අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තවාදීන්ගෙන් ප්‍රවේශම් වෙනු!

by editor
අප්‍රේල් 2, 2022
in පුවත්
colum
Share on FacebookShare on Twitter

ඉකුත් දා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස වැටලූ මහජනතාව අතරේ අන්තගාමී කණ්ඩායමක සාමාජිකයින් සිටිතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශයක් නිකුත්කරමින් පැවසීය. මම නම් එය හිස මුදුනින්ම පිළිගනිමි. ලංකාවේ පුරවැසියන් තිදෙනෙකුගෙන් එක් අයෙක් අන්තගාමී කණ්ඩායමක සාමාජිකයෙක් විය හැකි බව මට නිසැකව කිව හැක. එහෙත් මිතුරෝ මා හා එකඟ නොවෙති.

“අන්තගාමී පුද්ගලයෝ ඕන රටක ඕන සමාජෙක ඉන්නවා. ඒත් ඔයා කියන තරම් නම් නෑ” මගේ මිතුරා විශ්වාසයෙන් යුතුව කීවේය.

“අනික එයාගෙම ගේ ඉස්සරහට ගිහිල්ලා ‘ගෝඨා ගෝ හොම්’ කිව්වම බලන්න ඒක කොච්චර අවිහිංසාවාදීව සුන්දරද කියලා. අන්තගාමී නම් කියන්න තිබුණේ ‘ගෙදර පලයං කියලා නෙමෙයි ගෙදරින් පලයං කියලා” දෙවැනි මිතුරාද සංවාදයට හවුල් වූයේ මට එදිරිවය.

“ලංකාවේ කොතැනක හෝ මිනිස්සු තුන් දෙනෙක් එකට එක්රැස් වී ඉන්නව නම් එතැන එකෙක් අන්තගාමියෙක් වෙන්න හොඳහැටි ඉඩකඩ තියෙනව. එදා එතන හිටපු සෙනගෙ හැටියට අන්තගාමියොත් සෑහෙන්න ඉන්න ඇති” මම කීවෙමි.

“එහෙම අන්තගාමියෝ ෆැක්ටරිවල හදන්නේ නෑ මනුස්සයෝ. උනුත් අම්මලා තාත්තලගේ ළමයි. දැක්කද කිරිකැටියෙක් වඩාගෙ හිටපු අම්මගේ පිංතූරේ? එයා සල්ලි දීලා ගෙන්න ගත්ත මොඩල් එකක් වෙන්න බෑනේ” මිතුරා සාක්ෂි ඉදිරිපත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අනික අන්තගාමීන් කියන්නේ රබර් සෙරෙප්පු දාලා සරම් ඇඳන් ගල්කටස් එක්ක කැළේ පැනපු උන්නේ. සපත්තු දාලා වැඩ ඇරිලා ගෙදර එන ගමන් විරෝධතා කරපු උන් නෙමෙයි. බලපං ලංකාව දැන් දියුණු වෙලා තියෙන තරම්. ගෝ හෝම් කියලා අපි ඇමරිකන්කාරයින්ට  ඉංග්‍රීසියෙන් බැනලා එවන්නේ මේ පාර” සපත්තු පැලඳි මිතුරා උජාරුවෙන් කීය.

“සටන් පාඨ ඉංග්‍රිසියට මරු වුණු එකනම් මරු. එංගන්තේ මගේ යාලුවෙක් ඉන්නවා. මිනිහගේ ලොක්කා මිනිහට බලු බැනුම්ලු බනින්නේ. ඒත් මිනිහට ඒවා හරියටම තේරෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑලු” මා කියූ සිංහලය මිතුරාටද වැටහුණේ නැත.

“දැන් බලනවා ප්‍රාදේශීය – පළාත් බබාලා දහස් ගාණකුයි, පාර්ලිමේන්තුවේ දෙසීය ගාණකුයි හිටියට, ඇමතිලා සීයක් විතර හිටියට, රට පාලනය කරන අන්තගාමී පිරිස ඉතා සීමිතයි. අනිත් උන් කරන්නේ එහෙයි සර් කියන එක විතරයි” මිතුරා මට අන්තගාමීත්වය පහදන්නට උත්සාහ කළේය.

