ශ්‍රියානි විජේසිංහ –
ජාතික අක්ෂි රෝහලේදී දෘෂ්ඨි විතානයේ සැත්කමකට ලක්කළ 32 හැවිරිදි කාන්තාවක් මිගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ඇයව නිර්වින්දනය කිරිම සදහා Propofol ඖෂධය භාවිත කළ බවට නිල නොලත් තොරතුරු ලැබී ඇති බැවින් එම එන්නත හේතුවෙන් මියගියේද යන්න පිලිබඳව සැකයක් මතුව ඇති බවත් නිසි පරික්ෂණයක් කරන තෙක් ඒ පිලිබදව නිවැරදිව කීමට නොහැකි බවත් රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
කසේ නමුත් මෙම ඖෂධය පේරාදෙණිය රෝහලේ මරණ දෙකක් සිදු කළ සහ රෝහල් කීපයක සංකූලතාවන් ඇති කළ ඖෂධයක බවද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබුණේ ගැටලුවට තුඩු දුන් ඖෂධය රජයේ රෝහල්වලින් ඉවත් කර ඇති බවය.
මෙම කාන්තාව මීට පෙර ඇයගේ අනික් ඇසද සැත්කමකින් සුවපත් කර ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.







