බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන ඇමරිකා එකඟතාවයකින් යුද්ධය නවතී ද?

by editor
මැයි 7, 2026
in පුවත්
HORMUZ

ටෙහෙරාන් නගරයේ ගොඩනැගිල්ලක හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ග්‍රැෆික් නිර්මාණයක් සහිත දැන්වීම් පුවරුවක්

Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා කෙටි අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයම ඉතා සමීප වෙමින් සිටින බව සාකච්ඡා පිළිබඳ සමීප තොරතුරු දන්නා කලාපීය මූලාශ්‍රයක් උපුටා දක්වමින් CNN වාර්තා කර තිබේ.

කෙසේ වෙතත්, මීට පෙරද අවසන් මොහොතේ මෙවැනි සාකච්ඡා බිඳ වැටුණු බැවින් ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ පිළිබඳව දැඩි ප්‍රවේශමකින් පසුවන බව ද සඳහන් වේ.

පාකිස්තාන මැදිහත්කරුවන්ගෙන් ධනාත්මක සංඥා

ඉරානය සම්මුතියකට එළඹීම සඳහා ප්‍රගතියක් පෙන්වන බවට පාකිස්තාන මැදිහත්කරුවන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් අඟහරුවාදා ධවල මන්දිරයට ලැබී ඇති බව පරිපාලන නිලධාරීන් දෙදෙනෙකු සීඑන්එන් (CNN) පුවත් සේවයට තහවුරු කර ඇත. එහෙත් පාකිස්තානය දක්වන මෙම සුබවාදී ස්වභාවය පිළිබඳව ඇතැම් ඇමරිකානු නිලධාරීහු තවමත් සැක පල කරති.

පසුගිය දින කිහිපය තුළ යළිත් වරක් රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් වේගවත් වී ඇති බවත්, ඉරාන පාලන තන්ත්‍රයේ මධ්‍යස්ථ මතධාරීන්ට නැවත සාකච්ඡා මේසයට පැමිණීමට අවස්ථාව සලසා දීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාම සාකච්ඡාවල ඇති ගැටලු සහගත කරුණු සරල කිරීමට උත්සාහ කරන බවත් අදාළ මූලාශ්‍රය වැඩිදුරටත් පැවසීය. මෙහි අරමුණ වන්නේ වඩාත් සංකීර්ණ සහ අසීරු ගැටලු පසුව විසඳා ගැනීමය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

සැලැස්මේ අන්තර්ගතය සහ දින 30ක කාල සීමාව

අභ්‍යන්තරිකව සංසරණය වන පිටු එකක සැලැස්මක් තුළ මෙම ගැටුම අවසන් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධාන කරුණු ඇතුළත් වී තිබේ. මෙම ලේඛනය මගින් යුද්ධය අවසන් වූ බව ප්‍රකාශ කරන අතරම, න්‍යෂ්ටික ගැටලු, අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ අනාගත ආරක්ෂාව වැනි දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දින 30 ක සාකච්ඡා කාලසීමාවක් ආරම්භ කරනු ඇත.

මෙම සැලැස්මේ නිශ්චිත තොරතුරු තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, යුරේනියම් පිරිපහදු කිරීම වසර 10 කට වැඩි කාලයක් සඳහා අත්හිටුවීමේ එකඟතාවක් මෙයට ඇතුළත් වන බව වාර්තා වේ. මීට පෙර ඇමරිකාව යෝජනා කර තිබුණේ එම කාලය වසර 20 ක් විය යුතු බවය.

එසේම, ඉරානය සතු ඉහළ මට්ටමකින් පිරිපහදු කළ යුරේනියම් තොගය රටින් බැහැරට යැවිය යුතු බවටද මෙම සැලැස්ම මගින් නියම කර ඇතත්, එහි විස්තර තවමත් සාකච්ඡා වෙමින් පවතී.

බදාදා පීබීඑස් (PBS) පුවත් සේවය සමඟ අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ, විභව ගිවිසුමක කොන්දේසි යටතේ ටෙහෙරානය එම ද්‍රව්‍ය එක්සත් ජනපදයට එවිය යුතු බවත්, ඔවුන්ගේ භූගත පහසුකම් ක්‍රියාත්මක නොකරන බවට පොරොන්දු විය යුතු බවත්ය. කෙසේ වෙතත්, මෙම යුරේනියම් තොගය ඇමරිකාවට එවීමේ අදහස පසුගිය මාසයේ පාකිස්තානයේදී උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඉරාන නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා බිඳ වැටීමට ද එක් හේතුවක් විය.

ඇමරිකාවේ නවතම යෝජනාව ඉරානය තවමත් අධ්‍යයනය කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගෙයි එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත. “එක්සත් ජනපද සැලැස්ම සහ යෝජනාව තවමත් ඉරානයේ සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර, අපගේ ස්ථාවරය අවසන් කිරීමෙන් පසු එය පාකිස්තාන පාර්ශවයට දැනුම් දෙනු ඇත,” යැයි ඔහු පවසා තිබේ.

ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව නතර වෙයි

පාකිස්තානයෙන් ලැබුණු ධනාත්මක තොරතුරු මත පදනම්ව, හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නැව් මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට ට්‍රම්ප් අඟහරුවාදා පියවර ගත්තේය. රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මීට පෙර පවසා තිබුණේ “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) මෙහෙයුම අවසන් වූ බවත්, දැන් සම්පූර්ණ අවධානය “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” වෙත යොමු කර ඇති බවත්ය.

එක්සත් ජනපදය සිය හමුදාමය ක්‍රියාමාර්ග දැඩි ලෙස තල්ලු කරන තරමට ඉරානයේ දැඩි මතධාරීන්ගේ හඬ ප්‍රබල වන බව කලාපීය මූලාශ්‍රය පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ ප්‍රධාන ප්‍රමුඛතාවය වී ඇත්තේ යුද්ධය සඳහා රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීම සහ සමුද්‍ර සන්ධිය කඩිනමින් විවෘත කිරීමයි.

