බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ සතියේ දෝහා නුවර දී පැවැත්වීමට නියමිත ඇමරිකා – ඉරාන සාකච්ඡා ඉරානයෙන් ප්‍රතික්ෂේප කරයි!

by editor
ජූනි 30, 2026
in පුවත්
iran
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද සහ ඉරාන සාකච්ඡා කණ්ඩායම් මෙම සතියේදී කටාර්හි දෝහා නුවරට පැමිණීමට නියමිතව තිබුණි. නමුත් සති අන්තය ගෙවී ගියේ දෙපාර්ශවයේ මිසයිල ප්‍රහාර මැදය.  මේ වනවට ඉරානය ප්‍රකාශ කර ඇත්තේ දෝහා නුවර දී ඇමරිකාව සමග   කිසිදු හමුවීමක් සැලසුම් කර නොමැති බවය.  ඉරානය මෙම නිවේදනය නිකුත් කරන්නේ ඊයේ (29) දිනයේ දී ය. දැන්  ලෝකයේ අසරණ මිනිසුන්ගේ බත් පතටත් ගිනි තැබූ   යුද්ධය අවසන් කිරීම සඳහා ඇති කරගත් තාවකාලික සටන් විරාම ගිවිසුම දැඩි පරීක්ෂාවකට ලක්ව ඇත.

දෝහා සාකච්ඡා සඳහා නායකත්වය දීමට   ජෙරඩ් කුෂ්නර් සහ   ස්ටීව් විට්කොෆ් මෙම සාකච්ඡා කණ්ඩායමට නායකත්වය දීම සඳහා එවන බව ජනාධිපති මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් තහවුරු තහවුරු කර තිබිණි. ජෙරඩ් කුෂ්නර් යනු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණා ය.   ඉරාණය ද මෙම සතියේදී සිය තාක්ෂණික නියෝජිත පිරිසක් කටාර් වෙත යැවීමට පියවර ගෙන ඇත්තේය. එහෙත්  ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයායි කියා සිටියේ එය ඇමරිකානු නියෝජිතයින්ගේ පැමිණීම සමග “කිසිදු සම්බන්ධයක් නොමැති” එකක් බවය. ඔහුට අනුව දෙපාර්ශවය අතර කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැත.

“ඉදිරි දිනවලදී ඇමරිකානු පාර්ශවය සමග කිසිදු මට්ටමක සාකච්ඡා රැස්වීමක් පවත්වන්නේ නැහැ,” යනුවෙන් බගයායි අවධාරණය කළේය.

මේ අතර අද රොයිටර් පුවත් සේවය    ඉහළ පෙළේ ඉරාන නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කරන්නේ  අඟහරුවාදා දින දෝහාහිදී රැස්වීමක් පැවැත්වෙන බවයි. නමුත් මින් පෙර ස්විට්සර්ලන්තයේ පැවැති ඉරාන-ඇමරිකානු තාක්ෂණික සාකච්ඡාවලට වඩා වෙනස්ව, මෙවර එහි ප්‍රධාන අවධානය   හෝමුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය කිරීම සහ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කරගැනීම (De-escalation) කෙරෙහි පමණක්  ඉලක්ක වනු ඇති බව  එම නිලධාරියා සඳහන් කර ඇත.

එක්සත් ජනපදයේ සහ ඉරානයේ තාක්ෂණික කණ්ඩායම් බදාදා දිනයේදී කටාර් සහ පකිස්තාන මැදිහත්කරුවන් සමග වෙන වෙනම සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කරන බව තවත් නිලධාරියෙක් උපුටා දක්වමින් රොයිටර් වාර්තා කරයි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජනාධිපති ට්‍රම්ප් ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, “දෝහාහි පැවැත්වෙන රැස්වීම සමහර විට වැදගත් විය හැකියි, නැතහොත් නොවන්නට පුළුවන්. අපිට එය ඉදිරියේදී බලාගත හැකි වනු ඇත,” යනුවෙනි.

