බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

by editor
මැයි 31, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ලන්ඩනයේ සුප්‍රකට වොන්ඩ්ස්වර්ත් (HMP Wandsworth) බන්ධනාගාරය තුළ, නිල ඇඳුමෙන් සැරසුණු කාන්තා බන්ධනාගාර නිලධාරිනියක සහ සිරකරුවෙකු අතර සිදු වූ රහසිගත ලිංගික සන්නිවේදනයක් පසුගිය 2024 වසරේදී මුළු ලොවම කැළඹූ ආන්දෝලනාත්මක පුවතක් බවට පත් විය. මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ වීමත් සමඟ එංගලන්තයේ බන්ධනාගාර ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක් විය. දැන්, මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චරිත දෙක වන රැඳවියා සහ බන්ධනාගාර නිලධාරිනිය, එම අපකීර්තිමත් සිද්ධිය  ආරම්භ වූ ආකාරය පිළිබඳව එකිනෙකට පරස්පර අතිශය අසාමාන්‍ය තොරතුරු රැසක් මාධ්‍ය වෙත හෙළි කර තිබේ.

  • ‘නැන්ඩෝස් චිකන් සහ චයිනීස් කෑම’වලින් පටන් ගත් ආදරය?

මෙම සිදුවීමේ ප්‍රධාන චරිතය වන්නේ 38 හැවිරිදි ලින්ටන් වයිරිච් (Linton Weirich) නමැති සිරකරුවෙකි. සිව් වතාවක් බන්ධනාගාර ගත වී ඇති, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් වැරදිකරු වූවෙකු වන ඔහු, කෙන්සිංටන්හි නිවසකින් පවුම් 65,000ක දේපළ සොරකම් කිරීම වෙනුවෙන් වසර හතරකුත් මාස නවයක සිරදඬුවමක් විඳිමින් සිටියෙකි.

ඔහු පවසන ආකාරයට, මෙම කාන්තා නිලධාරිනිය වූ 32 හැවිරිදි ලින්ඩා ඩි සූසා ආබ්‍රේව් (Linda de Sousa Abreu) සමඟ තිබූ සබඳතාවය ආරම්භ වී ඇත්තේ ඇය විසින් බන්ධනාගාරය තුළට හොර රහසේ රැගෙන ආ ‘නැන්ඩෝස්’ (Nando’s) චිකන් සහ චයිනීස් කෑම වර්ග රැඳවියන්ට ලබා දීමත් සමඟය.

“ඇය මට විශේෂ කැමැත්තක් දක්වන බව පැහැදිලිවම පෙනෙන්න තිබුණා. ඇය වෙනත් නිලධාරියෙකුගෙන් මගේ නම අසා දැනගෙන, ස්නැප්චැට් (Snapchat) හරහා මට පණිවිඩ එවන්න පටන් ගත්තා. අපි අතර ඉතාමත් සමීප පණිවිඩ හුවමාරු වුණා,” යැයි වයිරිච් ‘ද සන්’ (The Sun) පුවත්පතට පවසා ඇත. බන්ධනාගාරය තුළ තමා ආරක්ෂා කරන ලෙසත්, තමාට කෙළ ගැසූ වෙනත් රැඳවියෙකුට ‘පාඩමක් උගන්වන ලෙසත්’ ඇය තමාගෙන් ඉල්ලා සිටි බවද ඔහු පවසයි.

වීඩියෝව පටිගත කිරීමට පෙර, තමන් සිර මැදිරිය තුළ මෙන්ම බන්ධනාගාර කාර්යාලය තුළද කිහිප වතාවක්ම ලිංගිකව හැසිරුණු බව වයිරිච් අනාවරණය කර තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Linton-Weirich
ලින්ටන් වයිරිච්
  • “මුළු ජීවිතයම විනාශ වුණා”

මෙම දර්ශන පෙළ කැමරාගත වන අවස්ථාවේදී වයිරිච්ගේ සැබෑ සහකාරිය ඔවුන්ගේ දරුවා ප්‍රසූත කිරීමට ආසන්නව සිට ඇත. මේ හේතුවෙන් මෙම දර්ශන පටිගත කිරීමට තමා අකමැති වූ බවත්, නමුත් ලින්ඩා ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බවත් ඔහු පවසයි.

