අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

by editor
ජූනි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සිදුකළ කලහකාරී හැසිරීම් සහ කථානායකවරයා අසලට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට දැරූ දැඩි උත්සාහයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කටයුතු විනාඩි 10කට තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයාට සිදු විය. දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පැමිණ මෙලෙස සෙංකෝලයට අත තැබීමට උත්සාහ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය උද්ගත වූයේ අද දිනට අදාල පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු සංස්කරණය කරමින්, ස්ථාවර නියෝග 19.1 යටතේ විපක්ෂය විසින් විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එහිදී අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීමට අවශ්‍ය බව දන්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු එකවර නැගී සිට පැය දෙකක හදිසි විවාදයක් ඉල්ලා සිටියේය.

2026.06.12 වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබූ ආකාරයට අද දිනය වෙන්ව තිබුණේ මුදල් කටයුතු හා සම්බන්ධ පනත් කෙටුම්පතට අදාල දෙවැනිවර කියැවීම සහ මුදල් කාරක සභාව සම්බන්ධයෙන් වන නියමයන් තුනක් පිළිබඳ විවාද කිරීම සඳහාය. එහෙත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දීම ක්‍රියාත්මක වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා, විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු ද සමඟ නැගී සිටිමින් රටේ පවතින තත්ත්වය මත හදිසි විවාදයක් අත්‍යාවශ්‍ය බව කියමින් සිය යෝජනාව ඉදිරිපත් කළේය.

විපක්ෂය හදිසි විවාදයක් ඉල්ලීමට හේතු දක්වයි

සෙසු මන්ත්‍රීවරුන් 20 දෙනා සමඟ නැගී සිටිමින් කථානායකවරයා ඇමතූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“අද පෙරවරුවේ ස්ථාවර නියෝග 19.1 වගන්තිය යටතේ යෝජනාවක් භාර දුන්නා. විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මෙම යෝජනාවට සහාය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසිඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුන ගැඹුරු බලපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. ඒ නිසා අපි 19.1 වගන්තිය ප්‍රකාරව අද උදෑසන යෝජනාවක් ලබා දුන්නා. 20ක් නැගිටලා එම යෝජනාව තහවුරු කරනවා. රටේ මතුවෙලා තියන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරු ප්‍රශ්නය ගැන කතා කිරීම අත්‍යාවශ්‍ය සහ වැදගත් කාරණාවක් වෙලා තියනවා. ඒ නිසා අද දවසේ යෝජිත විවාදයෙන් පසුව පැය දෙකක කාලයක් ඊට ලබා දෙන්න කියලා ඉල්ලනවා.“

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

“ඒ අවස්ථාව ලබා දෙන්න. රජයේ න්‍යාය පත්‍රයේ තිබෙන විවාදයට බාධාවක් වෙන්නේ නෑ. අධිකරණ බලය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.ඇ. ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුයි. පාර්ලිමේන්තුව තමයි ඒ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය හරහා. මේ නිසා අධිකරණ පද්ධතියේ තිබෙන ගැටලු, අධිකරණයේ විනිශ්ඡයකාරවරුන් පත් කිරිමේ දී මතුවන කාරණා, අධිකරණ පද්ධතියේ කාර්යාක්ෂමතාවය පිළිබඳ කාරණා, නීතියේ ප්‍රමාදය පිළිබඳ කාරණා, පිළිබඳව සමාජය දැනුම්වත් කිරීම අපේ යුතුකමක්. ඒ නිසා තමයි කල් තියලා 19.1 වගන්තිය යටතේ මේ ඉල්ලීම ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සඳහා අවස්ථාව ලබා දෙන්න.“

ආණ්ඩු පක්ෂයෙන් දැඩි විරෝධයක් – සභානායකවරයාගේ ප්‍රතිචාරය

විපක්ෂ මන්ත්‍රීවරයාගේ මෙම ඉල්ලීම ඉදිරිපත් වීමත් සමඟ වහාම නැගී සිටි සභානායක බිමල් රත්නායක, පවතින විවාදය නතර කර හෝ පාර්ලිමේන්තු කාලරාමුව වෙනස් කරමින් විවාදයට ගැනීමට තරම් බරපතල කාරණාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කර නැති බව පවසමින් ඊට දැඩි විරෝධය පළ කළේය.

අඑහිදී අදහස් දැක්වූ සභානායකවරයා මෙසේ සඳහන් කළේය.

“අපට එතුමලගෙ යෝජනාව ලැබිලා තියනවා. ඒත් අධිකරණය තුළ නඩු ප්‍රමාදවීම්, පත් කිරීම් සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නොවෙයි. සමහරවිට අධිකරණ අමාත්‍යාංශයත් නෙමෙයි. අධිකරණ සේවා කොමිසමෙන් කරනවා. සමහර ඒවා ව්‍යවස්ථා දායක සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නෑ මේ අවස්ථාවේ දී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා.”

