බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

QR එකෙන් රටට හෙළිවෙන ඉන්ධන භාවිතයේ ඇත්ත !

රටට දියුණු ප්‍රවාහන සැලැසුමක් හැදිය හැකි වැදගත් දත්ත රැසක් එළියට

by editor
අගෝස්තු 4, 2022
in පුවත්
qr-systam
Share on FacebookShare on Twitter

චාමින්ද වාරියගොඩ –

අප පෝලිම්වල දවස් ගණන් අව් වැසි මැද දුක් විඳිද්දී පෝලිමක් නැතිව හමුදා කඳවුරුවලින්, අතනින් මෙතනින් තෙල් ගහගෙන හැංගි හැංගි ගමන් බිමන් යන ඇමතිවරුන් අතරේ අනෙක් අයට වඩා වැඩියෙන් වගකීමක් ඇති ඇමති කෙනකු වේ නම් ඒ විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විය හැකිය. ඉස්සර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයකු සහ බැංකු කළමනාකරුවකු එක් ව කළ ඩොලර් සෙවීමේ රාජකාරිය අද බොහෝ විට බලශක්ති ඇමතිට ඇති ලොකුම වගකීම විය හැකිය. ඒ තරමට ඔහුගේ නායකයා ව සිටි ගෝඨාභය රාජපක්ෂ රට විනාශ කර ඇත.

කොහොම වුණත් ඉන්ධන නිසා බැනුම් අහන කාංචන විජේසේකර ඇමතිට ඔවුන්ගේ මූලිකත්වයෙන් දියත් වූ ජාතික ඉන්ධන සැපයීමේ බලපත්‍රය ට සම්බන්ධ දත්ත පද්ධතිය වැදගත් තොරතුරු රැසක් ගෙනවිත් ඇත. අමාත්‍යවරයාම සිය ට්විටර් සමාජ ගිණුමෙහි ඔහු ලද රටේ ඉන්ධන භාවිතයේ තරම පිළිබඳව ප්‍රකාශනක්ද ඉදිරිපත් කළේය.  එය ඒ ලෙසින් ඇමතිවරයාට රටට ලබා දෙන්නට හැකි වුණේ නව ජාතික ඉන්ධන දත්ත පද්ධතිය නිසාවෙනි.

ජාතිත ඉන්ධන බලපත්‍රය ලෙසින් හැඳින්වෙන මෙම නව දත්ත පද්ධතිය සාමාන්‍ය ජනතාව ව්‍යවහාර කරන්නේ QR ක්‍රමය ලෙසිනි. එයට හේතුව මෙම දත්ත   වැඩපිළිවෙළ QR කේතයක් ලෙසින් ක්‍රියාත්මක කිරීමය.

ප්‍රමාද වී පැමිණි හරි ක්‍රමය – 

රටේ ඉන්ධන තොග ප්‍රමාණවත් තැනක නොතිබෙන විට ලැබෙන ඉන්ධන ඇතැම් පුද්ගලයන් අසම්මත ලෙස එක් රැස් කරමින් අනවශ්‍ය ලෙස කළු කඩ නිර්මාණය කරමින් සාදාචාර විරෝධී ලෙස හැසිරන තත්ත්වයක් තුළ එය පාලනය කිරීමේ හොඳම ක්‍රමවේදය මෙවැනි දත්ත මත හා තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ක්‍රමවේදයක් බව විටින් විට මෙරට තොරතුරු තාක්ෂණ විශේෂඥයන් විසින් පෙන්වා දෙනු ලැබුවද එය ක්‍රියාත්මක කරන තැනට එන්නේ රටේ ඉන්ධනහල් ආශ්‍රිත මරණ 15ක් පමණ සිදුවුණු පසුවය. මේ රටේ ඩිජිටල් තාක්ෂණය භාරව සිටි ගොබ්බ තරුණ ඇමති කට්ටන්ටවත් මේ පිළිබඳව අවබෝධ නොවීම වෙනම කතාවකි.