“ඒක මගේ ජීවිතයේ මම කරපු ලොකුම වැරැද්ද. ඒකෙන් මගේ හැමදේම විනාශ වුණා. මගේ පවුලට විශාල මානසික කඩාවැටීමකට ලක්වෙන්න සිද්ධ වුණා,” යැයි පවසන වයිරිච්, කෙසේ වෙතත් මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමෙන් පසු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ අවස්ථාවේදී එහි සිටි ආරක්ෂක නිලධාරීන් සහ සිරකරුවන් තමාට අතට අත දී ‘ලෙජන්ඩ්’ (Legend) කෙනෙකු ලෙස හැඳින්වූ බවද පවසයි. ඔහුගේ අදහසට අනුව වර්තමාන බන්ධනාගාරවල කිසිදු විනයක් නොමැති අතර, වයස අවුරුදු 19-20 සීමාවේ පසුවන තරුණ ගැහැණු ළමයින් සේවයට බඳවා ගැනීම නිසා දූෂණය උපරිම තලයකට පැමිණ ඇති බව ඔහු කියයි.

  • බන්ධනාගාර නිලධාරිනිය සහ ඇගේ ‘ඔන්ලිෆෑන්ස්’ (OnlyFans) ගිණුම

පොදු මහජන සේවයක සිටියදී සිරකරුවෙකු සමඟ මෙවැනි නුසුදුසු සබඳතාවක් පැවැත්වීමේ සහ විෂමාචාරී ලෙස හැසිරීමේ වරදට ලින්ඩා ඩි සූසා ආබ්‍රේව්ට බ්‍රිතාන්‍ය අධිකරණය විසින් මාස 15ක සිරදඬුවමක් නියම කරන ලදී. 2024 වසරේ ජූලි මාසයේදී අධිකරණය හමුවේ ඇය තමන් වැරදිකරු බව නිල වශයෙන් පිළිගත් අතර, ඉන්පසු ඇයව ‘HMP බ්‍රොන්ස්ෆීල්ඩ්’ (HMP Bronzefield) කාන්තා බන්ධනාගාරය වෙත යොමු කෙරිණි. කෙසේ වෙතත්, එංගලන්තයේ පවතින බන්ධනාගාර අධික තදබදය හේතුවෙන්, යහපත් කල්ක්‍රියාව මත ඇයට සිය සමස්ත දඬුවම් කාලයෙන් තුනෙන් එකක් (මාස 5ක්) පමණක් සිරබත් කා, විශේෂ බලපත්‍රයක් (Release on licence) යටතේ නිදහස ලබා ගැනීමට අවස්ථාව ලැබුණි.

විවාහක කාන්තාවක සහ එක්දරු මවක වන ලින්ඩා, බ්‍රසීලයේ උපත ලැබූ අයෙකි. ඇය සතුව ‘OnlyFans’ නමැති වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවියක ගිණුමක්ද පවතින අතර, එහි ඇය තමා ‘සරාගී ලතින් ඇමරිකානු කාන්තාවක්’ ලෙස හඳුන්වා දෙමින් මුදලට දර්ශන අලෙවි කර ඇත. බන්ධනාගාරය තුළ සිදු වූ මෙම සිදුවීමෙන් පසු ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද කටයුතු කළාය.

නිදහස ලැබීමෙන් පසු, බන්ධනාගාරයෙන් පිටතදී ප්‍රථම වතාවට මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් ලින්ඩා ඩි සූසා තමන් අතින් සිදු වූ එම වරද සහ ඉන්පසු තමන් මුහුණ දුන් සිර දඬුවම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු හෙළි කර තිබේ. එහිදී ඇය පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගිය එම වීඩියෝ දර්ශන පිළිබඳව තමන් අතිශයින්ම ලැජ්ජාවට පත්වන අතර, සියලු ක්‍රියාවන් පිළිබඳව දැඩි ලෙස පසුතැවෙන බවයි.

