සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තර්ජාලයේ පැතිරෙන වීඩියෝවක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්!

by editor
නොවැම්බර් 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාලයේ පැතිරි යන විඩියෝවක් පිළිබඳව පොලිසිය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ.

TOP NEWS වරෙන්තුව යනුවෙන් විකාශය කරනු ලබන YOU TUBE නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම.

විශේෂ කාර්ය බලකායට මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු සපයන තොරතුරුකරුවෙකු වන පුද්ගලයෙකුට එරාවූර් පොලිසිය මඟින් පහර දී අත්අඩංගුවට ගෙන අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවට TOP NEWS වරෙන්තුව YOU TUBE නාලිකාව ඔස්සේ එම පුද්ගලයාගේ මව යැයි සඳහන් කරන කාන්තාවක් විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

මෙම වීඩියෝව නිරීක්ෂණය වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් විමර්ශනයක් සිදු කර නිවැරදි තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාවට අනුව සිද්ධියට අදාල නිවැරදි තත්ත්වය පහත පරිදි වේ.

මෙම වීඩියෝව මඟින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට තොරතුරු ලබා දීම සිදු කරන බවට සඳහන් අය වයස අවුරුදු 24ක් වන එරාවූර් පොලිස් වසමේ අයියන්කේනි චෙන්කල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා නිතර ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙන අයෙකු බවටත් මොහු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගෙන සංවිධානාත්මක ලෙස සාමාන්‍ය ජන ජීවිතයට හානි පමුණුවමින් පීඩාකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකු බවටත් කරුණු අනාවරණය වී ඇති බවට වාර්තා කර ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මේ වන විටද මොහුට එරෙහිව මත්ද්‍රව්‍ය සන්තකයේ තිබීම, බරපතල තුවාල සිදු කිරීම්, බීමත් රිය පැදවීම්, දේපළ සොරකම් කිරීම් හා පොලිස් නිලධාරියෙකුට පහර දීමක් සම්බන්ධයෙන්ද විභාග වන සහ විභාග වීමෙන් පසු වැරදිකරු වූ සිද්ධීන් කිහිපයක් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තවද මෙම වීඩියෝවට අදාලව මෙම පුද්ගලයාට යම් පිරිසක් පහර දෙන සිදුවීම මොහු විසින් යම් පුද්ගලයෙකුට පෙර සිදු කරනු ලැබූ පහර දීමක් සහ අමානුෂික ක්‍රියාවක් හේතු කොටගෙන එයට එරෙහිව එම පහර කෑමට ලක් වූ අයවළුන්ගේ පාර්ශවයක් විසින් අදාල මෙම පුද්ගලයාට පහර දෙන අවස්ථාවක් ඇතුළත් දර්ශනයක් බවට අනාවරණය වී ඇති බවත් එය මත්ද්‍රව්‍ය ඔත්තුවක් ලබා දීම හේතුවෙන් එකී පුද්ගලයාට සිදු කල පහර දීමක් නොවන බවටද වාර්තා කර ඇත.

යම් පුද්ගලයෙකු පොලිසියට යම් තොරතුරක් ලබා දී මත්ද්‍රව්‍ය හෝ අපරාධ මැඩ පැවැත්වීමට ලබා දෙනු ලබන සහාය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය අගය කරනු ලබන නමුත් එසේ තොරතුරු ලබා දෙන තොරතුරුකරුවන් තොරතුරු ලබා දෙන මුවාවෙන් යම් අපරාධ හා දූෂිත ක්‍රියාවන් වලට සම්බන්ධ වුවහොත් ඒ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රි ලංකා පොලිසියට බැහැර කල නොහැකි වගකීමකි.

ඒ අනුව TOP NEWS වරෙන්තුව YOU TUBE නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ අදාල වීඩියෝ පටයෙහි දැක්වෙන පරිදි එරාවූර් පොලිස් ස්ථානයට විරුද්ධව සිදු කරනු ලබන චෝදනා බැහැර කරන අතර ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමයට හානි වන ආකාරයට පලකරන ලද අදාල වීඩියෝව සම්බන්ධයෙන් වූ නිවැරදි තත්ත්වය ඉහත පරිදි ඔබ දැනුවත් කරමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලෝ 300කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග මාලදිවයින් මුහුදේ දී ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට…

Next Post

කොටහේන ඝාතන සිද්ධියේ සැකකරුවන් මනිපායි ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගන්නේ වාහනයේ කාර්මික දෝෂයක් නිවැරදි කරද්දි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.