අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.
- ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇත. පැවති මිල රුපියල් 3940කි. නව මිල රුපියල් 3,790කි.
- කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර තිබේ. පැවති මිල 1585කි. රුපියල් නව මිල රුපියල් 1,525කි.
- කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28කින් අඩු කර ඇත. පැවති මිල 740කි. එහි නව මිල රුපියල් 712කි.







