සතියේ දිනවල මෝටර් රථයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට අදාලව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන අවස්ථාවේ දී ඇතැම් රියදුරන් මොටර් රථයේ අංක තහඩුව වෙනස් කරගෙන පැමිණෙන අයුරු නිරීක්ෂණය වී ඇති බැවින් ඒ සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් පොලිස් මූලස්ථානයේ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව වෙතින් නිකුත් කර තිබේ.
ඉන්ධන පිරවුම්හල්වල රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට වාහනයේ වර්ගය, මාදිලිය, නිශ්පාදිත වර්ෂය, පිළිබඳ සැලකිල්ලෙන් යුතුව අංක තහඩුව නිරීක්ෂණය කර සැක සහිත වාහන අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමට උපදෙස් ලැබී තිබේ.