අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 05 දක්වා මුලු දියිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
මහජන ආරක්ෂක ආඥා පනතේ අංක 16වැනි වගන්තිය යටතේ වූ විධි නියමයන්ට අනුකූලව මෙම ඇඳිරි නීතිය පනවා තිබේ.
බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් නිකුත් කළ ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර හිමිවන්නේ නැති බව එම නිවේදනයෙන් දන්වා සිටී.