කෙසේ වුවද ප්‍රමාද වී හෝ මෙවැනි ක්‍රමයක පහසුව  ශ්‍රි ලාංකියන්ට දී පෝලිම්වල ගෙවන කරුමක්කාර ජීවිතයට යම් හෝ සහනයක් සැලසීමට යත්න දැරීම පැසසිය යුතු කටයුත්තකි. තරුණ බලශක්ති ඇමති කාංචන විජේසේකරට එම ප්‍රශංසාව හිමි විය යුතුය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

QR කේත ක්‍රමය කුමක් ද?

QR කෝඩ් එක ලෙසින් අප හඳුන්වන්නේ ඉලෙක්ට්‍රොනික කේතයකි. එහි ඇති සටහන් ඇත්තේ එක්තරා කේතයකට අනුවය. මේ කේත ක්‍රමය මුලින්ම හදුන්වා දෙන්නේ 1994 දී ජපානයේ ඩෙන්සෝ නම් ඉලෙක්ට්‍රොනික කොටස් නිෂ්පාදන සමාගමයි. මෙම සමාගම ටොයොටා සමාගමෙ අනුබද්ධිත සමාගමකි. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට විවිධ නිෂ්පාදකයන්ගෙන් ගන්නා නිෂ්පාදන ක්ෂණිකව කවුරුන් විසින් කවර සමාගමේ කවදා නිපදවුයේද ආදී වශයෙන් එහි අනන්‍යතාව පිළිබඳ ව තොරතුරු එක්රැස් කර ගැනීමය. මේ නිසා ඔවුන් මෙම කේත ක්‍රමය හැඳින්වූයේ Quick Response code එනම් ක්ෂණික ප්‍රතිචාර කේතය ලෙසින්ය. එය අද කෙටියෙන් QR ලෙසින් හැදින්වෙයි.

අද මෙය ලෝකයේ බොහෝ නිෂ්පාදන සඳහා යොදා ගන්නා අතර එය කියවීම පහසු කිරීමේ මෘදුකාංග බොහෝ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයේ දීම ඇතුළත් කර ඇත. එයට හේතුව මෙවැනි යෙදුම් අද ඉතා සුලබව භාවිත වන නිසාය. මෙමගින් තත්ත්පර කිහිපයක් තුළ මේ දත්ත පද්ධතියට කේතය හරහා තොරතුරු යාවත්කාලීන කළ හැකිය.

ශ්‍රි ලංකාවේ විදුලි බල සහ බලශක්ති අමාත්‍යංයටත් තොරතුරු තාක්ෂණ නියෝජිතානයතයත් (ICTA) සමග එක්ව ඉන්ධන බෙදා හැරීමේ යම් සීමාවන් සහිත සලාක ක්‍රමයක් ඇති කිරීමට දත්ත පද්ධතියක් නිර්මාණය කර එක් එක් වාහනයට එහි ලියාපදිංචි අංකය, චැසි අංකය සහ ජාතික හැඳුනුම්පත ව්‍යාපාර ලියාපදිංචියට අනුකූලව සියලු දත්ත සැණෙකින් ලබා ගත හැකි සහ යාවත්කාලීන කළ හැකි දත්ත පද්ධතියක් නිර්මාණය කර ඇත. මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ පසුගිය අඟහරුවාදා (02) රාත්‍රි 8 වනවිට රට පුරා පිහිටි ඉන්ධන හල් 1208ක ඉන්ධන බෙදා හැරීමේ දත්ත පද්ධතිය එක් වී ඇති බව අමාත්‍ය විජේසේකරම පෙන්වා දෙයි.

