අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අප නොදන්න කොල රත්තරන්…. හැම වාරයකම ගස් යට කුණුවෙන  පෝෂණ නිධානයක කතාව…

by editor
සැප්තැම්බර් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා

පහළ  තියෙන්නේ ලෝකයේ විශාලම අලිගැටපේර වර්ගය. Long neck avocardo කියලයි කියන්නේ. කිලෝ ග්රෑම් එකක් විතර බරයි. අඟල් 13ක් විතර දිගයි. මේක ජාන වෙනස් කළ හෝ දෙමුහුන් වර්ගයක් නෙවෙයි. කැරිබියානු දූපත් රටවල්වල සහ ඇමරිකාවේ ෆ්ලොරීඩාවල වගා කරනවා.

මේ වගේ අසාමාන්‍ය විශාල අලිගැටපේර වර්ග කිහිපයක්ම ෆ්ලොරිඩාවල තියෙනවා. දිගැටි හැඩයක් නොමැති රවුම් වට්ටක්කා ගෙඩියක හැඩය තියෙන ඒ වගේ තවත් විශාල වර්ගයක් තමයි Pumpkin avocardo කියල කියන්නේ. තව වර්ගයක් තියෙනවා Monroe කියල. පලතුරක් ලෙස වැඩිම ඉල්ලුමක් තියෙන අලිගැටපේර ප්‍රභේදය වන්නේ  Hass යනුවෙන් හඳුන්වනු ලබන දමිපාට පිට පොත්ත තිබෙන වර්ගයටයි. අර කිවුව විශාල වර්ගවලටත් හොද ඉල්ලුමක් තිබෙනවා. පලතුරක් ලෙස අපනයනය කිරීම සඳහා ලොව බොහෝ රටවල් වැඩි ඉල්ලුමක් තිබෙන ප්‍රභේද  වර්ග වගා කරනවා.

වාසනාවකට මේ හැම වර්ගයක්ම වගේ සුලභව නැතත් ශ්‍රී ලංකාවේදිත් දැක ගන්නට තියෙනවා. ඒවා කිසිවකුගේ අවධානයට ලක්වෙලා නෑ. බොහෝ දෙනෙක් ඒවා මේ නම්වලින් හඳුනාගෙනත් නෑ. මේ ලියුම්කරු ඔය පිංතූරවල තියෙන Long neck avocardo සහ Pumking avocardo කියන ජාති දෙකම ලංකාවේදී දැකල කාල බලල තියෙනවා. රසයෙන් ඉතා විශිෂ්ටයි.  ක්‍රීම් ගතිය බටර් ගතිය වැඩියි.

අලිගැට පේරවලට අගය එකතු කළ පසු..

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

අලිගැටපේර (Persea americana) කියන්නේ ලෝකයේ ඉහළ ඉල්ලුමක් තියෙන, බොහොම ජනප්රිය, ඉතා පෝෂණීය වගේම ඖෂධීය ගුණ කන්දරාවක් තියෙන පලතුරක්.  අලිගැට පේරවලින් අගය එකතු කරපු කෑම වර්ග සහ රූපලාවන්‍ය නිෂ්පාදන ගොඩක් හදනවා. අලිගැටපේර බටර්, අලිගැටපේර තෙල්, කේක්, බිස්කට්, අයිස්ක්‍රීම්, වයින්, ජින්… තව කෑම ජාති හදන රෙසිපි ගොඩයි.

ලෝකයේ ඇතැම් රටවල් වැඩක් විදියට දාගෙන මහජනතාව අතර අලිගැටපේර ප්‍රවර්ධනය කරනවා. අමරිකාවෙ  ”ජාතික අලිගැටපේර දිනය” ( – ජූලි 31) කියල එකකුත් සමරනවා. අලිගැට පේර කෙලින්ම පලතුරක් ලෙසත් අලිගැටපේරවලින් නිෂ්පාදනය කරනු ලබන අගය එකතු කළ විවිධ ආහාරමය නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ලෝකය පුරා ඉතා ඉහළ ඉල්ලුමක් සහ දිනෙන් දින ඉහළ යන වෙළදපොල වටිනාකමක් තිබෙනවා.

