බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුරුදායක ගෑස් ටැංකි ලක්ෂ 03ක් තවමත් ගෙවල්වල… ජනාධිපති කමිටු සාමාජික මහාචාර්ය ඩබ්. ඩී.ඩබ්. ජයතිලක

by editor
දෙසැම්බර් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රටපුරා ගෑස් පිපිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේය. ඒ කමිටුව සිය අධ්‍යයන වාර්තාවත් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. ඒත් තවමත් අඩුම තරමින් පැය දෙකකට වරක්වත් රටේ ගෑස් ලිපක් පිපිරෙන්නේය.  දැන් සිදුන්නේ කුමක්ද?. ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලියු. ඩී.ඩබ්ලියු. ජයතිලකගෙන් අපි විමසුවෙමු.

මේ ඔහු අපට ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරුය. 

  • රටටම ගෑස් බෙදුවත් ගෑස් ටැංකියක පීඩනය මැනගන්න උපකරණයක් ලිට්‍රෝ සමගාමට නෑ. 

  • අපේ රටේ වැරැද්ද පිළිගන්න සිවිල් සමාජයක් නෑ. සංයුතිය වෙනස් කළ බව ගෑස් සමාගම අන්තිම මෙහොත වනතුරු පිළිගත්තෙ නෑ.

  • දැන් සියලුම ගෑස් ටැංකි එකතු කරලා නිවැරදි සංයුතියට පුරවලා නැවත ඒවා වෙළෙඳපලට නිකුත් කළ යුතුයි. එහෙම දෙයක් කරන්න කිසිම පහසුකමක් නෑ. දවසකට ගෑස් මාරු කරන්න පුලුවන් ටැංකි 200ක් විතරයි.

  • බස් එකක හැප්පුනාම මුලින්ම කොන්දොස්තර සහ රියදුරු ප්‍රශ්න කරනවා. පොලිසියට ගියාම බස් මුදලාලි එනවා. මෙතැනදි තවම මුදලාලි ඇවිත් නෑ… කොන්දොස්තරයි රියදුරුයි ප්‍රශ්න කරමින් ඉන්නවා…

  • වාර්තාව දුන්නා.. තවම කිසිම විමසීමක් නෑ… අපිත් බලන් ඉන්නෙ මොකද වෙන්නෙ කියලා..

ඩබ්ලිව් ඩී ඩබ්ලිව් ජයතිලකය
  • ප්‍රශ්නය- ගෑස් පිපිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත්කළ කමිටු ඔබත් සාමාජිකයෙක්. ඔබ නියෝජනය කරන කමිටුවේ වාර්තාව   පසුගියදා ජනාධිපතිවරයාට  ඉදිරිපත් කළා.  ඒ  වාර්තාවට කුමක්ද වුණේ?

පිළිතුර –  අපි ඒ වාර්තාවන ජනාධිපතිවරයාට භාර දුන්නා. ඒ බාරදුන් අවස්ථාවේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර   සහ අලුතින් මේ සම්බන්ධයෙන් කටයූතු කරන්න පත් කල ජයන්ත ද සිල්වා ලේකම්වරයත්  හිටියා.  ඒ කමිටු වාර්තාව ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලය විසින් අධ්‍යයනය කරලා  ප්‍රශ්න තියෙනවා නම් ඒවාට විසදුම් සොයා ගැනීම සදහා අපට  කතා කළ යුතු වෙනවා.  නමුත් මේ දක්වානම් එවැනි කාර්යයක් සිදුවුණේ නැහැ. 

  • ප්‍රශ්නය – එහෙම සිදු නොවුණේ ඇයිද කියලා ඔබ හිතන්නේ?

පිළිතුර – මේ වාර්තාව මගින් අපි අදහස් දීලා තියෙන්නේ. පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, ආනයන හා අපනය මණ්ඩලය, ප්‍රතීතන ආයතන, ලිට්‍රෝ සමාගම, කාර්මික තාක්ෂණික ආයතනය, ලාෆ් සමාගමට මේ  එක එක  අධ්‍යනය කිරීමත් ලොකු කාර්ය භාර්යයක්. ඒ සම්බනධයෙන් අපේ සහයෝග ලබා දෙන් අපි කැමතියි

මගේ පෞද්ගලික මතය නම් මෙය අධ්‍යනය කරලා එය ක්‍රියාත්මක කරන්න කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතුයි කියලයි. 