සැබැවින්ම මේ දත්ත මේ රටේ ඛනිජ තෙල් බෙදා හැරීමේ වෙළෙඳාමේ යෙදී සිටින සමාගම් දෙකටත් රටට අවශ්‍ය ඉන්ධන ගෙන්වන්නට පිස්සු හැදුණාක් මෙන් ඩොලර් හොයන බලධාරීන්ටත් මිලියන ගණනක් වියදම් කර ලබා ගත නොහැකි රටේ ඉන්ධන පරිභෝජනය පිළිබඳව සත්‍ය තත්ත්වය කියා දෙයි.
එය සැකෙවින් කියන්නේ නම් මෙසේය.

මිලියන ගණනක් විදයදම් කර ලබා ගත නොහැකි වූ  දත්ත පද්ධතිය

මෙම දත්ත පද්ධතිය හරහා මේ වනවිට වාහන ලක්ෂ 50කට අධික පුමාණයක් ලියාපදිංචි වී ඇත. එයින් වැඩිහරියක් පවතින්නේ යතුරු පැදිය. එය සමස්ත වාහන පුමාණයෙන් අඩකටත් වඩා වැඩි වෙයි. එනම් දැනට මෙම කේත ක්‍රමය හරහා ලියාපදිංචි වී ඇති යතුරු පැදි ප්‍රමාණය මිලියන තුනක්ද (30,83720) ඉක්මවයි.

දෙවැනියට වැඩියෙන්ම ඇත්තේ ත්‍රි රෝද රථය. එම සංඛ්‍යාව මිලියනයක් නොවුණත් ඊට ආසන්නය. එනම් 915066කි. කාර් 675000ක් පමණ වන අතර වෑන් 268,000ක් පමණ වෙයි. මේ වෑන් අතර පෙට්‍රල් සහ ඩීසල් වෑන් කලවමේ ඇති අතර එයින් බහුතර ඩීසල් රථය. ඊළඟට ඇත්තේ ලොරි රථය. මේ කාණ්ඩයට කුඩා බට්ටා ලොරිවල සිට දැවැන්ත ලොරි දක්වා පරාසයම නියෝජනය වෙයි. කෙසේ වුවද මේ සියල්ල ගත් කළ ලොරි රථ ලියපදංචි වී ඇත්තේ 240736කි.

ශ්‍රි ලංකාවේ සමස්ත පොදු පුවාහන වගකීම දරන බස් රථ සහ පාසල් හෝ කාර්යාල සේවා බස් රථ ද ඇතුළුව බස් රථ ලියාපදිංචි වී ඇත්තේ බස් රථ 38221කි. මෙම බස් ගොන්නට ශ්‍රි ලංගමය ට අයත් බස් රථ ඇතුළත් නොවුවද මෙම බස් රථ ප්‍රමාණයද එක්කළහොත් සාමාන්‍යයෙන් රටේම බස් රථ ප්‍රමාණය 60,000 නොඉක්මවන බව නිසැකය. මෙම වාහන ගණන් හිලව් වැදගත් වන්නේ බොහෝ විට මේවා දැනට මාර්ගයේ ධාවනය වන ඉන්ධන අවශ්‍යතා ඇති වාහන වීමය.

මෙම වාහනවලට අවශ්‍ය ඉන්ධන පරිභෝජන රටාව නිසි පරිදි විශ්ලේෂණය කිරීමක් නොකොට දළ වශයෙන් බැලුවද රටේ ඉන්ධන පරිභෝජනය පිළිබඳව දළ අදහසක් ලබා ගත හැකිය.

නිදසුනක් ලෙස ශ්‍රි ලංකාවේ ඉන්ධන පරිභෝජනයේ වැඩිම කොටස්කරුවන් කවුද යන්න පැහැදිළිව හඳුනා ගත හැකිය.

