන්නට ඇත්තේ අප තිගැස්සී ඇති බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 කොවිඩ් පාලන ඇමතිනි වෛද්‍ය සුදර්ශීනීට දේශපාලනයත් එපාවෙයි 

Next Post

අපේ අයට එන්නත් දෙන වැඩපිළිවෙළ මෙන්න…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.