බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සිට මිහින්තලේ පුදබිමින් සියලුම ආරක්ෂක අංශ ඉවත් වේ…  සියලු පහිනිපත් කරගෙන හිටි  හමුදාව තමන්ව මරන්න ඉන්න බව කීම මොන දුෂ්ඨ කතාවක්දැයි රාජ්‍ය ඇමති මිහින්තලේ හිමිගෙන් අසයි….

by editor
දෙසැම්බර් 10, 2023
in පුවත්
Pramitha
Share on FacebookShare on Twitter
  • ගහන්න ගහන්න වඳින එකයි වඳින්න වඳින්න ගහන එකයි මොඩයො… ආණ්ඩුව එක්ක තියන ප්‍රශ්න හමුදාව පිටින් යවන්න එපා… රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමති මිහින්තලේ හිමියන්ට කියයි

මිහින්තලා පුදබිමේ ආරක්ෂක කටයුතු ඇතුළු අනෙක් සියලුම සත්කාර සඳහා යොදවා තිබූ නාවික හමුදා නිලධාරියෙක් ඇතුළු 103 දෙනෙක්,  හමුදා නිලධාරීන් 43ක් හා  සිවිල් ආරක්ෂක භටයින් 100ක් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එම භූමියෙන් ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මිහින්තලය පුදබමටත් එහි නායක හිමියන්ටත් ආරක්ෂාවත් අනෙක් සියලුම සත්කාරත් කරමින් රඳවා සිටිය දී   හමුදා නිලධාරීන් අතින් තමන්ව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට කළ  මිහින්තලේ නායක හිමියන්  ප්‍රකාශ කිරීමත් සමග   තුළ කිසිම හමුදා නිලධාරියෙක් මෙම භූමියේ ආරක්ෂාවට යෙදවීම අවදානම් බව ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඔහු කීවේ මේ ඝාතන කුමන්ත්‍රණ චෝදනාව එල්ල වී තිබුනේ හමුදා අනුඛණ්ඩයත් සමග සති තුනක් තිස්සේ  සේවයේ යොදවා සිටි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට බවත් ඔවුන් යොදවා තිබුණේ පස් අදින්නට අතුගාන්නට නොව ඔක්තොම්බර් 07 වැනිදා ඇති වූ සිද්ධියෙන් අනතුරුව  මහජනයා ගැවසෙන සෑම ස්ථානයකම   ආරක්ෂාව තහවුරු කිරීම සදහා බවත් රාජ්‍ය ඇමතිවරයා පැහැදිලි කළේය.

රාජ්‍ය ඇමතිවරයා මෙසේත් පැවසුවේය.

“ මිහින්තලා පුදබිමේ ආරක්ෂාව සහ වෙනත් නඩත්තු කටයුතු වෙනුවෙන් නාවික හමුදාවේ නිලධාරියෙක් එකක් භටයින් 103ක් යොදවලා තියනවා. සිවිල් ආරක්ෂක බලකායේ 100ක් යොදවලා තියනවා. හමුදාවෙ 43ක් යොදවලා තියනවා. සියල්ලේ එකතුව     252යි.  මීට අමතරව පොලිසියත් භූමියේ රාජකාරි කරනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අතර ඉල්ලීම අනුව පන්සලේ වැඩ කටයුතු කරගැනිමට නිලධාරීන් ලබා දීල තියනව. පොසොන් පෝය සමයේ මැද මළුවට පස් කියුබ් 150ක් කරේ ඇදලා තියනවා මේ නිලධාරීන්.  හමුදා නිලධාරින් 500ක් යෙදෙව්වා ඒ වැඩේට.

මෙවැනි තත්ත්වයක් තුළ හමුදාවේ  දෙදෙනෙක් සම්බන්ධව ප්‍රකාශයක් කළා නායක හාමුදුරුවො. ඒකම පාර්ලිමේන්තවෙත් මතුවුනා.

මේ දෙන්නා ඔක්තොම්බර් 07න් පස්සේ යෙදෙව්වෙ සංචාරකයින්ගේ ආරක්ෂාව සහ  අවේක්ෂණ කටයුතු සඳහා.    මේ කටයුත්තට ඔවුන්  සම්බන්ධ කළේ  ආරක්ෂාව වෙනුවෙන්. දැන් මේ හමුදා පුද්ගලයින් උන්වහන්සේ ගේ ජීවිතයට තර්ජනයක් තියන වග උන්වහන්සේ කියනවා නම් හමුදාව පන්සල තුළ සිටීම බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ 252කම    ඉවත් කරගන්න සිද්ධ වෙනවා.

ඒ අනුව නාවික හමුදාවේ 103ක් සිවිල් ආරක්ෂක බලකායේ 100ක් හමුදාවේ 43 දෙනත් අපි අද දවසේ සිට මිහින්තලා පුදබිමෙන් ඉවත් කරගන්න බව අපි මේ සභාවට දැනුම් දෙනවා.”

මේ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ මෙම පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියෙන් බවය. යුද හමුදාවට සවම්බන්ධ අයටවත්    නොදන්වා රහසිගතව ඔවුන්  පුදභූමියේ රැඳී සිටීම නිසා ඔවුන් අත් අඩංගුවට ගත් බවය.

එවිට ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සිද්ධිය පැහැදිලි කළේ මෙසේය.

“ගහන්න ගහන්න වඳින එකත්  වඳින්න වඳන්න ගහන එකත් මොඩයි.  පන්සල අතුගාන එකේ ඉඳලා හැමදේම කරන හමුදාව හාමුදුරුවන්ව ඝාතනය කරන්න අවා කිව්වම ආයේ ඒ කොල්ලන්ගෙන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ.    අණ්ඩුවත් එක්ක ප්‍රශ්නයක් තියනවා නම් ඒක ආණ්ඩුව එක්ක බේරගන්න.  දැන් නිලධාරීන් යන්න කැමති නෑ. මොන නිලධාරියාද කැමති එතන වැඩ කරන්න වෙන්නේ.

“පැහැදලිව කියන්නම්. මේ නිලධාරින් දෙදෙනා බුද්ධි නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ව දන්නේ නෑ කියන එක වැරදියි. ඔවුන් සති තුනක් හමුදාවේ 43 දෙනා එක්ක භූමියේ රාජකාරි කළේ. එහෙත් නිල ඇඳුම අඳින්නේ නැතිව සිවිල් ඇඳුමින් ඔවුන් හිටියේ. “

ඇමතිවරයා අවධාරණය කළේ ආරක්ෂක නිලධාරීන් පුදබිමෙන් ඉවත් කරගන්නා බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය සරසවියේ අඩු ආදායම් ලාභී ශිෂ්‍යයන් 100කට ඉන්දියාවෙන් ශිෂ්‍යාධාර…

Next Post

මෙහෙව් රටක්… ගණ පූර්ණය නෑ… රටේ අතිශය වැදගත් වැට් බදු පනත් කෙටුම්පත් විවාදය හෙට උදේ 9.30ට කල් යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.