සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනාවැකියක් වරදින්න පුලුවන්… අප උත්සාහ කරන්නේ වැරදි වීම අවම කරගැනීමටයි…

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ මාලික විමලසූරිය ලෝක කාලගුණ විද්‍යා දිනය දා කරන සංවාදය...

by editor
මාර්තු 23, 2022
in පුවත්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ මාලික විමලසූරිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂ මාලික විමලසූරිය.

Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

ලෝක කාලගුණ විද්‍යා දිනය අදට (මාර්තු 23) යෙදී තිබේ. ඒ නිමිති කොට ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ට සම්බන්ධ රටවල් 187 ක කාලගුණ විද්‍යා ආයතන විසින් මෙම දිනය සමරනු ලැබේ.
වහිනවා කිව්වොත් නොවසින, පායනවා කිව්වොත් නොපායන බවට මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබූ අවිශ්වාසය මේ වනවිට යම් තරමකට දුරු වෙමින් පවතින යුගයක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ ව එහි අධ්‍යක්ෂ මාලික විමලසූරිය සමඟ කළ කතාබහ මෙසේ ය.

  • ලෝක කාලගුණ විද්‍යා දිනයේ විශේෂත්වය කුමක් ද…?

“සියලුම සාමාජික රටවල් එක් කාලීන තේමාවක් පදනම් කරගනිමින් වාර්ෂික ව ලෝක කාලගුණ විද්‍යා දිනය සමරනු ලබනවා. මෙවර ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් සම්මත කරගෙන ඇති කාලීන තේමාව වන්නේ “පූර්ව අනතුරු ඇඟවීම් සහ පූර්ව ක්‍රියාකාරිත්වය” යි.”

  • පූර්ව අනතුරු ඇඟවීම් කියන්නේ කුමක් ද…?

“ආපදාවක් හෝ ව්‍යසනයක් අභියස සිටින විට එවැනි අනතුරක් ඇති බව කල්වේලා ඇතිව දැනුම් දීම යි. පූර්ව ක්‍රියාකාරිත්වය මගින් බලාපොරොත්තු වන්නේ එවැනි අනතුරක් අබියස සිටින විට ජනතාව පෞද්ගලිකව ද සමාජයක් ලෙස පොදුවේ ද රජයක වගකීමක් ලෙසද අවදානම අප වෙත ළඟාවීමට පෙර කළයුතු ක්‍රියාකාරකම් මාලාව යි.

සුනාමි හැරුණු විට අපේ රටේ ඇතිවන බොහෝ ස්වභාවික ආපදාවන් කාලගුණය හා බැඳුණු ඒවා යි. ඒවා පිළිබඳ ව පළමු දැනුම්වත්වීම වෙත ජනතාව ළඟා කර වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව යි. නමුත් නායයෑම් හෝ මඩ ගැලීම් සම්බන්ධයෙන් වගකීම් දරන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යි. ගංවතුර සම්බන්ධ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වෙනවා. එමෙන් ම වතුර බැස යාමේ දුර්වලතා නිසා නාගරික ව ඇතිවන ක්ෂණික ජලගැලීම සම්බන්ධ වැඩි වගකීමක් පහත්බිම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වෙනවා. පූර්ව අනතුරු ඇඟවීම් ජනතාව වෙත ගෙන යෑමට සහ මාර්ගෝපදේශ සැපයීමට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරතුරුව ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදෙනවා.

ගංවතුර, නායයෑම්, තද සුළං හෝ සුළි කුණාටු වැනි ආපදා නිසා ජීවිත සහ දේපළ හානිවීමේ අවදානමක් ඇතත්, පූර්ව අනතුරු ඇඟවීම ලද විගස යොමුවන පූර්ව ක්‍රියාකාරිත්වය මගින් අපදාව හෝ ව්‍යසනය නිසා ඇති වන හානිය අවම කරගත හැකියි.
පූර්ව අනතුරු ඇඟවීමට සහ පූර්ව ක්‍රියාකාරීත්වය සඳහා වැය කරන මූල්‍ය ප්‍රතිපාදන හා සංසන්දනය කරන විට එමගින් රැකගත හැකි ජීවිත හා දේපළවල වටිනාකම අති විශාලයි.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • නවීන තාක්ෂණය කාලගුණ අනාවැකිකරණය සඳහා යොදා ගැනීම මේ වනවිට කුමන මට්ටමක පවතින්නේ ද…?

