බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනේ නොදකිං –  වන්ෂොට් ලා ගේ ක්‍රිකට් වෙදකං…

by editor
නොවැම්බර් 18, 2023
in පුවත්
SLC
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා  ක්‍රිකට් ක්‍රීඩකයන්  විනාශ කරන ක්‍රීඩා වෛද්‍ය කමිටුව සම්බන්ධව බරපතල චෝදනාවක් කෝප් කමිටුවේ මතු වන්නේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතිශය සංවේදී නිලයන් ස්ඵර්ෂ කරන්නේ  මොනතරම් මුග්ධ ආකාරයට ද යන්න අපට කීවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ  වන් ෂොට් කතාවය.

කෝප් කමිටුව හෙළිදරව් කළ අකාරයේ  වන් ෂොට් ලා මීට පෙරත් ශ්‍රී ලංකා ක්‍රිකට්වල සිටියේය. ලෝකයෙන් කොවිඩ් තුරන් කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගන්නට ගොස් කොවිඩ් වැළඳී නවලෝක රෝහලේ දී මිය ගිය එලියන්ත වයිට් එවැන්නෙකි. ඔහුගේ ප්‍රතිකාර ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුට ක්‍රීඩාව නිමා කරන්නට පාර කීවේය.  අවසානයේ දී උපුල් තරංග තහනම් උත්තේජක භාවිතයට වරදකරු කළේය.

ඒ වන් ෂොට් සහ දයාරිසි ජයසේකර කී වන්ෂොට්ලා අතර බොහෝ වෙනස්කම් තිබේ. මක්නිසාද යත් දයාසිරි පැවසූ වන්ෂොට්ලා එලියන්ත වයිට් වැනි ගොබ්බයන් නොවන වෘත්තීය පරිචයක් සහිත, තමන් කරන අමනකමේ ගැඹුර හොදින් දන්නා පිරිසක් වීමය.

වෛද්‍ය කමිටුව

ශ්‍රී ලංකා ක්‍රිකට්වල නිල වෛද්‍ය සැපයුම්කරුවා උපසභාපති ජයන්ත ධර්මදාසගේ නවලෝක රෝහලය. නවලෝක රෝහලේ රක්තවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා හරිඳු විජේසිංහය.  නවලෝක මුදලාලිගේ ඥාති පුත්‍රයාය. හරිඳු විජේසිංහ රාජකීය විද්‍යාලයේ 2000 -2001 ක්‍රීඩා වර්ෂයේ රගර් කණ්ඩායමේ නායකයා ය. දක්ෂ ක්‍රීඩකයෙකි. විශේෂඥ වෛද්‍ය වරයෙකි. විෂය රක්තවේදය ය. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ අතුරු සුදුසුකමක් ඇත.ඔහු  ක්‍රීඩා වෛද්‍ය කමිටුවේ සාමාජිකයෙකි. අනෙක් වෛද්‍යවරයාටත් ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධව විශේෂඥතාවයක් නැත.

මේ කමිටුවේ සිටිනා  ලංකාව දන්නා ප්‍රධානම වෛද්‍යවරයා මහාචාර්ය අර්ජුන් සිල්වාය. සෑහෙන කාලයක් තිස්සේ ක්‍රීඩා වෛද්‍ය කමිටුව නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය රාගම වෛද්‍ය පීඨයේ  මහාචාර්ය අර්ජුන් ද සිල්වාය. ඔහු විශේෂඥ කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඇත්ත නම් ඈෂ්ලි ද සිල්වා කෝප් කමිටුවට කී ආකාරයට     ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ක්‍රීඩාව ඉල්ලා සිටින ආකාරයේ  විශේෂඥතාවයක් මේ වෛද්‍ය කමිටුවේ එක් වෛද්‍යවරයෙකුටවත් නැත.  තීන්දු ගැනීම පිළිබඳ යම් වෘත්තීමය භාවයක් ඇත්තේ විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහට පමණි.

ලෝකය ඉන්න තැන

ලෝකයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යනු වෛද්‍ය විද්‍යාවේ අතිශය දියුණු තාක්ෂණික විෂයකි.  යම් ආබාධයකට ලක් වූ ක්‍රීඩකයෙකු වෛද්‍ය විද්‍යාත්මකව කළමනාකරණය  කර යළි ස්ථාවර කිරීම සඳහා විද්‍යාත්මක තින්දු ගැනීම ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයෙකුගේ නිශ්ඡිත කාර්යය ය.

