සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තවාදී ප්‍රහාරයක් ගැන ඥානසාර හිමි කළ ප්‍රකාශය ගැන වහාම සොයා බලන්න… අගරදගුරු නිවසින් ඉල්ලා සිටී…

by editor
සැප්තැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සැප්තැම්බර් 13 දා පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ   හිරු ටීවී නාලිකාවේ සළකුණ වැඩසටහනට සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය වැනි තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ලවන බවට කර ඇති හෙළිදරවුව පිළිබඳ දැඩි වගකීමකින්  යුතුව සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අගදරගුරු නිවස නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එමෙන්ම කතෝලික ජනතාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පූජ්‍ය ඥානසාර හිමියන් විසින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කළ බවට එම වැඩසටහනේ දී   සිදු කළ එම ප්‍රකාශය අගරදගුරු නිවස දැඩි සේ ප්‍රතික්ෂේප කරයි.

අගරදගුරුපදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා, අගරදගුරුපදවි මාධ්‍ය ප්‍රකාශක ගරු ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා සහ  පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික  ගරු සිරිල් ගාමිණී පියතුමා ඒකාබද්ධව නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  1. පාස්කු ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාරයක් ඉදිරියේදී එල්ලවීමේ අවධානම සම්බන්ධයෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේ සිදුකළ හෙළිදරව්ව.

2021 සැප්තැම්බර් මස 13 වන දින හිරු ටීවී නාලිකාවේ විකාශය වූ “සළකුණ” දේශපාලන සංවාද වැඩසටහනට සහභාගී වූ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ එම වැඩසටහනේදී හෙළිදරව් කරන ලද අතිශය වැදගත් කරුණක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී ඇත.

එම වැඩසටහනේදී පූජ්‍ය ඥානසාර හිමියන් හෙළිකර සිටියේ;

  1. පාස්කු ප්‍රහාරය වැනිම තවත් අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීමේ හැකියාවක් තිබෙන බවත්,
  • එම ප්‍රහාරය ඕනෑම අවස්ථාවක එල්ල වීමේ හැකියාව ඇති බවත්, ඕනෑම වේලාවක පුපුරුවා හැරීම සඳහා ආයුධ (බඩු) මෙහි සූදානම් බවත්;
  1. එම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු සහ සාක්ෂිද උන්වහන්සේ සතුව තිබෙන බවත්, ඒවා ඔප්පු කිරීමේ හැකියාවද උන්වහන්සේට ඇති බවත්;
  2. එම ප්‍රහාරයට අදාල කණ්ඩායම් කවුරුන්ද යන වග සහ එම කණ්ඩායම් සිටින්නේ කොතැනද යන වග උන්වහන්සේ දන්නා බවත්;
  3. ඒ සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ද දැනුම්වත් කර ඇති බවත්ය.

පූජ්‍ය ඥානසාර හිමියන් කර ඇති ඉහත කී ප්‍රකාශය රටේ ජාතික ආරක්ෂාවටත්, රටවැසියන්ගේ ආරක්ෂාවටත් ඍජු ලෙසම බලපාන කරුණක් බැවින් එය සුළු කොට තැකිය නොහැක.

තවද, පූජ්‍ය ඥානසාර ස්වාමීන්වහන්සේ වැනි හිමිනමක්, රටේ පිළිගත් විද්‍යුත් මාධ්‍ය නාලිකාවක සජීවී ව පෙනී සිටිමින් සිදුකරන මෙම හෙළිදරව්ව උන්වහන්සේ විසින් ඉතා වගකීමෙන් සිදු කරන ප්‍රකාශයක් බව අපි තරයේ විශ්වාස කරමු.

පූජ්‍ය ඥානසාර හිමියන් විසින් සඳහන් කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් ද දැනුම්වත් කර ඇති බව උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළද, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක් අංශ, බුද්ධි අංශ සහ පොලීසිය ආදී අදාල වගකිවයුතු ආයතන සහ පුද්ගලයන් නිසි පරිදි දැනුම්වත් කර තිබේද, එකී ආයතන සහ පුද්ගලයන් එම ප්‍රහාර සම්බන්ධයෙන් නිසි විමර්ශනයන් සිදුකර තිබේද, වගකිවයුත්තන් එකී ප්‍රහාර වැලැක්වීමට අවශ්‍ය නිසි පියවර ගෙන තිබේද, ප්‍රහාරය සිදු කිරීමට සම්බන්ධ කණ්ඩායම් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න ආදී කරුණු සම්බන්ධයෙන් කිසිවක් එහිදී ප්‍රකාශ වූයේ නැත.