“තාක්ෂණයෙන් ඉදිරියට යන ලෝකයත් සමග අපත් යම් ප්‍රමාණයක් ඉදිරියට ගොස් තිබෙනවා. ජපන් ජයිකා ආධාර සමග ඩොප්ලර් තාක්ෂණය සහිත කාලගුණ විද්‍යා නිරීක්ෂණ පද්ධති දෙකක් පුත්තලම සහ පොතුවිල් පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා. ලෝක බැංකු ආධාර යටතේ දෙපාර්තුමේන්තුව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය හරහා ද නව තාක්ෂණික දැනුම සහ නව තාක්ෂණික උපකරණ ලැබීමට නියමිත ව තිබෙනවා. කෝවිඩ් වසංගත තත්ත්වය යටතේ මෙම ව්‍යාපෘතිවල යම් ප්‍රමාදයක් තිබුණත් ඉදිරියේ දී ඒවා සාර්ථක ව නිම කරගත හැකි බවට අප විශ්වාස කරනවා. නව තාක්ෂණය සහ උපකරණ මගින් කාලගුණ අනාවැකි පළ කිරීමේ විද්‍යාත්මක ක්‍රියාවලිය කෙබඳු ද…?

“කාලගුණික ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර ගැන කතා කළොත් එයට ඉහළ වායුගෝලය සිසාරා බැලිය හැකියි. එමගින් පැය භාගයකට අඩු කාලයකදී වායුගෝලයේ විශාල වපසරියක තොරතුරු එක් රැස් කළ හැකියි. මෙහිදී චන්ද්‍රිකා ඡායාරූපයකින් ලැබෙන සීමිත තොරතුරු ඉක්මවා ගොස් ත්‍රිමාණ වායුගෝලය විනිවිද ගොස් වළාකුළු අභ්‍යන්තරයේ ඇති තොරතුරු පවා ලබා දෙනවා. එමගින් යම් ස්ථානයක ඇති වලාකුළකින් කොපමණ වර්ෂාපතනයක් ඇති කළ හැකිද යන්න ගණනය කළ හැකියි. එම වලාකුළ මඟින් අකුණු ඇති කළ හැකිද යන්න පවා තොරතුරු විශ්ලේෂණය හරහා සොයාගත හැකියි. වලාකුළුවල චලනයන් අනුව ඉහළ වායුගෝලයේ සුළං තත්ත්වය පිළිබඳව ද යම් අදහසක් ‍ ඩොප්ලර් තාක්ෂණය හරහා ලබා දෙනවා. සුළි කුණාටුවක හෝ ටොනෙඩෝවක ඇති අවදානම පුරෝකතනය කිරීමට ද ඩොප්ලර් රේඩාර් තාක්ෂණය භාවිත කළ හැකියි.

සාමාන්‍ය ජනයා වර්ෂාපතනය සහ උෂ්ණත්වය වැනි කරුණු කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් කාලගුණ විද්‍යාඥයා වැඩි උනන්දුවක් දක්වන්නේ වායුගෝලීය පීඩනය පිළිබඳ ව යි. එය සාමාන්‍ය ජනයාට සංවේදී නොවුවත් කාලගුණික වෙනස්වීම් පිළිබඳ පළමු සංඥාව ලබාදෙන පරාමිතිය ලෙස වායුගෝලීය පීඩනය සැලකිය හැකියි. එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉතා සංවේදී පීඩනමානයන් භාවිත කරනවා. සැලකිය යුතු කාලයක් මුළු ලෝකෙම භාවිත කළේ රසදිය වායු පීඩනමාන යි. නමුත් මේ වන විට ලෝකය ම විෂ සහිත රසායනිකයක්වන රසදිය භාවිතය අත් හරිමින් සිටිනවා. එයට සමගාමී ව ලංකාවත් රසදිය වායු පීඩනමානයන් ඉවත් කරමින් විද්‍යුත් වායු පීඩනමානයන් වෙත නැඹුරු වී තිබෙනවා.”

Doplier
පුත්තලම සහ පොතුවිල් ඩොප්ලර් රේඩාර් පද්ධති පිහිටුවීමට යෝජිත ස්ථාන සහ ඒවා මගින් ආවරණය වන ප්‍රදේශ
  • වර්ෂාපතනය මැනීමෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා නිරීක්ෂණ ලබා ගැනීම විකාශනය වූයේ කෙසේ ද…?