  • ප්‍රශ්නය – කාර්ය සාධක බලකායක් පිහිටුවීම තුළ  පාරිභෝගිකයින්ට ඉක්මන් විසදුමක් ලබා ගත හැකි වේවිද?

පිළිතුර – කමිටු වාර්තාවෙ කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබා දී තිබෙනවා. මේවා ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි.  කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කරන්න අතිශයින් අමාරුයි. මොකද වෙළඳපලේ තියෙන ටැංකි ටික ඉක්මනින් එකතු කරලා ඒවා අයින් කරලා  නැවත පුරවලා යළි වෙළඳපොලට යවන්නේ කොහොමද කියන එක භාරදූර්ය කාර්යයක්. මෙවැනි හදිසි අවස්ථාවක ක්‍රියාත්මක විය යුතු පහසුකම් ලිට්‍රෝ සමාගම සතුව නැහැ. නමුත් දීර්ඝකාලීන විසදුම් තියෙනවා. 

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

  • ප්‍රශ්නය  –  මේ වන විට නිවෙස්වල තියෙන අනතුරුදායක ටැංකි ප්‍රමාණය කොපමණද?

පිළිතුර –  ලක්ෂ 3 – 4ක්  පමණ තියෙනවා.

  • ප්‍රශ්නය-  නිවෙස්වල තිබෙන  අවදානම් සහගත ගෑස් ටැංකි එකතු කිරීමේ වැඩපිළිවෙලක් ගෑස් සමාගම් මේ වන විටත් ක්‍රියාත්මක කර නැහැනේද? 

පිළිතුර – අදාළ  ගෑස් සමාගම් මේ මොහොතේදී කළයුතු වන්නේ අනතුරුදායක   ටැංකි  ප්‍රමාණය එකතු කරලා. ඒවායේ තියෙන සංයුතිය ඉවත් කළ යුතුයි. මෙම ක්‍රියාවලිය කරන්න විශේෂ උපකරණයක් තිබිය යුතුයි. නමුත් මේ සමාගම සතුව එම විශේෂ උපකරණය නැහැ. 

සමාගම කියන අන්දමට දිනකට ටැංකි 100 – 200ක් වගේ තමයි හිස් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම හිස්කරලා එම සංයුතිය වෙනත් භාජනයක තැන්පත් කරලා පසුව සුදුසු පරිදි සකස් කළ යූතු වුවත් ඒවා තැන්පත් කර තැබීමට හෝ පහසුකම් මේ සමාගම සතුව නැහැ.

  • ප්‍රශ්නය-   ගෑස් සමාගම් දෙකම කැඳවීමක් කර ප්‍රශ්න කරද්දී.  ඔවුන් පිලිගත්තාද ඔවුන් වරදක්  කළ බවට?

පිළිතුර – සාමාන්‍යයෙන් වරදක් කළ පුද්ගලයෙක් තමන් වරදක් කළ බවට පිළිගන්න සූදානම් නැහැ.   අපේ සිවිල් සමාජය තුළ පවතින සාමාන්‍යසිරිත එයයි. වරදක්කල පුද්ගයෙක් වරද පිළිගන්නේ ඉතාමත් කළාතුරකින්‍. සමාගම් හැම විටම කීවේ වරද තියෙන්නේ තමා අත නොව පාරිභොගිකයින් පාවිච්චි කරන ගෑස් ලිප් සහ බටවලයි  කියලා.  ඔවුන් කීවේ ගෑස් මිශ්‍රණයේ කිසිම වරදක් නැහැ කියලා.

  • ප්‍රශ්නය – සමාගම් කියපු දේ  ඔබ කමිටුව පිළිගත්තාද?

