මැයි 09 දින අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (17) පස්වරුවේ අපරාධ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ කටඋත්තරයක් ලබාදුන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් කටඋත්තරය ලබා දීමෙන් පසු පිටව ගිය බවය.