ගිවිසුමකට එළඹීමේ හැකියාව පිළිබඳව ට්‍රම්ප් බදාදා සුබවාදී අදහස් පළ කළද, “ඔව්, මම හිතනවා එය සිදුවෙයි කියලා, නමුත් මීට කලිනුත් මට එහෙම හිතිලා තියෙනවා. ඒ නිසා බලමු මොකද වෙන්නේ කියලා,” යැයි පවසමින් ඔහු අවිනිශ්චිතභාවය ද පිළිගත්තේය.

ට්‍රම්ප්ගේ දැඩි අනතුරු ඇඟවීම සහ ඉරාන ප්‍රතිචාර –

එමෙන්ම එදිනම උදෑසන ඔහු ටෘත් සෝෂල් (Truth Social) හි සටහනක් තබමින් ඉරානයට නව තර්ජනයක් ද කළේය. එහි සඳහන් වූයේ ඔවුන් එකඟතාවයකට නොපැමිණියේ නම්, මීට පෙර පැවති තීව්‍රතාවයට වඩා ඉහළ මට්ටමකින් “බෝම්බ හෙලීම ආරම්භ කරන” බවය.

මෙම අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් ඉරානය ඇමරිකාවට පවසා තිබුණේ  ඉරානය ඕනෑම මොහොතක ප්‍රහාරයකට සූදානම්ව සිටින බවය. “ඉරානයේ ඇඟිල්ල ඇත්තේ තුවක්කුවේ  කොකා මතයි. අපි ඕනෑම දෙයකට සූදානම්,” යැයි ඔහු පවසා තිබේ.

“ඔවුන් යටත් නොවන්නේ නම්, අපට හිමිවිය යුතු සහන ලබා නොදෙන්නේ නම්, එසේත් නැතිනම් ඔවුන් හෝ ඔවුන්ගේ ‘ප්‍රොක්සි සුනඛයන්’ (proxy dogs) කිසියම් විනාශකාරී ක්‍රියාවක නිරත වීමට උත්සාහ කරන්නේ නම්, අපි ඉතා දරුණු සහ පසුතැවිලි වීමට සිදුවන ආකාරයේ ප්‍රතිචාරයක් ලබා දෙනවා,” යැයි පවසමින් ඔහු ඇමරිකාවට සහ එහි සගයන්ට සිය ස්ථාවරය අවධාරණය කර ඇත.

එමෙන්ම  ඇමරිකාව සහ ඉරානය අතර ඇති වීමට නියමිත බව කියන ගිවිසුමක් සම්බන්ධයෙන් ‘ඇක්සියෝස්’ (Axios) පුවත් සේවය පළ කළ වාර්තාව, ඇමරිකාවේ හුදු අපේක්ෂාවන් මිස සැබෑ තත්ත්වය නොවන බව ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ කමිටුවේ ප්‍රකාශක එබ්‍රහිම් රෙසෙයි (Ebrahim Rezaei) ප්‍රකාශ කළේය.

“ඇක්සියෝස් ඉදිරිපත් කළ පෙළ ඇමරිකානු ප්‍රාර්ථනාවන් ලැයිස්තුවක් මිස යථාර්ථයක් නොවේ. ඇමරිකානුවන් මුහුණට මුහුණ ලා සිදු කළ සාකච්ඡාවලදී ලබාගත නොහැකි වූ කිසිවක්, ඔවුන් විසින් පරාජය වෙමින් පවතින මෙම යුද්ධය හරහා ද ලබා ගැනීමට නොහැකි වනු ඇති.”

ඇක්සියෝස් වාර්තාව මගින් මීට පෙර පවසා තිබුණේ, සම්බාධක ඉවත් කිරීමට ප්‍රතිලාභ වශයෙන් ඉරානය සිය යුරේනියම් පිරිපහදු කිරීම වසර 12 සිට 15 දක්වා කාලයකට අත්හිටුවීමටත්, සියයට 60 ක මට්ටමට පිරිපහදු කළ යුරේනියම් තොගය රටින් බැහැර කිරීමටත් එකඟ වී ඇති බවයි. රෙසෙයි මෙම කරුණු තරයේ ප්‍රතික්ෂේප කරයි.

 ඊයේ  සන්ධ්‍යාවේ අදහස් දක්වමින් අමාත්‍යාංශ ප්‍රකාශක  බ්‍රිගේඩියර් ජෙනරාල් රේසා තලෙයි-නික් (Reza Talaei-Nik) ප්‍රකාශ කළේ ඉරාන ජනතාවගේ ස්වෛරීභාවය සහ අයිතීන් තහවුරු නොකර ඇමරිකාවට මෙම ගැටුමෙන් ගැලවීමක් නොමැති බවය. පවතින භූමියේ යථාර්ථයන්ට හිස නැමීමකින් තොරව, තමන් වැටී සිටින මෙම මඩගොහොරුවෙන් ගැලවීමට ඇමරිකා එක්සත් ජනපදයට නොහැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ, සතුරා ඉරාන ජනතාවගේ අයිතීන් පිළිගැනීම සහ කලාපීය මැදිහත්වීම්වලින් බැහැර වීම හරහා පමණක් සාමයට මාවත සැකසෙනු ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ලේ සංජීව මරන්න බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට දෙමටගොඩ චමින්ද ගේමක් ගැසුවා ද? විමර්ශන අංශවල අවධානයට…

Next Post

අධි බලැති යතුරුපැදි නඩුව… කුරුළු උයන හිමිකරු නිදොස් කොට නිදහස්…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.