පුද්ගලික අංශය සමග රාජ්‍ය මැදිහත්වීම් සමග කරනු ලබන ව්‍යාපාරවලට, විදුලි සහ ඉන්ධන මිල සූත්‍රවලට ජාතික ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විරුද්ධ නොවුනා නම් රට ගොඩ යන්නේ මීට දශක ගණනකට පෙර බව ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
අද අයවැය කථාවෙන් පසු මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ඒ වකවානුවේ විරුද්ධ වූ ආර්ථික උපායමාර්ග දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් වගේ වගක් නැතිව යෝජනා කරමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය.
අවුරුදු හැත්තෑ පහක් තිස්සේ රට විනාශ කළා නම් ඒ හිටපු කට්ටිය දෙයියනේ මේක එහෙනම් වෙනස් වෙන්න එපැයි. මම මේක වැරදියි කියන්නේ නෑ හොඳේ… මම කියන්නේ ඕක එහෙමනම් වටහා ගන්න තිබ්බේ දශක ගානකට කලින්.
දැන් කියනවා නම් හෝල්ඩින් කම්පැනි එකක් හදනවා කියලා ස්ටේට් ඕන් එන්ටප්රයිසර්ස්වලට… මෙච්චර කල් කරන්න ගියාම ඕකටනේ දෙයියනේ විරුද්ධ වුනේ.
දැන් පෙට්‍රල් සමීකරණයට එකඟනම්, ඉලෙක්ට්‍රිසිටි ටෙරිෆ් සමීකරණයට එකඟ නම් ඇයි ඕකට විරුද්ධ වුනේ. ඒ ගොල්ල මෙච්චරකල් මොනවට ද සටන් කළේ. ඕක කලින්ම කිව්වා නම් මේ අවුල් පැන නග්නේ නෑ. මීට කලින් එහෙමනම් රට සාර්ථකව ඉස්සරහට ගිහිල්ලා.