“අනෙක බලනවා රටේ ආර්ථිකේ පාලන බලය පාර්ලිමේන්තුවට අරයට මෙයාට වගේ දුසිම් දෙකක් නම් කිව්වට, හැබෑවටම ආර්ථිකෙන් තුනෙන් දෙකක් පාලනය කරන අන්තගාමී කණ්ඩායම් සාමාජිකයෝ ඉන්නේ ටිකයි” දෙවැනි මිතුරාද උදාහරණ ඇද  බානිනට විය.

“තව එකක්, බස්කොන්දොස්තරයා, පදික වෙළෙන්දාගේ හිටන් මේ රටේ ඉන්න හැම එකාම පොඩි පොඩි මට්ටමේ හොරු වුනත් රට බංකොලොත් කරන්න කරම් සමත් දක්ෂතා ඇති අන්තගාමී කණ්ඩායමක ඉන්නේ සාමාජිකයෝ හරි ටිකයි. ඒ හින්දා ඔහේ කියන තරම් මේ රටේ අන්තගාමියෝ නෑ” දැන් දැන් උදාහරණ වැහි වහින්නට විය.

“හරි හරි. දැන් ඔහේලා කියනවකෝ එහෙනම් අන්තගාමී කියන එකේ තේරැම. මොකද මම අන්තගාමී කියලා හිතන් ඉන්නේ වෙන අහවල් දෙයක්ද දන්නෙ නෑනේ?” බැරිම තැන මම බෝලය උන්ට දුනිමි.

“ඔයාට සරලව පහදනව නම්. අන්තගාමී කියන්නේ, ජාතිවාදය ආගම්වාදය කුලවාදය පවුල්වාදය ත්‍රස්තවාදය වගේ මොනවහරි අප්‍රියවාදයක් හිස මුදුනෙන් පිළිගන්න තමන්ගේ කණ්ඩායම තමයි හොදටමකරේ කියලා හිතන, ඒ කණ්ඩායමට අයත් නොවන පිරිසට ඒ හේතුව නිසාම පහත්කොට සලකන තාඩන පීඩන කරන පිරිසකට තමයි අන්තගාමියෝ කියන්නේ” මිතුරා අවසනට පැමිණෙන විට මුල අමතක වන තරමේ දීර්ඝ අර්කථනයක් සැපයූයේය.

“එහෙනමි මම කියන එක හරි” මම සතුටින් ඉපිලෙමින් කීවෙමි.

“ඒ කොහොම?” මිතුරා මගේ ඇඟට ආවේ අන්තගාමී  කණ්ඩායමක සාමාජිකයෙකු ලෙසිනි.

“ලංකාවේ මුළු ජනගහනය කීයද?” මම ඇසුවෙමි.

“මිලියන විසි එකක් දෙකක් විතර ඇති” හේ පිළිතුරු දුන්නේය.

“මේ ආණ්ඩුවට ගිය මැතිවරණයෙදී ඡන්ද කීයක් විතර ලැබුනද?” මම දෙවැනි පැනය යොමු කළෙමි.

“මිලියන හතක් විතර” මිතුරා පිළිතුරැ දුන්නේය.

“ඉතිං? මිලියන විසි එකෙන් මිලියන හතක්. තුනට එකයි. සරල ගණිතය. දැන් ඒ සමහර අන්තගාමීත් එදා මිරිහානේ නොහිටියා වෙන්න බැරි නෑ”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

භාරකාර රජයකට වැඩිම ඉල්ලීම ආණ්ඩු අභ්‍යන්තරයෙන්… මැති ඇමති මන්ත්‍රී 35ක් සූදානම්…

Next Post

සිද්ධාලේප වෙද මහත්මයා දිවි සැරියෙන් සමුගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.