ඉන්දියාවේ බඩ ඉරිඟු නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවට එරට වාණිජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව 2021-2022 මුල්‍ය වර්ෂයේ ගතවූ මාසය දහයක කාලය තුලදී නිෂ්පාදනය කළ බඩ ඉරිඟු වල වටිනාක ඇමරිකානු ඩොලර් මිලයන 816ක අගය ඉක්වමා ඇති බවටද ඉන්දීය වාර්තා සඳහන් කරයි.
ඉන්දීය වාර්තා වලට අනුව මෙම අගය කලින් වර්ෂයට සාපෙක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 182ක ඉහළ යාමයකි. ඉන්දීය වාණිජ්‍ය අමාත්‍යංශය වාර්තා කරන අන්දමට ඇමරිකානු ඩොලර් මිලියන 345ක් වටිනාකමකින් යුත් බඩ ඉරිඟු බංගලාදේශයට ඇමරිකානු ඩොලර් මිලියන 132ක් වටිනා නිෂ්පාදන නේපාලයටත් අපනයනය කර ඇත.
පසුගිය කාලයේදී ඉන්දියාවේ ප්‍රබලතම විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් ලෙස බඩ ඉරිඟු පත්ව ඇති අතර ලොව පුරා ආහාර නිෂ්පාදනයට බඩ ඉරිඟු බහුල වශයෙන් යොදා ගැනීම සිදු කරයි.
ඉන්දියාව වසර පුරාම බඩ ඉරිඟු නිෂ්පාදනය කරනු ලබන අතර ආහාර නිෂ්පාදනය අතිරේකව තවත් කාර්මාන්ත රැසක අමුද්‍රව්‍යක් ලෙසද බඩ ඉරිඟු යොදා ගනු ලබයි.