පොහොට්ටුවන්ගේ බලය සහිත පාර්ලිමේන්තුව තුළ අන්තර්වාර පාලන රජයේ අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන වැඩි ඡන්දයෙන් පත්වනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රමාත්‍ය ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීම විපක්ෂයේ අභිලාෂය වී ඇත. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායකයින් අතර ඊයේ ඇතිවුන සාකච්ඡා අනුව එම තීන්දුව ගෙන තිබේ.
එහෙත් නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන නම් කිරීමට පොහොට්ටුවේ සූදානමක් පවතී. මේ තත්ත්වය සම්බන්ධව අද පක්ෂ නායක රැස්වීමේ දී විපක්ෂනායකවරයා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.
කෙසේ වෙත්ත පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත්වන්නේ නම් විපක්ෂ නායකවරයාට උපරිම ඡන්ද 72කට වඩා නොලැබෙන බවත් අති බහුතරයකින් දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා වීමට නියමිත බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.







