බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි!

by editor
ජූනි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යසන කළමනාකරණ ජාතික සභාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (30) පෙරවරුවේ රැස් විය.

පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එල්නිනෝ (El Niño) තත්ත්වය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග සහ ව්‍යසන කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු අතර ජාතික ආපදා ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ තීරණ රැසක්ද ගනු ලැබීය.

එල්නිනෝ දේශගුණික රටාව හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිවරයා, මේ වන විට පවතින පුරෝකථනයන් දත්ත මත පදනම්ව සහ මෙතෙක් කරන ලද පුරෝකථනයන් සමඟ කොතරම් දුරට සැසඳෙන්නේද යන්න පිළිබඳව නිලධාරීන්ගෙන් විමසා සිටියේය. විශේෂයෙන් එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කෘෂිකර්මාන්තය, පානීය ජල සැපයුම සහ බලශක්ති උත්පාදනය යන අංශයන්හි සූදානම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විශේෂ අවධානයක් යොමු කළේය.

එහිදී ජලය කළමනාකරණය කිරීමට රජය සතු සැලසුම් පිළිබඳවත්, කෘෂිකර්මාන්තයේදී මහ කන්නයේ වගා කටයුතු කලින් ආරම්භ කිරීම පිළිබඳවත් සාකච්ඡා විය. එමෙන්ම වනජීවි කලාප තුළ ජලය හිඟ වීමෙන් වන සතුන්ට සිදු විය හැකි බලපෑම පිළිබඳව අවධානය යොමු වූ අතර, ඒ වෙනුවෙන් වනජීවි කලාප තුළ පවතින වැව් කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස පරිසර අමාත්‍යාංශයට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය.

ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ජලාශවල ජල ධාරිතාව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව සහ සූර්ය බලයෙන් නිපදවෙන බලශක්තිය ගබඩා කිරීම සඳහා අවශ්‍ය බැටරි ගෙන්වීමේ කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ආයතන කිහිපයක් හරහා විසිරී පවතින ආපදා කළමනාකරණ කටයුතු එක් මධ්‍යස්ථානයකට ගෙන ඒම සඳහා පසුගිය සභා වාරයන්හිදී සාකච්ඡා වූ යෝජනා අනුව සකස් වූ ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ කමිටු වාර්තාව මෙහිදී ඉදිරිපත් කෙරිණි. ඒ අනුව 2005 අංක 13 දරන පනතේ පවතින ප්‍රතිචාරාත්මක (Reactive) ස්වභාවය වෙනුවට, ආපදාවන් වළක්වා ගැනීමට ප්‍රමුඛතාව දෙන නව නීතිමය රාමුවක අවශ්‍යතාව පෙන්වා දෙනු ලැබීය.

තවද ජාතික සභාවට අමතරව, ආරක්ෂක ලේකම් සහ ආපදා කළමනාකරණ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාලක මණ්ඩලයක් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) ඒකාබද්ධ කර එම සේවා වඩාත් කාර්යක්ෂම කිරීමටද මෙහිදී යෝජනා විය.

ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) හරහා සිදුවන රක්ෂණ ක්‍රියාවලියේදී රජය රක්ෂණ වාරික ගෙවන නමුත්, ආපදාවකදී රජයට ලැබෙන ප්‍රතිලාභවල පවතින අසමතුලිතතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටක් ලෙස විද්‍යාත්මක පදනමක් මත රක්ෂණාවරණයක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

ව්‍යසනය හමුවේ වන්දි ගෙවීමේදී ඉඩම් ඔප්පු නොමැති පවුල්වලට වන්දි ගෙවීමට නොහැකි වීමේ ගැටළුවට විසඳුමක් ලෙස, නිලධාරීන් මගින් පදිංචිය සනාථ කර වන්දි ගෙවීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවත් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය. එමෙන්ම, දැනට පවතින සංකීර්ණ ඉඩම් නීති (පනත් 5ක් පමණ) සමාලෝචනය කර එක් ඒකාබද්ධ ඉඩම් පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය.

නාය යෑම් අවදානමට ලක්ව ඇති පවුල් සහ විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් නැවත පදිංචි කිරීම සඳහා වසර හතරක කාලසීමාවකට යටත් විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර, ඒ සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට ප්‍රමුඛතාව දිය යුතු බව ද අවධාරණය කළේය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආපදා කළමණාකරණය සහ දේශගුණික ඔරොත්තු දීම පිළිබඳව දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මඟින් සකස් කළ යෝජනා සභාවට ඉදිරිපත් කළ අතර ආපදා කළමණාකරණය සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා, දැනට පවතින පනත සංශෝධනයේදී එම යෝජනා සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මීට අමතරව මුදා ගැනීමේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ හෙලිකොප්ටර් පහසුකම් වර්ධනය කිරීම, ප්‍රාදේශීය මට්ටමින් බෝට්ටු, ට්‍රැක්ටර් ආදි ආපදා මෙවලම් නඩත්තු කිරීම ප්‍රාදේශීය සභා වෙත පැවරීම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන ශක්තිමත් කිරීමට මෙම සාකච්ඡවේදී තීරණය කෙරිණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අමාත්‍යවරු, පළාත් ආණ්ඩුකාරවරු, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු ව්‍යසන කළමනාකරණ ජාතික සභාවේ සාමාජිකයෝ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පිරිසක් පත් කෙරේ!

Next Post

ට්‍රම්ප් ඇමරිකානු අධිකරණය ඉදිරියේ යළිත් සල්ලං වෙයි… ඇමෙරිකාවේ උපත් පුරවැසි අයිතිය සීමා කිරීමේ ට්‍රම්ප්ගේ  උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.