අසාධාරණ ලෙස අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගෙන මේ වනවිට සමාජ මාධ්‍ය ජලා ඔස්සේ පලවෙමින් ඇති අන්තර්ගතයන්හි වැඩිවීම පිළිබඳ සිය දැඩි කනස්සල්ල පල කරන බවත්, මේ නිර්මාණය වී ඇති තත්ත්වය අධිකරණ පද්ධතියේ අඛණ්ඩතාවයටද තර්ජනයක් එල්ල කර ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. .
අධිකරණයේ කීර්ති නාමයට සහ යුක්තිය පසිඳලීමට හානිකර ආකාරයෙන් එවැනි පලකිරිම් කීපයක් සමාජ මාධ්‍ය ජාලා තුළ පුලුල් ලෙස සංසරණයවන ආකාරයත් ඊට ජනතාව ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරයත් නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.
“යුක්තිය පසිඳලීමේදී අධිකරණය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර, එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ,” යැයි අවධාරණය කරන නීතිඥ සංගමය මහජන අදහස් දැක්වීම් හෝ සමාජ මාධ්‍ය සමපේක්ෂණ හරහා නොව නිසි නීතිමය මාර්ග හරහා අධිකරණ හැසිරීම පරීක්ෂා කිරීම සඳහා නීතිය නිශ්චිත ක්‍රියා පටිපාටි සපයන බව පෙන්වා කරයි.
කිසිම සනාථ කිරීමේ පදනමක් නොමැතිව අධිකරණ නිලධාරීන්ගේ ඡයා රූප පලකරමින්, මේ වනවිට පවත්වාගෙන යන අඛණ්ඩ පරීක්ෂණ සම්බන්ධව අනුමාන සහිතව පලවන මෑත කාලීන මාර්ගගත පළ කිරීම් පිළිබඳව තමන්ගේ විශේෂ කනස්සල්ල පල කරන බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කර සිටී.
නීතිඥ සංගමය ප්‍රකාශ කරන්නේ අදාළ ව්‍යවස්ථාපිත බලධාරීන්ගේ අධිකරණ බලයට යටත් වන කරුණු පිළිබඳව පුළුල් මහජන සමපේක්ෂනයක් ඇති වී තිබෙන බවය.
“නිර්දෝෂීභාවය පිළිබඳ පූර්ව නිගමනය අපගේ නීති පද්ධතියේ මුල් ගලක් වන අතර එය සෑම විටම තහවුරු කළ යුතුය,
නීති වෘත්තිකයන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රකාශ නිකුත් කිරීමෙන්, අදහස් බෙදා ගැනීමෙන් හෝ විමර්ශනවලට අගතියක් විය හැකි හෝ ක්‍රියාවලියට අනවශ්‍ය මහජන පීඩනයක් ඇති කළ හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසයි,” නීතිඥ සංගමය සිය නිවේදනයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටී. .
අධිකරණ නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳව අදහස් දැක්වීමේදී නිසි ක්‍රියාවලියට ගරු කරමින් වගකිවයුතු සංවාදයක් ඇති කරන ලෙස නීතිඥ සංගමය ඉල්ලා සිටී.
ඊයේ නිකුත් කර ඇති නීතිඥ සංගමයේ ප්‍රකාශයට එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අත්සන් කර ඇත.