ත්‍රීවිල්වල සය යතුරුපැදි

පසුගිය කාලයේ පෝලිම්වල වැඩියෙන්ම දක්නට ලැබුණු ත්‍රි රෝද රථ සඳහා නව ක්‍රමය යටතේ අගොස්තු මස 02 වැනිදා ඉන්ධන ලබා ගෙන ඇත්තේ ත්‍රි රෝද රථ ලක්ෂ නවයෙන් 113876 කි. ඇත්තේ පෙට්‍රල් ලීටර 562314කි. ඔවුන් තමන්ට නියමිත සමස්ත කෝටාව වන ලීටර 05ම ලබාගෙන ඇති බව පෙනේ. දැනට මෙම කේත ක්‍රමය යටතේ ලියාපදංචි ව ඇති ත්‍රි රෝද රථ සංඛ්‍යව පිළිබඳව සැලකීමේදී ඔවුන්ට සතියකට ලීටර 10 බැගින් දුන්නද (දැනට ලබා දෙන්නේ සතියකට ලීටර 5කි) සාමාන්‍යයෙන් රටට වැය වන්නේ ලීටර මිලියන 9කි.

එක අතකට සතියකට ලීටර 10ක් පාවිච්චි කර අද පවතින උද්ධමනකාරී ආර්ථිකය තුළ පවුලක් ජීවත් කරවන්නට ත්‍රි රෝද රථ ධාවනය කරන්නකුට අසීරුතාවක් පවතීද එසේ නම් ඔවුන් සම්බන්ධයෙන් ගත යුත පියවර පිළිබඳව නිසි විද්‍යාත්මක මානව සම්පත් විගණනක් සිදු කළ හැකිය.

දැනට වාහන සංඛ්‍යාවට සාපේක්ෂව ලොකුම පෙට්‍රල් පරිභෝජනය කරන්නා යතුරු පැදි ධාවනකරුවන්ය. පසුගිය අඟහරුවාදා නිකුත් වූ දත්ත අනුව සැලකීමේදී සතියකට යතුරු පැදි සඳහා පෙට්‍රල් ලීටර් 1,23,00000කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. කාර් රථවලට අඟහරුවාදා දිනය තුළ පිරවුණු ඉන්ධන ප්‍රමණනය සැලකීමේදි කාර් රථ සදහා පෙටුල් ලීටර 125,00000ක් පමණ සතියකට අවශ්‍ය වෙයි. එහෙත් බොහෝ විට දැනට ඉන්ධන හිස්ව ඇති මෝටර් රථවලට ඉන්ධන පිරවුණු පසුව සෑම මෝටර් රථයකටම සතියකට ඉන්ධන ලීටර 20ක් අවශ්‍ය වේ යයි සැලකිය නොහැකිය. අද පවතින මිල ගණන් සහ ඉන්ධන ලබා ගැනීමේ පවතින දුෂ්කරතා නිසා බොහෝ අය සිය මෝටර් රථ පාවිච්චි කරන්නේ අඩුවෙනි.
එයින් පැහැදිළිව පෙනී යන කරුණක් වන්නේ රටේ වැඩිම ඉන්ධන පරිභෝජනයක් කාර් , යතුරු පැදිවලට සමග ත්‍රි රෝද රථවලට වැය වන බවය.

Fueal

කාර්මික වාහන

රටේ කාර්මික සහ වානිජ ක්‍රියාවලියේදී වැඩි යෙදවුමක් ඇති ඩීසල්, සමස්ත බස් රථ සේවාවටම ලබා දුන්ද පවතින දත්ත අනුව එයට සතියකට ලීටර ලක්ෂ 20ක් පමණ වැය වන ව පෙනී යයි. එසේම ලොරි රථ සඳහා සාමාන්‍යයෙන් සතියකට ඩීසල් ලීටර කෝටියකට ආසන්න ප්‍රමාණයක් දැනට අවශ්‍ය වුවද ඉදිරියේදී ඉන්ධන කළමනාකරණයත් සමඟ මෙම අවශ්‍යතාව සාපේක්ෂව අඩුවනු ඇත.

