සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.
අසාධාරණ ඉල්ලීම් කරමින් වැඩවර්ජන ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු කර රටේ පාසල් දරුවෝ මෙන්ම රෝහල්වල ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ඇතළු පොදු මහජන සේවාවන් ලබා ගන්න පිරිසක් පීඩාවට පත් නොකර ආරක්ෂා කිරීම රජයේ වගකීමක් හා යුතුකමක් බව ප්‍රකාශ කරන කැබිනට් ප්‍රකාශකවරයා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්
කැබිනට් මණ්ඩලය රැස්වුණ අවස්ථාවේදී මේ දැවැන්ත වර්ජන රැල්ල පිළිබඳ විශාල වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණ බව ප්‍රකාශ කරයි.
ඒ අනුව අධ්‍යාපනය සෞඛ්‍ය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩකප්පල් කිරීම වැළැක්වීම සඳහා නව නීතියක් සම්පාදනය කර පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳ අධ්‍යනය කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ වෙත බලය පවරා ඇත.
එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම වැනි පොදු සේවාවන් ලබා ගැනීම කඩාකප්පල් කරන්නන්ට එරෙහිව නීති කෙටුම්පත් සකස් කිරීම සඳහා හැකියාව තිබෙන බව නීතිපතිවරයා කරුණු දක්වා ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.
රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින රුපියල් විසි දහසක වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන හාරසීයක පමණ අතිරේක වැයබරක් දැරිය යුතු බවත් එය දැරීමට රාජ්‍ය භාණ්ඩාගාරයට කිසිසේත්ම හැකියාවක් නැති බවත් මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දි ඇත.