නිශ්පාදනය දෙගුණ වෙලා…

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මෑත දත්ත වලට අනුව 2019 දී ලොව නිෂ්පාදනය කරන ලද අලිගැටපේර ප්‍රමාණය 2010 වසරට සාපේක්ෂව දෙගුණයක් වී තිබෙනවා (ටොන් 3.778.010) . 2018 අවුරුද්දේ අලිගැටපේරවල ගෝලීය දළ නිෂ්පාදනයේ වෙළදපොල වටිනාකම ඇමරිකන් ඩොලර් (USD) බිලියන 5.812 ක් පමණ වී තිබෙනවා. අලිගැටපේර සාරයේ සහ තෙල්වල පවතින චිකිත්සක ගුණ නිසා රූපලාවණ්‍ය කර්මාන්තයේ දී භාවිතා වන අතර එය අලිගැටපේර කර්මාන්තයේ ආර්ථික වටිනාකම තව තවත් ඉහළ නංවනවා.

ගෝලීය වෙළඳපොලේ පවතින මෙකී දැවැන්ත ඉල්ලුම සහ අලිගැටපේර වගාව සහ නිෂ්පාදනය ලාභදායී ව්‍යාපාරයක් නිසාත් අලිගැට පේරවලට ‘කොළ රත්රන්‘ (Green gold ) කියලත් කියනවා. අලිගැට පේර වගාව සහ ඒවායින් කෙරෙන නිෂ්පාදන පුලුල් කිරීමෙන් ග්‍රාමීය ආර්ථිකය නංවාලීමට විශාල හැකියාවක් තිබෙන බවට ලෝකය පුරා කෘෂි ආර්ථික විද්යාඥයින් අවධාරණය කරනවා.

අලිගැටපේරවල අසමසම පෝෂණ ගුණ.

සොබාදහම ඇතැම් විට හරි අපූරු නිර්මාණ බිහි කරනවා. අහම්බයකින් වුනත්, ඇතැම් එළවළු පලතුරු වර්ගවලට අපගේ ශරීර ඉන්ද්රියයන්ගේ ස්වරූපය ලබා දී තිබෙන බව පෙනී යයි. පැසුණු අලිගැටපේර ගෙඩියක බාහිර ස්වරූපය කාන්තාවකගේ ඩිම්බ කෝෂයක හැඩය ගන්නවා. එමෙන්ම අලි ගැටපේර ගෙඩියක් දික් අතට කැපුවාම පෙනෙන්නේ හරියට ගර්බනී මවකගේ ගර්භාෂයක් වගේ. අලිගැටපේර ගෙඩියේ ඇටය ගර්භාෂයේ වැඩෙන කලලය වගෙයි. අලිගැටපේර වනාහි ගැබිණි මවකට සහ කළලයේ වර්ධනයට අවැසි අත්‍යාවශ්‍ය පෝෂ්ය පදාර්ථවලින් මෙන්ම ඖෂධීය ගුණ රාශියකට හේතු වන ශාක රසායනිකයන්ගෙන් පොහොසත්  කෑමක්.

අලිගැට පේරවල ”ඇල්ෆා-ලිනොලනික්  (Alpha-linolenic acid), යනුවෙන් හඳුන්වනු ලබන ඔමේගා 3 මේද අම්ල ඉතා ඉහළ ප්‍රමාණයක් අඩංගුයි. අලිගැටපේරවල තිබෙන හිතකර මේද අම්ල ( මොනො සැචුරේටඩ් ) ප්‍රමාණය  අලිගැට පේර ගෙඩියක ඇති කැලරි ප්‍රමාණයෙන් හතරෙන් තුන් පංගුවක්. මොනොසැචුරේටඩ් මේද කොලෙස්ටරෝල් අඩු කිරීමට සහ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ද උපකාරී වෙනවා.  මෙවැනි හිතකර මේද අම්ල නිසියාකරයෙන් ගැබිණි මවකට නොලැබුණොත් විශේෂයෙන් කළලයේ මොළය වර්ධනයට අහිතකර ලෙස බලපානු ලබනවා.