කෙසේ වෙතත්, සිරකරු වයිරිච් තමන්ට එල්ල කරන අනෙකුත් බරපතළ චෝදනා ඇය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. බන්ධනාගාරය තුළට කෑම වර්ග හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය ජාවාරම් කළ බව ඇය ප්‍රතික්ෂේප කරන අතර, තමා සිරකරු සතුව තිබූ රහසිගත දුරකථනයකින් ඔහු සමඟ සම්බන්ධ වූයේ නැති බවද අවධාරණය කරයි.

“මම නොකළ යුතු කෙනෙකු සමඟ ලිංගිකව හැසිරුණා. ඒක වැරදි, නුසුදුසු සබඳතාවයක්. මම ඒ සබඳතාවයේ වගකීම සම්පූර්ණයෙන්ම භාර ගන්නවා. නමුත් මම බන්ධනාගාරය ඇතුළට කිසිම දෙයක් හොරෙන් ගෙනාවේ නැහැ,” යැයි ඇය පවසන්නීය.

ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ තමා සේවය කළ කාලසීමාව තුළ වොන්ඩ්ස්වර්ත් බන්ධනාගාරය දැඩි සේවක හිඟයකින් පීඩා විඳි බවත්, එම නිසාම එය පාලනය කිරීමට අතිශය අපහසු මෙන්ම පීඩනකාරී පරිසරයක් පැවති බවත්ය. කෙසේ වෙතත්, නිදහස් වීමෙන් පසු ඇය දෙවියන් කෙරෙහි භක්තිය යොමු කර ඇති බවත්, මේ වන විට සමාජයෙන් සහ මාධ්‍යවලින් වෙන් වී, ප්‍රසිද්ධියෙන් සම්පූර්ණයෙන්ම වැළකී තම දරුවා සමඟ කාලය ගත කරමින් සිය ජීවිතය නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන බවත් සඳහන් වේ.

Linda-de-Sousa-Abreu
ලින්ඩා ඩි සූසා ආබ්‍රේව්..
  • බියගැන්වීම් සහ බලපෑම්?

ලින්ඩාගේ සමීපතම මිතුරියක වන හේලි (Hayley) මාධ්‍ය වෙත පවසා ඇත්තේ, මෙම සිදුවීම සිදුවන සමයේ ලින්ඩා දැඩි මානසික පීඩනයකින් පසුවූ බවය. බන්ධනාගාරයේ සිටි රැඳවියන් ලින්ඩාගේ සැමියාගේ නම මෙන්ම ඇගේ OnlyFans ගිණුම පිළිබඳවද දැන සිටි බවත්, එමඟින් ඇයට යම් බලපෑමක් සහ තර්ජනයක් (Coercion) එල්ල වී තිබූ බවත් ඇය පවසයි. මෙම සිදුවීම නිසා ලින්ඩාගේ විවාහ ජීවිතයටද දැඩි බලපෑම් එල්ල වී ඇත.

  • “අපි ඉතිහාසයක් ගත දෙයක් කළා”

ලෝකය පුරා ප්‍රසිද්ධ වූ එම වීඩියෝව පටිගත කර ඇත්තේ වයිරිච්ගේ සිරමැදිරියේ සිටි අනෙක් සිරකරුවා විසිනි. ඔහු දුම්වැටියක් උරිමින්, සිනාසෙමින් වීඩියෝව පටිගත කරන අතරතුර, “මචංලා, අපි ඉතිහාසගත වුණා! වොන්ඩ්ස්වර්ත්වල අපි වැඩ කරන්නේ මෙහෙමයි,” යනුවෙන් පවසන හඬ එහි සටහන්ව ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ගෙන් බහුතරය කැපවීමෙන් වැඩ කරන වෘත්තිකයන් බවයි.

මෙවැනි දූෂිත නිලධාරීන් හඳුනා ගැනීම සඳහා දැඩි පරීක්ෂණ ක්‍රමවේද සහ බන්ධනාගාර ආරක්ෂාව වෙනුවෙන් පවුම් මිලියන 40කට අධික මුදලක් ආයෝජනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් නෑ… NTC  තහවුරු කරයි…

Next Post

 ගල්අඟුරු ජාවාරමට තිත තැබීමට ලබන වසරේ සිට ප්‍රම්පාදන කොන්දේසි දැඩි වෙයි… නව ටෙන්ඩර් පටිපාටියක් සහ නව පරිවිතර හඳුන්වා දෙයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.