“වර්ෂාපතනය මැනීමේ ජලයක ලෙස ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා නිරීක්ෂණ ලබා ගැනීම ආරම්භ කර ඇත්තේ 1861 වසරේදී යි. වසර 1900 වන විට අප රටේ උෂ්ණත්වය මැනීම ද ආරම්භ වී තිබෙනවා. එකල අපේ කාලගුණ විද්‍යා සේවාව පැවතුණේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව යටතේ යි. ස්වාධීන ආයතනයක් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපිත වන්නේ 1948 වසරේදී යි. ඒ අනුව කාලගුණ විද්‍යා සේවාව සහ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අන් රාජ්‍ය සේවාවන් හා සසඳන කල දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියනවා.

1956 දී ලංකාව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සාමාජික රටක් බවට පත්වෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය හරහා ලැබෙන කාලගුණ විද්‍යා තොරතුරු අප විසින් භාවිතයට ගනු ලබන්නේ 1973 තරම් ඈත කාලයක සිට යි. අද මෙන් desktop පරිගණක නැති යුගයකදී අදට සාපේක්ෂ ව ඉතාමත් ප්‍රාථමික පහසුකම් සහිතව තමයි එම ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ.”

  • ලොකයේ සහ ආසියාවේ අනෙකුත් රටවල කාලගුණ අනාවැකිකරණය හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳු ද….?

“ලෝකය පුරා කාලගුණික තොරතුරු සහ දත්ත හුවමාරු කරගත් ලොව ප්‍රථම අන්තර්ජාල දත්ත හුවමාරුව ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ අනුග්‍රහයෙන් ආරම්භ වන්නේ 1951 දී බවට මාගේ මතකයට නැගෙනවා. දුරකතන ජාල, ගුවන්විදුලි පණිවිඩ සහ පරිගණක වෙනුවට ටෙලි ප්‍රින්ටර් නමින් හැඳින්වුණු යන්ත්‍ර ආරම්භයේ දී භාවිත වුණා. මේ වන විට කාලගුණ විද්‍යාත්මක තොරතුරු හුවමාරු කර ගැනීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස අන්තර්ජාලයත්, ටෙලි ප්‍රින්ටරය වෙනුවට පරිගණකයත් ආදේශ වී තිබෙනවා. ශ්‍රී ලංකාව පරිගණක භාවිතයෙන් කාලගුණික තොරතුරු හුවමාරුවට යොමුවන්නේ වර්ෂ 2005 දී යි.

ආසියාවේ අනෙක් රටවල් එක්ක සසඳනවාට වඩා සමකය ආසන්නයේ තිබෙන ඝර්ම කලාපීය රටවල් සමඟ සංසන්දනය කරන විට අප සෑහෙන හොඳ මට්ටමක ඉන්නවා.

අතීතයේ අප කලාපයේ සෙසු රටවල කාලගුණික මධ්‍යස්ථානවල තොරතුරු ලබාගැනීමට අපට පැය තුනක පමණ කාලයක් සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් ගතවුණා. නමුත් අන්තර්ජාලය හා සබැඳි නවීන තාක්ෂණය නිසා එම කාලය පැය භාගයක් හෝ විනාඩි 45ක කාලයක් දක්වා කෙටි වී තිබෙනවා. අද තොරතුරු හුවමාරුව ඉතා ම වේගවත් වී තිබෙනවා. අපේ කලාපයේ කාලගුණික තොරතුරු විශාල ප්‍රමාණයක් එක් රැස් කර ගැනීමට හැකි වීමත්, වඩා නිවැරදි අනාවැකියක් ලබාදීමට පිටුවහලක් වී තිබෙනවා. අනාවැකි කරණයේ යෙදෙන පුද්ගල හැකියා වර්ධනය වගේ ම සමහර විට ඊටත් වඩා නව තාක්ෂණය පැත්තෙන් අප අයත් කරගන්නා වූ වර්ධනය මඟින් වඩා නිවැරදි අනාවැකියක් පළකිරීමේ හැකියාව වර්ධනය කළ හැකි යි.”

  • කාලගුණ අනාවැකිකරණයේ සහ ආයතනයක් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාගත අපේක්ෂාවන් මොනවා ද..?

