මෙතෙක් ලංකාවෙන් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 450ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (22) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් වාර්තා වීමත් සමගිනි. දූනගහ ප්‍රදේශයේ 33 හැවිරිදි කාන්තාවක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් සිටියහ.
එමෙන්ම අද දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 490ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඉන් 03ක් බන්ධනාගාර රැඳවියන්ය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 76413 කි.
මේ පිළිබඳ රජය විසින් නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.