ක්‍රීඩා වෛද්‍ය කමිටුවකින් සිදුවන්නේ බහු තාක්ෂණික කළමනාකරණයකි. ක්‍රිඩා වෛද්‍ය විශේෂඥවරයෙක් පමණක් නොව   ක්‍රීඩා චිකිත්සාව පිළිබඳ විවිධ අංශ ආවරණය වන  ප්‍රමාණිකයන්ගේ එකමුතුවක අග්‍ර ඵලය ලෙස ක්‍රිකට් වැනි අන්තර්ජාතික තලයේ ක්‍රීඩාවක් පැවතිය යුතුය.  එසේ නොවන විට යම්තම් විෂය පිළිබඳ අතපත ගෑ පුද්ගලයෙක් ඔහුගේ තනි තීන්දුව මත ක්‍රියා කිරීමට පෙළඹේ. තමන්ගේ ස්ථානය ආරක්ෂා කරගැනීම සඳහා විෂය ගැන ගැඹුරක් නොදත් සාමාජිකයෝ නිහඬ වෙති. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයාගේ සමහර අත්තනෝමතික හැසිරීම් මේ තත්ත්වයෙන් මතුවූවකි. වනිඳු හසරංගගේ අබාධය පුනරුත්ථාපනය කර යථාවත් වී සිටිය දී සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථයෙහි දුවන්නට සැලැස්වීමය. අවසානයේ මේ තනි තීන්දුව නිසා සිදුවන්නේ පළමු මට්ටමේ තිබුණු වනිඳුගේ ආබාධය තුන්වැනි මට්ටම තෙක් බරපත වීමය. හිටපු ක්‍රීඩා ඇමතිවරයා කී ලෙස බිනර ප්‍රනාන්දුගේ කොන්දේ ආබාධයකට වසර 07ක් තිස්සේ පාදයට බෙහෙත් කළ ක්‍රීඩා වෛද්‍ය කමිටුවක් ගමේ හරකුන්ට බේත් කරන කුර වෙද්දුන්ගෙනුත් හදා ගත හැකිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවුන කවුරුත් කතා නොකළ ඛේදවාචකය එයය. මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කාරණා තිබේ.

ක්‍රිකට් ආයතනයේ ප්‍රමුඛතාව

ලෝකය තාක්ෂණය අත්පත් කරගන්නා තරම් වේගයෙන් ඒ තැන්වලට යනවාට වඩා ක්‍රිකට් බිස්නස් කාරයින්ට   ඇති ප්‍රමුඛතා වෙනස් බව පසුගිය වකවානුව පුරාම රටට  පෙනුනේය. කුසලා සරෝජනී කමිටු වාර්තාවෙන් මෙන්ම විගණන කොමිසමේ වාර්තාවෙන් ද ඒ  ප්‍රමුඛතා  හෙළි වුනේය.

අනෙක් අතට  ලංකාව තුළ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ පරිචයක් සහිත ක්‍රීඩා වෛද්‍යවරු තවමත් නැත.  ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව විශේෂ කොට හැදෑරූ  වෛද්‍යවරු හය දෙනා දැන් විදේශ පුහුණුවේය. ඔවුන් සුදුසුකම් සපුරාගෙන පැමිණියත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සම්බන්ධ වීම මේ තියන ව්‍යාපාර ජාල හමුවේ පහසු එකක් නොවේ.

තත්ත්වය මේක නම් හෙට අනිද්දාට රටේ ක්‍රිකට් ගහන්නට එකෙක් නැතිවන ලකුණු පෙනෙමින් තිබේ. ක්‍රිකට් බැලිල්ල පසෙක තබා ඔබටත් මටත් ක්‍රිකට් ගහන්නට යන තැනට මුන් වැඩ නොකරනු ඇතැයි විශ්වාසයක් නැත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියා – ඔස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් මහා තරගය ගැන පෙරවදනක්!

Next Post

නව සෞඛ්‍ය ලේකම් ලෝකය පිළිගත් විද්වතෙක් වූ පාලිත මහිපාල….

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.