“අප ආයතනය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය හරහා රසදිය භාවිත කරන උපකරණ ඇතුළු සාම්ප්‍රදායික උපකරණ වෙනුවට නවීන විද්‍යුත් සංවේදක සහිත උපකරණ ලබා ගැනීමට නියමිතයි. ඒ වගේ ම කාලගුණ විද්‍යා නිරීක්ෂණ ජාලය, දත්ත ගබඩා කිරීම, ගණිතමය අනාවැකි හරහා මාර්ගෝපදේශ ලබා ගැනීම, අනාවැකි බෙදාහැරීම, අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, දේශගුණික තොරතුරු ලබාදීම, අන්තර්ජාතික දත්ත හුවමාරු කරගැනීම වැනි කාලගුණ විද්‍යාවේ බොහෝ කාර්යයන් ඒකාබද්ධ මධ්‍යගත ක්‍රියාවලියක් කිරීමට නියමිත යි. එවන් නවීන පද්ධතියක් සමඟ කටයුතු කිරීමේ හැකියාව අත් කරගැනීමත්, නවීන කාලගුණ විද්‍යාත්මක දැනුම වැඩි දියුණු කර ගැනීමත්, ගණිතමය අනාවැකි ක්ෂේත්‍රයේ ඉදිරි පිම්මක් ලබාගැනීමටත් අපේක්ෂිත යි.

ඒ සියල්ලට ම වඩා වැදගත් වන්නේ මහජන විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කර ගැනීම යි. අප මොන අනතුරු ඇඟවීමක් කළත් ජනතාව ඒ කෙරෙහි විශ්වාස නොකළොත් අනතුරු ඇඟවීම්කින් අපේක්ෂිත වන ආපදා අවම හෝ වළක්වා ගැනීම අසාර්ථක වෙනවා. ඒ නිසා හැකිතාක් නිවැරදි ව හා ඉලක්කගත ව කාලගුණ අනාවැකි හා අනතුරු ඇඟවීම් සිදු කළයුතු වෙනවා. අප සැම උත්සාහ කරන්නේ ඒ සඳහා යි”

  • ඇත්තට ම අනාවැකි වරදින්නේ ඇයි…?

“කාලගුණ අනාවැකිය නිර්මාණය වෙන්නේ වායුගෝලයේ පවතින සහ පැවති තත්ත්වය පිළිබඳ තොරතුරු සහ දත්ත සමුදායක් මෙන් ම විෂය පිළිබඳ විද්‍යාත්මක දැනුම පදනම් කරගෙන යි. එහෙම නැතුව එය කාලගුණ විද්‍යාඥයන් සතු මහානුභාව සම්පන්න බලයකින් කරන පූර්ව කථනයක් නොවෙයි. නව තාක්ෂණය හරහා ලබාගත හැකි තොරතුරු සහ දත්තවල හිඟකම සහ තවමත් විෂයක් ලෙස වර්ධනය වෙමින් පවතින ඝර්ම කලාපීය කාලගුණ පද්ධතිවල හැසිරීම පිළිබඳ දැනුම අපට වඩා නිවැරදි අනාවැකියක් පළ කිරීමට බරපතළ බාධක ලෙස පවතිනවා.

අනාවැකියත් හරියන්න වගේම වරදින්නත් යම් සම්භාවිතාවක් තියෙනවා. අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළු දෙපාර්තමේන්තුවේ සිටින සියලුම නිලධාරීන්ගේ අපේක්ෂාව වන්නේ අනාවැකියක් නිවැරදි වීමේ සම්භාවිතාව හැකිතාක් ඉහළ නංවාගෙන 100% දක්වා ළඟාවීම යි. අනෙක ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව කාලගුණ තත්ත්වයන් ඉතා වේගයෙන් වෙනස් වෙනවා.

කොහොම වුණත් පවතින අවම පහසුකම් යටතේ හැකි උපරිම මට්ටමේ ප්‍රශස්ත සේවාවක් ලබාදීමට අපගේ කාලගුණ විද්‍යාඥයින් සහ කාලගුණ විද්‍යා නිලධාරීන් දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කරමින් ඉන්නවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඩ ඉරිගු නිසා ඉන්දියාවට කරල පැහෙයි

Next Post

ජාතික ජන බලවේගයේ විරෝධතාවය අද නුගේගොඩ දී…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.