බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අපි කරන දේ හෙට ජනාධිපතිවරයාගේ  රැස්වීමෙදි තීරණය වෙයි… මෛත්‍රී විමල්ට සහ උදයට කියයි!

by editor
මාර්තු 7, 2022
in දේශපාලන, පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ තව දුරටත් රැඳී සිටිනවා ද නැද්ද යන්න හෙට (08) ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවෙන් අනතුරුව තීන්දු කරන බව  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කණ්ඩායම වෙත දන්වා ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා මේ බව දන්වා   ඇත්තේ    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  හමුවීම ගැනත්, ඉදිරි ‍    දේශපාලන ක්‍රියාමාර්ග ගැනත් සාකච්ඡා කිරීමට පෙරේදා (05) රාත්‍රියේ   විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල   සමග පැවති විශේෂ සාකච්ඡාවේ දී ය.

එහිදී  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසා ඇත්තේ ජනාධිපති  ගෝඨාභය රාජජපක්ෂ  සමග පැවැත්වෙන  සාකච්ඡාවේ දී මීට  පෙර ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී සකස් කළ යෝජනාවලියත්,  ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස මෑතකදී එලි දක්වන ලද යෝජනාවලියත්  ඉදිරිපත් කිරීමට සූදානම් බවය.

සාකච්ඡාව අතරතුර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල  යළි යළිත්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටීම කිසිම ඵලදායී ක්‍රියාවක් නොවන බැවින් ඉන් ඉවත්ව නව දේශපාලන සන්ධානයට එක්වන ලෙසය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එහිදී  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මේ හදාගත් බලවේගය සමග එකට කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදුවන නමුත් ආණ්ඩුවෙන් ඉවත් වීම සිදුවිය යුත්තේ පක්ෂයත් ආරක්ෂා කරගෙන බවය.

පක්ෂ සංවිධායකයන් බහුතරයක් කලක සිට පෙන්වා දෙන්නේ  ග්‍රාමීය දේශපාලන නායකත්වයේ සිට පාර්ලිමේන්තු නියෝජනය දක්වා සියලුම  ශ්‍රී.ල.නි.ප දේශපාලකයන්ට සංවර්ධන කටයුතු සඳහා  ප්‍රතිපාදන වෙන් නොකිරීම, වැඩ කිරීමට ඇති මං පෙත් අහුරා දැමීම වැනි කටයුතු හේතුවෙන් ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටීම ප්‍රයෝජනයක් නොමැති බව යැයි කී හිටපු ජනපතිවරයා, එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ තවත් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී යෑම තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටින බව පවසා  තිබේ.

තව දුරටත් ආණ්ඩුව සමග රැඳෙන්නට සිදුවී ඇත්තේ පක්ෂය දෙකඩ වීම වළක්වා ගැනීමට අවශ්‍ය නිසා බව ඔහු පැහැදිලි කර දී ඇත.

කෙසේ වෙතත් සියල්ල තීන්දු වන්නේ ජනාධිපතිවරයාගෙන් ලැබන ප්‍රතිචාර මත බව ද ශ්‍රී.ල.නි.ප නායකයා පවසා තිබේ.

මේ අතර වාසුදේව නානායක්කාර ඇමතිවරයා පැවසුවේ  ආණ්ඩුවෙන් ඉවත් වූ දේශපාලන පක්ෂ නව සන්ධානයක් ගොඩනගන්නේ සමගි ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ජාතික ජනබලවේගය වැනි  සංවිධාන සමග එකතු වීමට නොව,  කළකිරීම නිසා ආණ්ඩුවෙන් ගිලිහී යන ඡන්ද දායකයන් එම කඳවුරු දෙකට එක් නොකර තමන් වෙත ගොනු කර ගැනීම සඳහා වූ නවාතැනක් ලෙස බවය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාසෙකට ඩොලර් කෝටි 2ක මාළු කොල්ල කන ඉන්දීය ධීවරයන් ගැන උතුරේ ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමතිට ලියයි…

Next Post

තුමුල බලැති පින්සාර ගිජිඳු දැයෙන් සමු ගනිති!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.