එජාප මීළඟ පක්ෂ සංවත්සරය ලබන අගෝස්තුවේ දී පැවැත්වෙන විට පක්ෂ ව්‍යවස්ථාවට වෙනස්කම් කිහිපයක් සිදුකර කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සංඛ්‍යාව සීමා කිරීමට තීරණය ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ මහනුවර දි විශේෂ රැස්වීමකට එක් වෙමිනි.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නියෝජනය ද තරුණ හා වෘත්තියමය සුදුසුකම් ඇති තරුණයින්ට ලබා දීමට සැළසුම් කර ඇතැයි මෙහිදී පාලිත රංගේබණ්ඩාර පැවසුවේය.
සෑම කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෙකටම වගකීමක් පැවරෙන බවත් එම වගකීම ඉටු කරන්නේ ද යන්න සම්බන්ධව පක්ෂ නායකයා විසින් සෑම තෙමසකටම වරක් අධීක්ෂණය කරන බවත් මහලේකම් මහලේකම්වරයා කීවේය.







