දිනසේන රතුගමගේ –
-
අත් අඩංගුවට ගත් පිරිස සමග බලු පැටියෙකුත් ඉඳලා…
කොළඹ කොටහේන ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකටයුතු කාන්තාවක් ඇතුලු තුන් දෙනෙකු යාපනයේ මනිපායී ප්රදේශයේදී පොලීසිය විසින් ඊයේ (08) අත් අඩංගුවට ගන්නේ ඔවුන් ගමන් කරමින් සිටි වාහනයේ කාර්මික දෝෂයක් නිවැරදි කරගැනීමට රථය ගරාජයකට දමා තිබිය දී බව විමර්ශන අංශ අනාවරණය කරයි.
මේ පිරිස කොළඹ සිට යාපනයට පලා එන ලද බවට සැකකෙරෙන සුඛෝපභෝගී මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.
ඝාතනය සිදු කළ පිරිස පිස්තෝලය හා මෝටර් රථය කොළඹ පංචිකාවත්ත ප්රදේශයේ දමා එතැනින් මීගමුවට පැමිණ මෙම මෝටර් රථයෙන් යාපනයට පැමිණි බවට පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු හෙළි වී තිබේ.
ඔවුන් යාපනයට පැමිණි මෝටර් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් නිසා එය යාපනයේ මනිපායී ගරාජයකට බාර දී එහි දෝෂය සකස් කරන තුරු රැදී සිටියදී මේ තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය මෙම වෙඩි තැබීම සිදු වීමෙන් පසුව නවීන තාක්ෂණය ඔස්සේ කැමරා පද්ධති පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම සැකකටයුතු මෝටර් රථය නිරීක්ෂණය් වී තිබේ.
යාපනය පොලීසියට ඒ බව දැණුම් දීමෙන් පසුව පොලීසිය මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ කාන්තාවක් හා බලු පැටවකුද තවත් දෙදෙනෙකුද සිට ඇත.
අත් අඩංගුවට ගත් එම පිරිස යාපනය පොලීසිය වෙත මෝටර් රථය සමග රැගෙන විත් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







