දෙමව්පියන් මරා දමන බවට බිය වද්දා තර්ජනය කළ පුද්ගලයකු තමන්ට ඔහු සමග යාමට අඩගැසුවේයැයි ලිපියක් ලියා තැබූ දොළොස් හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති පුවතක් ඊයේ මහනුවරින් වාර්තා විණි.
මහනුවර ප්‍රධාන පෙළේ පාසැලක හත්වන වසරේ අධ්‍යාපනය ලබන මහනුවර නගරයට ආසන්නව පදිංචි දොළොස් හැවිරිදි සිසුවියක් ඊයේ (15) පෙරවරුවේ පැහැරගෙන ගිය බවට ලද දෙමව්පියන් කළ පැමිණිල්ලක් මත මහනුවර පොලීසියේ විශේෂ කණ්ඩායමක් පැය තුනක පමණ කාලයක් තිස්සේ ඇය සොයා මෙහෙයුමක් දියත්කරමින් සිටියදී අදාළ සිසුවිය මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලීය ප්‍රාථමික අංශය අසලදී පොලීසිය විසින් සොයාගනු ලැබ තිබේ.
නිවසේ සිටියදී ඊයේ (15) පෙරවරු 6.45 ට පමණ මෙම සිසුවිය අතුරුදන්ව ඇති අතර ඒ පිළිබඳ සැකසිතී දෙමව්පියන් මහනුවර පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කිසිවෙකු විසින් දියණිය පැහැරගෙන යන්නට ඇති බවට ප්‍රකාශකර ඇත.
නොදන්නා අයෙකු පැමිණ තම හිසට පිස්තෝලයක් තබා බියවැද්දු බවත් දෙමව්පියන් මරණ බවට චෝදනා කළ බවත් සිසුවිය ඇගේ අක්කාට ලියා තබන ලද ලිපියක් දෙමව්පියන් විසින් පොලීසියට බාරදුන් බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.
අතුරුදන් වූ සිසුවිය සතුව තිබූ ජංගම දුරකතනයෙන් සම්ප්‍රේෂණය වූ සංඥා මගින් පොලීසිය ඇය ඉන්නා ඉසව්ව සොයා ගැනීමට කටයුතුකර තිබේ.පැය තුනක පමණ කාලයක් තිස්සේ ඇය ගමන්කර තිබුණේ නිවසේ සිට කිලෝ මීටරයක පමණ පරිධියක බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් සැකකළ පොලීසිය සිසුවියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු අනුව ඇය පැහැර ගැනීමට ලක්ව නොමැති බව තහවුරුවී තිබේ.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට පොලීසිය පියවරගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකරන බව මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා කීය