අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අජිත් රෝහණට එරෙහි මඩ ගැසීම් පසුපස තවත් එස්.ඩී.අයි.ජී කෙනෙක්

ගෙන්වූවා කියන දියණිය තවම පිටරට

by editor
මැයි 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

විකුම් වික්‍රමසිංහ-

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට සහ ඔහුගේ දියණියට අපහාස වන පරිදි සමාජ ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීම පසුපස  තවත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයකු සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනතාව අතර ජනප්‍රියත්වයට පත්වීම සහ රජයේ ඉහළ පාර්ශ්වයන්ගේ ප්‍රසාදයට ලක් වීම හරහා ඔහු වෘත්තීයමය අභියෝගයක් සේ සලකා මෙසේ අජිත් රෝහණ මහතාට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බව මෙම ආරංචි මාර්ග ලංකාසර ට හෙළි කළේය.

බෙලාරුස් රාජ්‍යෙය්  විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන අජිත් රෝහණ මහතාගේ දියණිය කොවිඩ් 19 වසංගත තත්ත්ව හමුවේ රජයේ මැදිහත්වීම හරහා මෙරටට ගෙන්වා ගෙන තම දියණිය නිරෝධායනට ලක් නොකොට රහසේම තම නිවසට කැඳවාගෙන ගිය බවට මෙම ප්‍රචාර ගෙන ගොස් තිබේ. එසේ වුවද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දියණිය තවමත් බෙලරුස් රාජ්‍යය් රැඳී සිටින අතර එම රටින් කිසිදු විදේශීය සිසුවකුට මේ වන තෙක් එම රටින් පිට වීමට බලධාරීන් පියවර ගෙන නොමැත. ඒ අනුව මෙම පුවත හිතාමතා අජිත් රෝහණ මහතා අපතීර්තියට පත්කිරීමේ අරමුණින් කරන ලද එකක් බවට මේ වනවිට දේශපාලන අධිකාරිය වෙතද අනාවරණය වී ඇත.

කොරෝනා මර්දනයේදී ඉතා ඉහළ ජනප්‍රසාදයක් ලැබීම සහ මහජනතාව සහ පොලිසිය අතර මනා සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට අජිත් රෝහණ මහතා කටයුතු කළ ආකාරය පිළිබඳව පොලිස් කොමිසමේ නිලධාරීන් අතරද සාකච්ඡා වී ඇති අතර එවැන්නන්ට ජ්‍යෙෂ්ඨත්වය ඉහළ දැමෙන පරිදි වැටුප් වර්ධක ආදිය ලබා දිය යුතු  බවට පසුගිය දිනවල සාකච්ඡා වී ඇත. මෙම අසත්‍ය ප්‍රචාරය පසුපස මෙම කතා බහද හේතු වන්නට ඇතැයි මෙම ආරංචි මාර්ග විශ්වාස කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩිස්නි ලොක්කා TikTok හි CEO වෙයි

Next Post

නුවරඑළියේ දී පොදුජන පෙරමුණ හා ශ්‍රි.ල.නි.පය ඇවිලේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.