සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා පිතිකරුවෝ වගකීම් ඉටු කරති… කුසල් ශතකයක්… නිශාන්, චරිත් අර්ධ ශතක… ජනිත්ගෙන් වේගවත් ප්‍රහාරයක්…

by editor
පෙබරවාරි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා තරගයක් ලෙස පැවැත්වෙන දෙවැනි එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම අවසානය. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදීමට තීන්දු කළ පසු ශ්‍රී ලංකා පිතිකරුවෝ ස්වකීය වගකීම ඉටු කර ඇත්තාහ.

ලකුණු 281ක් කඩුළු 04ක් දැවී ලබාගෙන තිබේ. ඒ ලකුණු 281ට කුසල් මෙන්ඩිස්ගේ මනරම් ශතකයක් අන්තර්ගතය. නිශාන් මධුෂ්ක ලබා ගත් ලකුණු 51ක්, චරිත් අසලංක ලබා ගත් වේගවත් ලකුණු 78ක් සහිත අර්ධ ශතක දෙකකින් ඉනිම ස්ථාවර වී ඇත. ජනිත් ලියනගේ පන්දු 21ක් තුල ලැබූ ලකුණු 32ක අවසන් පන්දු ඕවර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාසනීය ස්ථාවරයකට රැගෙන ගියේය.

නිශාන් සහ කුසල්…

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පිටියේ පන්දු රැකීමට ද අර්බුදයක තිබුණු ආකාරය දුටුවෙමු. චරිත් අසලංකගේ ගිලිහී ගිය උඩ පන්දුවක් ලකුණු හයේ පහරක් බවට පත්වූයේය. පන්දුව වෙත දිව ඒමේ ප්‍රමාදයන් නිසා උඩපන්දු ගිලිහී ගියේය.

සමස්ථයක් ලෙස මුල් ඉනිමේ පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා කණ්ඩායමටය. කුසල් මෙන්ඩිස් පන්දු 115ක් තුළ ලබා ගත් ලකුණු 101 ඉනිම ස්ථාවර කරන්නේ පැතුම් නිශ්ශංක ලකුණු 06කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 04කට බිඳ වැටෙන අවකාශය තුළය. නිශාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි. කමිඳු මෙන්ඩිස් ලකුණු 4කට දැවී යෑමත් සමග චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් අතර ලකුණු 94ක සම්බන්ධතාවයක් ඇති විය. කුසල් මෙන්ඩිස් දැවී යන්නේ 45 වැනි පන්දු ඕවරයේ පළමු පන්දුවේදී ය.

නායක චරිත්…

එතැන් සිට පන්දු 35ක් තුළ දී චරිත් අසලංක සහ ජනිත් ලියනගේ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නනට එල්ල කළ ප්‍රහාරය බිහිසුණු එකක් විය. ඔවුහු අවසන් පන්දු 35 තුළ ලකුණු 66ක් රැස් කළහ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

බෙන් ඩ්‍රොව්ෂයිස්, ආරොන් හාර්ඩි, ෂේන් ඇබොට් සහ ඇඩම් සම්පා කඩුල්ල බැගින් ලබා ගත්හ. කඩුල්ල පිතිකරණයට කදිමය. ඔස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය ප්‍රබලය. මේ ඉලක්කය හඹා යෑම සම්බන්ධව ධනාත්මක ප්‍රවේශයක් ලබා ගැනීමට ඔවුන්ට අපහසුවක් නොවනු ඇත. සියල්ල පිටියේ පන්දු රැකීම සහ පන්දු යවන්නන්ගේ ඉලක්කය මත රැඳී තිබේ. තරගාවලි ජයග්‍රහණයක් සඳහා වඩාත් කිට්ටු ප්‍රවේශයක මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන බව කිව යුතුව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

USAID අරමුදල් පරිහරණය සම්බන්ධව විශේෂ විමර්ශනයකට කථානායකවරයා සැලසුම් කරයි!

Next Post

USAID මුදල් දීපු තැන් ගැන හොයන්න පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් දානවා… නාමල් ජුලී චෑන්ග්ට කියයි.

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.