අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

SDIG කෙනෙක් මාරු කරන්න බලයක් නැතැයි නීතිපතිට කී පොලිස්පති SDIG ලා හතර අතේ මාරු කරයි....

by editor
මැයි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටි හැටියේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට දකුණු පළාතට ස්ථාන මාරුවීමක් ලැබී ඇත. ඔහුත් සමග දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, නැගෙනහිර පළාත් වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලියු.කේ සිල්වා අපරාධ රථවාහන දිසාව භා්‍ර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් මාරු කර යවා තිබේ.

මෙම ස්ථාන මාරු ත්‍රිත්ත්වයේ නිමිත්ත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ බවත්  ඔහුට මෙම ස්ථාන මාරුව ලැබී ඇත්තේ සැබෑ ලෙසම පොලිස්පතිවරයාගේ අවශ්‍යතාව මතද නැතිනම් පොලිිස්පතිවරයාවද අභිබවා යමින් සිටින ඔහු යටතේ සිටිනා වෙනත් පොලිස් ප්‍රධානියෙකුගේ සැළසුමකට අනුවද    යන්න ගැන මේ වන විට පොලීසිය අභ්‍යන්තරයේ   දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

විශේෂත්වය වන්නේ පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න මෙම ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනා ස්ථාන මාරු කර යවන්නේ ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දුන්   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාරු කර යැවීමට තමන්ට බලයක් නැති බව නීතිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙද්දී වීමය.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ  වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන්  පසු පොලිස්පතිධූරයට ඉහළින්ම නම කියැවෙන නම් අතර  අජිත් රෝහණ  සිටින බවය. ඔහු  පොලීසියේ මෙන්ම ජනතාව අතරද ජනප්‍රිය චරිතයක් වීමත් මෙතෙක්  රටේම රථවාහන මෙන්ම අපරාධ මර්දන කටයුතු සම්බන්ධීකරණ නිලධාරියා  ලෙස කටයුතු කරමින් පොලිසියේ  නියෝජනය ලෙස  ජනතාව අරත නිරන්තරව රැඳී සිටීමත් නිසා   අනාගත පොලිස්පති සටනේ නිරත පොලිස් චරිතයක්  ඔහුව ඉලක්ක කරගෙන මෙම හදිසි මාරුවීම ලබා දීමට යම් බලපෑමක් සිදුකළේ දැයි සැක සහිත බව පොලිස් ප්‍රධානීහුම කියති.

අජිත් රෝහණට ඈත කොනකට විසිවන්නේ කොළඹ ඔහු රැදී සිටියහොත් රටේ තීන්දු තීරණ ගන්නා දේශපාලන අධිකාරිය වෙත ඔහු සමීප වන නිසා බවත් එය වැලැක්වීම මෙම ස්ථානමාරුව පිටුපස ඇති රහස බවත් පොලීසියේ මේ වන විට කථාබහ වන ප්‍රධාන මාතෘකාවක්බවට පත්ව ඇතැයි ද පැවසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කරන්නේ මෙම ස්ථානමාරුවීම කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට කියන තුරුම ඔහුද එය දැන සිට නැති බවය. ඒ අනුව පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුවීම කරන්නේද රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්වය.

පොලීසියේ මෙවැනි ගේම් රැසක් ඉදිරියේදී බලා ගන්නට හැකියාව ලැබෙනු ඇති බවත් මේ වන විට පොලිස්පති අත්සනට පමණක් සීමා කරමින් පොලීසියේ බොහෝ වැඩ සිදුවන්නට පටන්ගෙන ඇත්තේ දේශපාලන බලය තමන්වෙත කේන්ද්‍ර කරගත් එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අණසකට යටත්ව බවත් පොලීසිය තුළ කථාබහ වේ.

එම නිලධාරියා කටයුතු කරනුයේ ඇමතිබලතල සියතට ගෙන බවයි පොලීසියේ බොහෝ නිලධාරීන් කියන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැතිගෙන් ලංකාවට ඉදිරියේ පිහිටට එන අය ගැන ඉඟියක්

Next Post

අරගලයට දින 50යි… පොලිස් මූලස්ථානයෙත් ආරක්ෂාව තර කර පා ගමනට අධිකරණ නියෝගයක් ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.