එමෙන්ම, “අපි මිලිටරිමය වශයෙන් ජයග්‍රහණය කරමින් සිටිනවා,” යැයි පැවසූ ට්‍රම්ප්, ඉරානයට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුය යන සිය ස්ථාවරය නැවතත් අවධාරණය කළේය.

දෙපාර්ශවය එකිනෙකා හමුවන්නේ ද නැද්ද යන්න පිළිබඳව පවතින මෙම මතභේදයෙන්  පෙනී යන්නේ ජූනි 17 වන දින අත්සන් කරන ලද එකඟතාවයේ පවතින බිඳෙන සුළු ස්වභාවයය. මෙම ගැටුම හේතුවෙන් හොමුස්  (Hormuz)   සන්ධිය හරහා සිදුවන ගෝලීය තෙල් සැපයුමට දැඩි බාධා එල්ල වූ අතර, එය එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන කොන්ග්‍රස් මධ්‍යකාලීන මැතිවරණයට පෙර ට්‍රම්ප් පාලනාධිකාරියට දැඩි දේශපාලන හිසරදයක් බවට ද පත්ව තිබේ.

කරුණු 14ක් සහිත අවබෝධතා සංදේශය සහ වත්මන් තත්ත්වය

පසුගිය අප්‍රේල් මාසයේ ඇති කරගත් සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමටත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ස්ථිර සාම ගිවිසුමකට එළඹීමටත්, කරුණු 14කින් යුත් මෙම අවබෝධතා සංදේශය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය අවම වශයෙන් දින 60ක කාලයක් ලබා දී තිබුණි. එහෙත් එක් එක් පාර්ශවයන් අනෙක් පාර්ශවයන්ට   කොන්දේසි උල්ලංඝනය කරන බවට චෝදනා කිරීම හේතුවෙන් මෙහි ප්‍රගතිය අඩාල වී ඇත.

පසුගිය පෙබරවාරි 28 වනදා එක්සත් ජනපදය සහ ඊශ්‍රයාලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව,   හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය නැවත සම්පූර්ණයෙන්ම පාහේ ඇනහිටියේය.

මෙම මුහුදු මාර්ගය වසා දැමීම හේතුවෙන් එක්සත් ජනපද-ඉරාන එකඟතාවයේ පවතින අස්ථාවරත්වය පැහැදිලි වීමත් සමග, ලෝක වෙළඳපොළේ තෙල් මිල නැවත වරක් 1%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියේය., එය ගෝලීය උද්ධමනය ඉහළ නැංවීමට හේතු විය. මෙය එක්සත් ජනපද කොන්ග්‍රසයේ බලය තීරණය කෙරෙන මධ්‍යකාලීන මැතිවරණයට පෙර ට්‍රම්ප් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කර ඇත. ට්‍රම්ප්ගේම පක්ෂයේ රිපබ්ලිකන් සභිකයින් පවා ව්‍යවස්ථාදායකයන්ගේ (කොන්ග්‍රසයේ) අනුමැතියකින් තොරව යුද්ධයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව විවේචනය කර තිබේ.

ඊශ්‍රයාලය මෙතෙක් එක්සත් ජනපද-ඉරාන සාම සාකච්ඡාවලට සම්බන්ධ වී නොමැති අතර, ඔවුන් මෙම එකඟතාවයෙන් ද ඈත්ව සිටියි. වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය ලෙබනනයේ පවතින සටන් අවසන් කිරීමේ උත්සාහයන් ද සංකීර්ණ කර ඇත.

අප ඉන්නේ ඕනෑම මොහොතක පිපිරී යා හැකි ලෝක යුද්ධයක් අභියසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ අවසන් දිනය අදයි: දීර්ඝ කිරීමක් ගැන තවමත් නිල නිවේදනයක් නැහැ!

Next Post

ශ්‍රී ලංකා පරිපාලන සේවයට (SLAS) අලුතින් 150ක් බඳවා ගැනේ; විභාගය කඩිනමින්!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.