ඉදිරියේදී එල්ල විය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් පූජ්‍ය ඥානසාර හිමියන් විසින් සිදු කළ එම හෙළිදරව්ව පිළිබඳ නිසි අවධානය යොමු කර, එම කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් විමර්ශනයක් පැවැත්වීමටත්, එම විමර්ශන මඟින් හෙළිදරව් කරගන්නා තොරතුරු අනුව එම ප්‍රහාරයන් වලක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගැනීමටත්, එවැනි ප්‍රහාරයකට සම්බන්ධ පුද්ගලයන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමටත් පොලිස්පතිවරයාට දැඩි වගකීමක් ඇති බව අප අවධාරණය කර සිටිමු.

එසේ හෙයින් අප පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී එල්ල විය හැකි අන්තවාදී ප්‍රහාරයක් ස්ම්බන්ධයෙන් පූජ්‍ය ඥාණසාර ස්වාමීන්වහන්සේ විසින් හෙළිදරව් කර ඇති කරුණු සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කර, එවැනි ප්‍රහාරයක් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය සියලු සුදුසු පියවර ඉතා කඩිනමින් ගන්නා ලෙසයි.

  1. කතෝලිකයන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව 2017 වසරේ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට පැවසූ බවට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සිදු කළ ප්‍රකාශය

ඉහත කී “සළකුණ” දේශපාලන සංවාද වැඩසටහනේදී පූජ්‍ය ඥාණසාර හිමියන් විසින් පහත සඳහන් පරිදි ප්‍රකාශයක් සිදු කර ඇත”

“2017 අවුරුද්දේ කාදිනල් තුමා මුණගැහිලා මම කිව්වා කාදිනල් තුමනි, අනිවාර්යයෙන් කතෝලිකයන්ට එරෙහිව ප්‍රහාරයක් එන්න නියමිතයි කියලා”.

කතෝලික ජනතාවට එරෙහිව ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පූජ්‍ය ඥාණසාර හිමියන් විසින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කළ බවට පූජ්‍ය ඥාණසාර හිමියන් සිදු කළ එම ප්‍රකාශය අපි තරයේ ප්‍රතික්ෂේප කරමු.

පූජ්‍ය ඥාණසාර හිමියන් විසින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට කිසිදු අවස්ථාවක ප්‍රහාරයක් එල්ල වීමක් සම්බන්ධයෙන් අනතුරු හැඟවීමක් සිදු කර නැති අතර 2017 වසරේ සිදු වූ හමුවකදී මුස්ලිම් ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් පමණක් කරුණු ඉදිරිපත් කර ඇත.

නමුත්, පාස්කු ප්‍රහාරය සිදුවී අවසන් වන තෙක් ම, කතෝලික ජනතාවට එරෙහිව එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවට ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ හෝ පොලිසිය හෝ පූජ්‍ය ඥානසාර හිමි හෝ වෙනත් කිසිදු පුද්ගලයෙකු හෝ  විසින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ව දැනුම්වත් කර නොතිබූ බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා – අගරදගුරුපදවි ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ
ගරු ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා – අගරදගුරුපදවි මාධ්‍ය ප්‍රකාශක
ගරු සිරිල් ගාමිණී පියතුමා – පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුවේ සාමාජික         

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා රෝහලේ බෝම්බය සැකකරුට හමුවුණේ කොළඹ හතේ රජයේ ප්‍රභූ නිවසකින්!

Next Post

සත්ත්ව ආහාර අත්‍යාවශ්‍ය ආහාරයක් ලෙස ප්‍රකාශ කිරීමට යයි… තණකොළ වගාව ප්‍රවර්ධනයට සැලසුම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.