USAID හරහා ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් ලෝක මට්ටමින් නැගෙන චෝදනා පිළිබඳ විමසීම සඳහා සුදුසු විමර්ශන කටයුත්තක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මේ සම්බන්ධව සොයා බලීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇතැයි ද දයාසිරි ජයසේකර පෙන්වා දුන්නේය.
“US AID අරමුදල් පරිහරණය සම්බන්ධයෙන් ලංකාව පිළිබඳ විශාල කතා බහක් ලෝකයේ ඇති වෙලා තියනවා. ඒ සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කථානායකතුමාගෙන් ඉල්ලීමකුත් කළා. මේ සඳහා ඔබතුමා තේරීම් කාරක සභාවක් පත් කරනව ද?. අගමැති තුමියගේ නමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගෑවිලා තියනවා. මේ තත්ත්වය ආණ්ඩුවටත් හොඳ නෑ. ” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසුවේය.
කතානායකවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවය. ඉදිරියේ දී ඒ කටයුතු සිදුවන බවත් කථානායකවරයා කීවේය.