කෙසේ වුවද පවතින සංඛ්‍යාලේඛන පිළිබඳව යම් ඉස්මතු කිරීමක් කළේ මෙයින් රටේ ප්‍රවාහන කළමනාකරණය පිළිබඳව බලධාරීන්ගේත් මෙය කියවන ජනතාව ගේත් ඇස් ඇරවීමටය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව පාර්ලිමේන්තු සභාවාරය අරඹමින් ඊයේ (03) ඉන්ධන සඳහා ඩොලර් සොයා ගන්නා ආකාරය පිළිබඳව විස්තර කරමින් කීවේ මේ වසර අවසන් වන තෙක් විදේශ රටවලින් ණයට ඉන්ධන සඳහා මුදල් ලබා නොගෙන (ඇත්තටම එසේ ණයට දෙන්නට කෙනෙක් නොමැත) රටේ අපනයන ආදායම, විදේශගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් සහ ආනයන සීමා මඟින් ඉතිරි කර ඒවා මඟින් සීමා සහිත ඉන්ධන ආනයනයකට යොමු කරවන බවය.

මෙහිදී පැහැදිළිවම පෙනෙන කරුණක් වන්නේ පවතින සීමාකාරී තත්ත්ව යටතේ ක්‍රමෝපායයිකව ක්‍රියා කළහොත් ඉතා පහසුවෙන් ඉන්ධන කළමනාකරණය කොට රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පවා අවස්ථාවක් සැලසෙන බවය. එනම් ආණ්ඩුව හඳුන්වා දුන් ජාතික ඉන්ධන බලපත්‍ර දත්ත පද්ධතිය හරහා මේ රටේ ඉන්ධන පරිභෝජනය පිළිබඳව සැබෑ චිත්‍රයක් පෙනීමය. එයින් එකහෙළාම පෙනී යන කරුණක් වන්නේ පොදු ප්‍රවාහන සේවාව ක්‍රමෝපායයික ව ශක්තිමත් කළහොත් කාර්, යතුරු පැදිවලට වැයවන ඉන්ධන පුමාණය සියයට 50කින්වත් අඩු කර ගත හැකි බවය.

පවතින බස් රථ ප්‍රමාණයට රජයෙන් යම් සහනාධාරයක් ලබා දී හෝ කාර්යක්ෂමව සහ සැලසුම් සහගතව ධාවනය කරවන්නේ නම්, දුම්රිය සේවාව තවත් කාර්යක්ෂම කළ හැකි නම් ( පවතින සීමාකාරී තත්ත්වයන් තුළ) එයින් රටේ ප්‍රවාහනය තුළ එක්තරා පිළිවෙළක් නිර්මාණය කළ හැකිය. බොහෝ සංවර්ධිත රටවල ජනතාව සිය එදිනෙදා පුවාහන මාධ්‍ය ලෙස යොදා ගන්නේ පොදු ප්‍රවාහනයයි. ඒ සඳහා විද්‍යාත්මක පදනමක් මත සැකසුණු කඩිනම් ක්‍රමෝපායයකින් රටට දීර්ඝ කාලීන සහනයක් ලබා ගත හැකිය.

එසේම පසුගිය ගෝඨාභය ආණ්ඩුව කුහක චේතනාවෙන් අත්හළ මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ජපානය යළි එකඟ කරවා ගතහොත් එය දීර්ඝ කාලීන ආයෝජනයක් වන්නා සේම විදේශ විනිමය අර්බුයටද එක්තරා පිළියමක් සෙම රටේ ජාතික අභිවෘද්ධියට යම් වගතුවක් විය හැකිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වන අලි රැස්කන හඳපානා විල්ලුවේ ජීවිතය සමග සටන් කරන ධීවර ගැහැනු…

Next Post

ඉන්දියාව රටවල් 116ක් සමඟ ගුවන් සේවා ගිවිසුම්වලට එළඹෙයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.