බොරැල්ල අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගෙන තිබේ.
වැල්ලම්පිටිය පොලසිය ඔහු අත් අඩංගුවට ගන්නේ මෙම කාර්යාල කාර්ය සහායකයා සන්තකයේ අයිස් ග්‍රෑම් 10කුත් මිලි ග්‍රෑම් 800ක් සන්තකයේ තබා ගත් කහවත්ත පනාවත්ත ප්‍රදේශයේ පදිංචි “ආරච්චි” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 32 හැවිරිදි පුද්ගලයෙකි.
මේ පුද්ගලයා අදාල මත්ද්‍රව්‍ය කහවත්ත ප්‍රදේශයේ අලෙවි කරන බවට අනාවරණය වී තිබිණි. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







