ජයකාන්ත ලියනගේ බළපිටිය –
ගාල්ල, අක්මීමන ප්‍රදේශයේදී පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී අක්මීමන පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2023 ජුනි මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ අද (11) දහවල් නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ගොඩකන්දේවත්ත, මීගොඩ, වංචාවල ලිපිනයේ පදිංචි මලීෂ විධුරංග දිසානායක (19) නැමැති අය සහ එම ලිපිනයේම පදිංචි හේවාවෙලෙන්ගොඩ පතිතිනිගේ ඉසුරු ගිම්හාන (19) නැමැති අයයි.
අත් බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ කිරීමේදී මෙම සැකකරුවන්ට පොලීසිය විසින් වෙඩි තබා තිබෙන බවත් එයින් තුවාල ලැබූ පළමු සැකකරු ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අක්මීමන පොලිසිය කියයි.
පළමු සැකකරු ප්‍රතිකාර ලබන ගාල්ල, කරාපිටිය රෝහලට ගොස් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු රිමාන්ඩ් බාරයට පත්කල බවදදෙවන සැකකරු ද පසූව පොලිස් අත්අඩංගුවට පත වූ දෙවන සැකකරු දද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලද බවද අක්මීමන පොලීසිය කියයි.
ඊයේ (10) රාත්‍රියේ පොලිස් ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරතව සිටි අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් මාර්ගයේ රැදී සිටි පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට උත්සාහ කිරිමේදී ඔවුන් විසින් මෙම අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇති බවත් ඒහිදී පොලිසිය විසින් වෙඩි තබා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මධුරංග අරුමප්පෙරුම මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති එච් ජී ජනප්‍රිය, උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







