නිල ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කරන තෙක් නිවෙස්වලට ගොස් සන්සුන්ව සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු රටවැසියන්ට දැනුම් දෙයි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.ඒල්.එම්.එන් රත්නායක පවසන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵල කීපයක් අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරීමට හැකිවන බවය.
“අද ඡන්ද විමසීම ඉතාම සාමකාමීව අවසන් වුනා. තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15 – 4.30 වෙනකොට ආරම්භ කළා. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයයි ඡන්ද ගණන් කර නිල ප්‍රතිඵල නිකුත් කරන තුරු ඉවසීමෙන් නිවෙස්වලට වෙලා ඉන්න එක.”
“ඒ වගේම මහා මාර්ගවල රංචු ගැසෙන්නේ නැතිව, කණ්ඩායම් ලෙස හැසිරෙන්නේ නැතිව නිවෙස්වලට වෙලා ඉන්න .
කිසිම සැක සංකාවක් ඇති කරගන්න එපා. මැතිවරණ කොමිෂන් සභාව නියම වශයෙන් ඡන්ද ගණන් කිරීම අවසන් කරලා නියම ප්රතිඵළය ඔබට ලබා දෙනවා.