පිළිතුර – නැහැ අපි පිළිගත්තේ නැහැ..  අපි මෙහිදී පෙන්වා දුන්නා 2020 වසර තුළ මෙවැනි අනතුරු  51 වැනි සංඛ්‍යාවක් තමයි ඇති වුණේ. 2021 නොවැම්බර් මුල  වෙන විට  එවැනි අනතුරු ඊට කිට්ටුගානක්  වෙලා තිබුණා.  නමුත් නොවැම්බර් මාසේ 20 වෙනිදා සිට දෙසැම්බර් මාසේ 5 -6 වෙන විට එවැනි අනතරු 700 ගානක් විතර වාර්තා වුණා. අද වෙන විටත් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. 

මේ කාලය තුළ ස්ථානීය පරික්ෂාවන් සහ පොලිස් වාර්තාවන් දිහා බැලුවාම වෙනස් වීමට භාජනය වුණ කාරණය මොකක්ද කියලා බැලීම හරිම වැදගත්‍. ගෑස් ලිප් වෙනස්වුණාද?. නැහැ. බට වෙනස් වුණාද?. නැහැ. රෙගියුලේටරය වෙනස් කළාද?.. නැහැ  ටැංකියේ වෙනස් වීමක් වුණාද?. නැහැ. එහෙම නම් වෙනසක් ඇති වුණානම් වුණේ ටැංකියේ තියෙන වායුවයි. 

 නමුත් සමාගම් මුලින් මෙය ප්‍රතික්ෂේප කළත් පසුව  අපි ඉදිරියේදී පිළිගන්න සිදුවුණා.

  • ප්‍රශ්නය – වාර්තාව හදන්න කලින් අදාල සමාගම් වෙත මේ  සම්බන්ධයෙන් කිසියම් නිගමනයක් ඉදිරිපත් කළාද?

පිළිතුර – අපි වාර්තාව හදන්න පෙර සමාගම්වලට ප්‍රශ්න දෙකක් යැව්වා.  මේ ප්‍රශ්න දෙකට ඔව්ද?  නැතිද කියලා  විතරයි උත්තර දෙන්න කිව්වා‍.   අපි මුලින්ම ඇහුවේ “ ඔබලා  පිලිගන්නවාද ටැංකියේ තිබෙන වායු සංයුතියේ කිසියම් වෙනසක් ඇති වී තිබෙන බව”  කියලා විතරයි. ඔවුන් මේකට ලිඛිතව දීලා තියෙන උත්තර වුණේ “නැහැ” කියලා.

දෙවන පැනය වුණේ  ගඳ එන තරමට  ප්‍රමාණවත්  එතිල් මර්කැප්ටන් ප්‍රමාණයේ අඩුවක් කරලා තිබුණාද?  කියන පැනය.  ඒකටත් දුන්නේ උත්තරය නැහැ කියලා. ඒ කරුණු දෙකම අපි ප්‍රතිකෂේප කරනවා.

  • ප්‍රශ්නය – කමිටුව මේ පිලිතුරු ප්‍රතික්ෂේප කළේ කුමන කරුණු හේතුවෙන්ද?

පිළිතුර – පළමු කාරණ ය ගත්තාම අපි සපුගස්කන්දට දීලා  විශ්ලේෂණය කරලා බැලුවා. ඒකේ ප්‍රොපේන් සංයුතිය සියය 42 46යි අතර තිබුණේ.  මෙහි සාම්පල් අපි නෙවෙයි ගත්තේ…  පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් තමයි ගත්තේ.  ඔවුන් තමයි සපුගස්කන්දට යොමු කරලා තිබුණේ.

සංයුතිය වෙනස්වීම හරහා පීඩනය වැඩිවෙනවා. මේ පීඩනය බටයට හා රෙගියුලේටරයට දරා ගන්න බැහැ. එය ලිපට යනවා. ලිපේ තියෙන දුර්වලතාවන් නිසා ලිප පුපුරා යනවා.  