ගැබිනි මවක් අත්‍යවශ්‍ය  ඔමේගා තුන මේද අම්ල යහමින් නොගත්තොත්, දරු ප්‍රසූතියෙන් පසුව ඇති වන මොළය ආශ්‍රිත සංකූලතාවලටද  හේතුවක් වන්නට පිළිවන්. මෙවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගන්නටනම් ගර්භනී මවක් ශරීරයට අහිතකර නොවන අලි ගැටපේර වැනි ඔමේගා තුන මේද අම්ල සුලභ ආහාර අනුභව කිරීම බෙහෙවින්ම වටිනවාත

අලිගැටපේර   සිරුරට අහිතකර නොවන අන්දමට ශක්තිය ලබා ගන්නට ද හිතකර ආහාරයක්. අලිගැට පේර ග්‍රෑම් සියයකින් ශක්තිය කිලෝ කැලරි 160 ක් ලබා ගන්නට පිළිවන්. එමෙන්ම මෙහි බොහෝ පලතුරුවල බහුලව හමු නොවන ප්‍රෝටීන් ද තිබෙනවා. මෙය ආහාරමය තන්තු බහුල ආහාරයක් වන බැවින් ආහාර ජීර්ණ පද්ධතියේ නීරෝගී භාවයට මෙන්ම මළ බද්ධයෙන් වැළකී සිටින්නට ද හොඳ පළතුරක්.

අලි ගැට පේර  මේ ලොව තිබෙන පලතුරු අතරින් විටමින් ඊ. කේ. ඒ. සී. සහ බී. විටමින්වලින් ඉතාමත් පොහොසත් පලතුරක්. එමෙන්ම සින්ක්, පොටෑසියම්, මැංගනීස් සහ යකඩ යන අත්යවශ්ය ඛණිජ ලවන වර්ග රාශියකින් ද පොහොසත් පලතුරක්.

දුර්ලභ ඔසු ගුණ.

බීටා සිටොස්ටිරෝල් (Beta-sitosterol) නැමති දුලභ ශාක රසායනිකය මෙහි සුලභව හමුවීම ද අලිගැටපේර සතු තවත් ඉතාමත් වැදගත් ගුණාංගයක්. මෙය සිරුරේ අහිතකර කොලස්ටරෝල් මට්ටම පහත දැමීමටත් හිතකර කොලස්ටරෝල් මට්ටම ඉහළ දමන්නටත් හේතුවිය හැකි බවට පර්යේෂකයින්  අවධාරණය කරනවා. මෙයට අමතරව බීටා සිටොස්ටිරෝල් ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩි දියුණු කරන්නටත්, ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නන්වන්නටත්, මහාන්ත්‍ර පිළිකා සමනය කරන්නටත්, හන්දිපත් අමාරුව සහ ගර්භාෂ සංකූලතා සමනය කරන්නටත්, ඉන්ෆ්ලුවෙන්සා සහ වෛරස් රෝග, ඇදුම, ආතරයිටිස්, ශ්වසන ආබාධ, ආර්ථවහරණ සංකූලතා සමනය කරන්නටත් ඉවහල් විය හැකි වටිනා ඖෂධීය ගුණ සහිත ශාක රසායනිකයක් බවට විද්යාඥයින් පෙන්වා දී තිබෙනවා.

මෙකී නොකී ගුණ රාශියක් නිසාවෙන්, අලිගැට පේර   විශේෂයෙන් ගර්භණී සහ කිරි දෙන මවුවරු මෙන්ම බාල මහලු හැම දෙනෙකුම නිතර ආහාරයට ගත යුතු මාහැඟි පලතුරක් බව තහවුරු වෙනවා.

අපේ රටේ මේ දවස්වල අලිගැටපේර වාරේ. මෙදා ඉන්ධන සහ ප්‍රවාහන වියදම් වැඩි හින්දා මිලත් ටිකක් වැඩියි.   කොහොම උනත් අලිගැටපේරවල ආහාරමය, ඖෂධීය  සහ ආර්ථිකමය වටිනාකම් අපි ලොකුවට අරගෙන නෑ කියලනම් කියන්නම වෙනවා.

අලිගැටපේර මේ දවස්වල ඇතැමි ප්රදේශවල ගස් යට  නාස්තිවෙලා යන ආකාරය දකින්නට පිලිවන්. කොල්ලො කෙල්ලො නොකන කොල රත්තරං ගස් යට බල්ලන් කනවා දැක ගන්නටත් පුලුවන්. පෝෂණීය ආහාර හිඟ සහ ඩොලර් නැති මේ කාලේ අලිගැටපේරවලින් මීට වඩා ඵල ප්රයෝජනයක් ගත්තොත් හොඳයි කියලනම් කියන්නම වෙනවා.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනගාරික ධර්මපාල ලිබරල්වාදී ද?

Next Post

දසුන්ලා වගේ වෙමු… ජනපති යෝජනා කරයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.