කීර්ත් ප්‍රනාන්දු –
අද (04) දහවල් 12 සිට රාත්‍රී 11 දක්වා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමු, මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්ක සඳහාත් මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය වඩාත් අවාධාරණය කරන බවය.
ගිගිරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං එම පළාත්වල ඇතිවිය හැකි බව ද අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආරක්ෂක පියවර මෙසේ පෙළ ගස්වා ඇත.
- එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්න
- කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න
- බයිසිකල්, ට්‍රැක්ටර්, බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න
- රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වලකින්න
- තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇදවැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැලකිලිමත් වන්න
- හදිසි තත්ත්වයක දී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහාය පතන්න…