දෙවන ප්‍රශ්නය මර්කැප්ටන්වල ප්‍රශ්නය. නොවැම්බර් මාසේ 20 විතර මට දැනගන්න ලැබුණා ගෑස් ටැංකිවල පිපුරුමක් තියෙනවා කියලා. විෂයානුබද්ධ පුද්ගලයෙක් ලෙස මම බැලුවේ මේක‌ කොහොමද වෙන්නේ කියලා. මම මුලින්ම බැලුවේ පාරිභෝගික ආරක්ෂාවයි. මම මුලින්ම මගේ ගෙදර තියෙන ලිප ඔන් කරලා ගඳ එනවාද කියලා බැලුවා. ගදක් ආවේ නැහැ. ටැංකිය එළියට අරගෙන පරික්ෂා කර බැලූ විට ගද දැනුනා. මම ඒ වෙලාවේම ලිට්‍රෝ සමාගමට කථා කරලා කිව්වා. ඒ අය නියෝජිතයෙක් එවලා තිබුණා. මම ඒ අයට කිව්වා ටැංකියේ ගඳ තියෙනවා කියලා‍.  

ගෑස් එකේ අනතුරු තිබුණත් සැලකිලිමත් වෙනවා නම් අනතුරුව වලින් සියයට 50ක් අවම කර ගන්න පුලුවන්. පීඩනය වැඩි වූ විට ඔරොත්තු දෙන්නෙ නැති ගෑස් ටැංකි සහ ලිප් තමයි පුපුරා ගිහින් තියෙන්නේ.  එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත්නැහැ. පීඩනය වැඩි නිසා ඒවා තවමත් තියෙන්නේ අනතුරේ.  වෙළඳපොලේ ටැංකි  ලක්ෂ 2,  3 ක් තියෙන්නෙත් අනතුරේ. තවමත් පාවිච්චි කරමින් පවතින ඒවාත් තියෙන්නෙ  අනතුරේ. 

  • ප්‍රශ්නය – ගෑස් සංයුතියේ ප්‍රමිතිය සම්බන්ධයෙන්  ඔබට කිව හැක්කේ කුමක්ද? 

රජය පැත්තෙන් ගත් විට මම කිසිසේත්ම සෑහීමට පත්වෙන්‌නේ නැහැ ඒ ගැන.  ප්‍රමිතිය ගත් විට මෙහි තිබෙන සංයුතිය ගැන කිසිවක් කියනනේ නැහැ. විශේෂයෙන්ම සමාගම් හදාගෙන තියෙනවා ප්‍රමිතියක්. ඒ ප්‍රමිතියට වැඩ කළොත් පාරිභෝගිකයන්ට යන කලක් නැතිවෙනවා. ඒක මහ පුදුම ප්‍රමිතියක්. රජය කිව යුතුයි ඔබලා සැපයිය යුතු සංයුතිය කුමක්ද කියලා.  සමාගම අහලත් නැහැ රජයෙන් පාරිභෝගිකයින්ට සැපයිය යුතු මිශ්‍රණය කුමක්ද කියලා‍. මේ ප්‍රශ්නය සමව දෙකට බෙදා ගෙන රජය හා සමාගම් සම සමව භාරගත යුතුයි.  මෙන්න මේ ක්‍රියාපිළිවෙළ තමයි අපි වාර්තාවෙන් ඉදිරිපත්   කරලා තියෙන්නේ .

  • ප්‍රශ්නය – ගෑස් සමාගම් තමන්ට ආවේනිකව සාදාගෙන තිබෙන  සංයුතිය කුමක්ද?

පිළිතුර – ඒ අය ලඟ තියෙනවා ලැයිස්තුවක්. ඒ ලැයිස්තුව ඒ අයටම ආවෙිනික වු දෙයක්. ඒ සංයුතිය ක්‍රියාත්මක කළොත් ජනතාවට මොන මොන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. පාරිභෝගිකයින්ට ගෑස් සැපයීම සම්බන්ධයෙන්  බොහෝ කාලයක් පුරා නියාමනය කරලා නැහැ . මෙයින්  ප්‍රයෝජනය අරගෙන ගෑස් සමාගම් තමන්ට රිසිසේ වැඩකරගෙන ගිහිල්ලා‍. 

  • ප්‍රශ්නය මෙවැනි හදිසි අවස්ථාවකදී ගෑස් සමාගම් සතු සූදානම කොයි වගේද?

