සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සමරන ලෝක කම්කරු දිනයේ කතාව…

by editor
මැයි 1, 2023
in පුවත්
චිකාගෝ නුවර ඓතිහාසික කම්කරු අරගලය සිත්තරෙකුගේ ඇසින්...

චිකාගෝ නුවර ඓතිහාසික කම්කරු අරගලය සිත්තරෙකුගේ ඇසින්...

Share on FacebookShare on Twitter

136 වැනි ලෝක කම්කරු දිනය අදය. මැයි දිනය ලෙස සමරනු ලබන්නේ සමස්ථ ලෝක කම්කරු ප්‍රජාවගේ  ලෙයින් දහදියෙන් ලියැවුන ජවසම්පන්න ඉතිහාසයක පෞරුෂය ය. එහි ඉතිහාසය ලියැවෙන්නේ මෙසේය.

ඒ වනවිට ඇමරිකාවේ සේවකයින්ට නිශ්ඡිත වැඩමුරයක් තිබුණේ නැත. හාම්පුත්තු කම්කරුවන් වහල් සේවයේ යෙදවූහ. මේ පීඩාව දරාගත නොහැකි තැන  වර්ෂ 1886දී තමාට පැය 8ක සේවා මුරයක් ලබා දෙන ලෙස ඉල්ලමින් කම්කරු  පිරිසක් ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස් ව විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතා ව්‍යාපාරය ගැන සැලවූ සැනින් ප්‍රමෝදයට පත්වූ වැඩකරන ජනතාව හතර අතින් චිකාගෝ නුවරට එක්වන්න වූහ.    මැයි 3 වැනිදා වන විට 65000ක පමණ කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරට එක්ව සිටිහය.  කම්කරුවන්ගේ නැගිටීම ධනය සහ බලය හිමිකරගෙන සිටි හාමුපුතුන් මෙතෙක් ගොඩනගාගෙන තිබූ ආධිපත්‍යයට එල්ලවන මරු පහරක් විය.  රජය කුළු ගන්වමින් ඔවුහු මෙම කම්කරු සටන මර්ධනය කිරීමට රාජ්‍ය බලය යෙදවීමට කටයුතු කළහ. කම්කරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ගැටුම ආරම්භ විය.

මේ අතර  මැයි 4 වන දින, නාඳුනන පුද්ගලයෙකු පොලිස් කණ්ඩායම් වෙත නිරායුද අරගලයක නිරත අරගලකරුවන් අතර සිට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය. එම බෝම්බ ප්‍රහාරයත් සමග පොලිසිය අරගලකරුවන්ට වෙඩි තබන්නට විය.

මෙම ගැටුම හේතුවෙන්  පොලිස් නිලධාරීන් හත් දෙනෙකුගේ සහ අවම වශයෙන් සිවිල් වැසියන් හතර දෙනෙකුගේ මරණයට හේතු විය. සිවිල් වැසියන් එකසිය පහළොවක් මෙන්ම පොලිස් නිලධාරීන් හැටක් තුවාල ලැබූහ.  රජයේ දැඩි ප්‍රහාර හේතුවෙන් අහිමි වී යන ජීවිත සම්බන්ධව සලකා බලා කම්කරු නායකයෝ සටන තාවකාලිකව අත්හලහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව  දඩයම ඇරඹිනි. මෙම සටන සංවිධානය කළ ඇල්බට් පාසන්ස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔගස්ටස් ස්පයිස්, ඔස්කා නිබේ, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩොල්ෆ් ෆිෂර් යන කම්කරු නායකයන් අටදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබුවේය.

එම නඩු විභාගය යුත්කිය ගබ්සාකළ නඩු විභාගයක් ලෙස සැලකිනි.  නඩු විභාගය අවසානයේ දී ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් ලැබෙද්දී ෆිල්ඩන්ට සහ ෂ්වොබ්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා.

ඉතිරි පස්දෙනා එනම්  ඇල්බට් පාසන්ස්, ජෝර්ජ් එන්ගල්, ලුවී ලින්ග්, ඔගස්ටස් ස්පයිස් ඇඩොල්ෆ් ෆිෂර් එල්ලා මැරීමට අධිකරණය තීන්දු කළේය.

1887 නොවැම්බර් 11 වැනි දින කම්කරු නායකයන් පස්දෙනා එල්ලා මැරීමට නියමිතව තිබිණි. ඉන් එක් අයෙකු ඊට පෙර සියදිවි හානිකර ගත්තේය. ඉතිරි සිවු දෙනා වර්ෂ 1887 නොවැම්බර් 11 දින එල්ලා මරා දමනු ලැබීය.

නමුත් 1893 ජූනි 26 වැනිදා චිකාහෝ පිහිටි ඉලිනොඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයවරයා ලෙස කටයුතු කළ ජෝන් පීටර් ඇල්ට්ගෙල්ඩ් මෙම  කම්කරු නායකයන් 8 දෙනා නිවැරදි කරුවන් බව තීරණය කළේය. ඒ තීන්දුව එන විට කම්කරු නායකයින් පස් දෙනෙක් එල්ලා මරා දමා අවසන්ය.  කෙසේ වෙතත් තීන්දුව ප්‍රකාරව එතෙක් දීරඝකාලීන සිර දඬුවම්වලට යටත්ව සිටි කම්කරු නායකයින් තිදෙනා නිදොස් වී නිදහස් වූහ.

1889 වසරේ මැයි 1 වැනිදා ෆ්‍රෙඩ්‍රික් එංගල්ස්ගේ නායකත්වයෙන් යුතු  ජාත්‍යන්තර කම්කරු සංවිධානය ප්‍රංශයේ පැරිස් නුවර දී රැස් වුන අවස්ථාවේ   ඊට වසර 3කට පෙර ඇමරිකාවේ චිකාගෝ නුවර දී පැය 8ක වැඩ මුරයක් ඉල්ලා කම්කරුවන් රුධිරයෙන් කළ පරිත්‍යාගය සදාකල් සැමරිය යුතු බවට තීන්දු කෙරිනි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සෑම වසරකම මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට එම සමුළුවේ දී තීරණය විය. එදා සිට ලෝකයේ   රටවල් සෑම වසරකම මැයි 1 වැනිදාට ලෝක කම්කරු දිනය සමරති.

ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ඒ කම්කරු නායකයෙක් වූ ඒ. ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙනි.  ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.

වර්ෂ 1956 එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක   රජයේ කම්කරු ඇමති ධූරය දැරූ ටී.බී.ඉලංගරත්න   ශ්‍රී ලංකාවේ මැයි පළමුවැනි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව ලතින් ඇමරිකානු මිත්‍රත්වය වර්ධනය කරගනී

Next Post

මණ්ඩලේ කචල්… ලංකා සම සමාජ පක්ෂයේ මැයි දින රැළියට අධිකරණයෙන් තහනමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.