ඉන්දීය රජය, රටවල් 116ක් සමඟින් ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුම්වලට අත්සන් තැබූ බව සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය වීකේ සිංග් පාර්ලිමේන්තුවට ලිපියක් මඟින් දැනුම් දී තිබේ. විදේශීය ගුවන් සේවා සමඟ අත්සන් කළ ගිවිසුම් හේතුවෙන් ඉන්දියාවේ සිට හා ඉන්දියාවට පැමිණෙන ගුවන් සේවා ඉන්දියාවේ සිටම පාලනය කිරීමේ අවස්ථාව සැලසේ.
රජයේ මේ පියවර මඟීන්ට වාසි සහගත වන බවත් ගුවන් ගමන් මිල අඩු විය හැකි බවත් සංචාරක කර්මාන්තයේ විශේෂඥයින් සඳහන් කරයි.
“විදේශ රටවල් සමඟ ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹීම නිසා මඟී ආසන ධාරිතාව ඉහළ යනවා වගේම විදේශ රටවල තියෙන ‘විවෘත අහස‘ ප්‍රතිපත්තිය නිසා මඟීන්ට වාසි සැලසෙනවා..” එස්ටීඅයිසී සංචාරක ව්‍යාපාරයේ අධ්‍යක්ෂ අන්ජු වාරියා පවසයි.
ඉන්දියාව, ආසියාව, යුරෝපය, මැදපෙරදිගය හා දකුණු ඇමරිකාව ඇතුළු රටවල් සමඟ ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුම්වලට එළඹ තිබේ.