පිළිතුර – මේ වගේ හදිසි අවස්ථාවක් පැන නැගුණහොත් වෙළදපලේ තියෙන ගෑස් ටැංකි ටික එකතු කරලා ඒවා හිස්කරන්න වත් ප්‍රමාණවත් පහසුකම් ලිට්‍රෝ පසමාගමට නැහැ. තියෙන්නේ විශාල ටැංකි දෙකක් විතරයි. මේක ප්‍රමාණවත් නැහැ. 

නැවේ ඉඳන් කෙලින්ම මේ ටැංකි දෙකට ගෑස් පුරවා ගන්නවා. ඒ ටැංකි දෙකෙන් තමයි පාරිභෝගිකයන්ට බෙදා දෙන්නේ. මේ ටැංකි දෙකෙන් එකක් කැඩුණොත් වෙන්නේ කෙලින්ම  නිවසේ ගෑස් ටැංකියට පුරවා ගන්න එකයි. ගෑස් ටැංකියේ පීඩනය මනින්නවත්  හරියාකාර උපකරණයක් සමාගම සතුව නැහැ.

  • ප්‍රශ්නය – දැන් ඔබලාගේ   කමිටු වාර්තාවේ මේ සියල්ල අඩංගු කරලා වාර්තාවක් දිලා තියෙනවා‍. දැන්වත් ලිට්‍රෝ සමාගම ඒ වාර්තාවට අනුව කටයුතු කරයිද?

පිළිතුර – අපිට සමාගමට බලපෑම් කරන්න බැහැ‍. නමුත් ජනාධිපතිවරයාට භාරදුන්  කමිටු වාර්තා ජනාධිපති කාර්ය මණ්ඩලය  අධ්‍යයනය කරලා යම් ගැටලුවක් තියෙනවා නම් කමිටුව රැස් කරවලා මෙවැනි ගැටලුවක් තියෙනව අපි මොකක්ද කළ යුත්තේ කියලා අහන්න පුලුවන්.

නමුත් තවමත් එහෙම දෙයක් සිදු වුණේ නැහැ. පාරිභෝගිකයා ආරක්ෂිත ද කියලා තවමත් අපට ගැටලුවක්.

  • ප්‍රශ්නය – මේ සමාගම් දෙකම ගෑස් ලබාගෙන තියෙන්නේ එකම ආයතනයකින්ද?

පිළිතුර – මේ සමාගම් දෙක ගෑස් ලබාගත් ආයතනය කුමක්ද කියලා තවම හෙලිකරලා නැහැ. අපි ඇහුවත් ඒ දේ කිව්වේ නැහැ. අපි දන්නේ නැවේ නම විරයි. ඉන් එහා දේවල් අපි දන්නේ නැහැ. නමුත්අපිට ඒවා වැදගත් වෙනවා. 

  • ප්‍රශ්නය – ලිට්‍රෝ සමාගමේ  සියයට 99.9ක කොටස් හිමව ඇත්තේ රජය සතු ආයතනයකට.  ඒත් ලාෆ් සමාගම තරම් වගකීමක් ලිට්‍රෝ සමාගමට නැතිබවක් පෙන්නුම් කරනවා නේද?

පිළිතුර –  උදාහරණයක් ලෙස කියනාව නම් බස් රථයක ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකට මුහුණ දෙන්නේ රියදුරයි කොන්දොස්තරයි. බස් එක පොලීසියට ගෙනිච්චොත් බස් අයිතිකරුවා නැතහොත් මුදලාලි එළියට එනවා. නමුත් මේ ගැටලුවේදී මුදලාලි එළියට එන්නේ නැහැ. ඒකයි ගැටලුව.  තාම රියදුරයි කොන්දොස්තරයි ප්‍රශ්නය කරමින්   ඉන්නවා. මුදලාලි එලියට එන්නේ නැහැ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඔමික්‍රොන් ගැන සොයන්න හෙට සිට රට පුරා විශේෂ පර්යේෂණයක්!

Next Post

ඉඩම් ප්‍රශ්නයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළැයි කාන්තාවකගෙන් සංචාරක ඇමති මිලියන 500ක වන්දියක් ඉල්ලයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.