“ගරු මන්ත්‍රීවරුන් මීට පෙර දවසක ඉල්ලුවා මලයගම් ජනතාව පිළිබඳ හදිසි යෝජනාවක්. අප එදා විවාදය කල් තියලා ඇමතිවරයා නැති අවස්ථාවේදිත් අවස්ථාව ලබා දුන්නා. ඒ නිසා අපි දකින්නේ නෑ මේ අවස්ථාවේ දී විවාදය අතරමග නතර කරලා මේක කරන්න. පහට ඡන්දය දාලා තියෙන්නෙ. ආණ්ඩු පක්ෂය ලෙස අප එකඟ නෑ කතානායකවරයාණෙනි.“

අනතුරුව සභානායක බිමල් රත්නායක තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

“ඒ වාදයකට එළඹෙන්න කැමති නෑ. නමුත් මෙය කමෙන්ට් එකක් ලෙස කිව යුතුයි. ජනතාවගේ බලය පාර්ලිමේන්තුව සතුයි කියලා තමයි පසුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට විරුද්ධව සිලෙක්ට් කමිටි දාලා මෙහෙට ගේන්න හැදුවේ. ඒ නිසා ඒවා ඉතා බරපතල කරුණු. අප තුනෙන් දෙකේ බලයක් තියන ආණ්ඩුවක්. අපි එහෙම හිතන්න ගත්තොත් මොකද වෙන්නෙ කියලා තමයි ඔබතුමන්ලා හිතන්න ඕන. මේ සම්බන්ධව නැවත විවාදයක් අවශ්‍ය නෑ. අපි මේ සම්බන්ධව ඡන්දයක් ඉල්ලනවා. ඡන්ද විමසීමෙන් පස්සේ තීරණය කරන්න.“

දයාසිරි රීති ප්‍රශ්නයක් මතු කරයි – සභාව තවදුරටත් උණුසුම් වෙයි

මේ අවස්ථාවේ දී සභා ගර්භය තුළ කෑ ගසමින් සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතුකරමින් තමන්ට කතා කිරිමේ අවස්ථාව ලබාගත්තේය. ඔහු සභානායකවරයාගේ ප්‍රකාශයට දැඩි ලෙස අභියෝග කරමින් මෙසේ පැවසීය.

“අපි ඉල්ලන්නේ ස්ථාවර නියෝග 19 යටතේ. සභානායකගෙන් අවසර ගන්න අවශ්‍ය නෑ ඒකට. විනිශ්ඡයකාරවරුන් පත් නොකර ඉන්නවා ජනාධිපතිවරයා. විනිශ්ඡයකාරවුරුන් 08ක් පත් කරලා නෑ. සමහර බෙන්ච් පික්ස් (Bench Picks) කරලා නඩු අහනවා. ඉඩක් නෑ ලෝයර්ස්ලට ගිහින් කතා කරන්න. කාලය දික් කරන්න කටයුතු කරමින් යනවා. මේවා තමයි මේ රටේ අධිකරණයට තියන බලපෑම. මේවා ගැන අපට කතා කරන්න බැරිනම් කාට ද කතා කරන්න පුලුවන්. ඒකට සභානායකගෙන් අවසර ගන්න ඕන නෑ. 19.1 වගන්තිය යටතේ අපට ඉඩ දෙන්න.”

මේ අවස්ථාවේ දී යළිත් වරක් නැගී සිටි සභානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු පිළිබඳව යම් කිසි විවාදයක් හෝ ගැටලුවක් තිබේ නම් එය ඡන්ද විමසීමකින් තීරණය කිරීමට පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය ඇති බවය. “ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමන්ලා 20ක් නැගිටලා ඉල්ලන්නෙත් ඒක. ඒ විදිහේ අත්දැකීම් ඕන තරම් තියනවා මේ පාර්ලිමේන්තුවට” යැයි සභානායකවරයා අවධාරණය කළේය.

කථානායකවරයා විශේෂ ස්ථාවර නියෝගයක් ක්‍රියාවට නංවයි

මේ අතරතුර සභා ගර්භය තුළ දිගින් දිගටම විපක්ෂයෙන් දැඩි බාධා කිරීම් සහ ඝෝෂාකාරී තත්ත්වයන් එල්ල වෙමින් පැවතුණි. එහෙත් කථානායකවරයා විපක්ෂයේ මෙම හැසිරීම මුලුමනින්ම රීති විරෝධී බව ප්‍රකාශ කරමින්, ආණ්ඩු පක්ෂයේ අද දිනට නියමිත වැඩකටයුතු කරගෙන යාම සඳහා ඉඩ ලබා දුන්නේය.

සභාවේ මෙවැනි දැඩි ප්‍රශ්නයක් මතුවන විට සභාව හැසිරවීම සඳහා කථානායකවරයාට ඒ ඒ අවස්ථාවලදී ලබා දිය හැකි උචිත නියෝග මත පදනම්ව සභාව මෙහෙයවීමේ විශේෂ බලය සහිත 146 ස්ථාවර නියෝග යටතේ සභාව ඉදිරියට කරගෙන යාමට කථානායකවරයා තීන්දු කළේය. කථානායකවරයා මෙම තීන්දුව ගනු ලැබුවේ පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය විසින් ලබා දුන් තාක්ෂණික මග පෙන්වීම් ද නිසි ලෙස අනුගමනය කරමිනි.

ඒ අනුව, අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 04 දක්වා වූ එකතු කළ අගය මත බදු (VAT) දෙවැනිවර කියැවීම, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දෙකක් අනුමත කිරීම සහ ආනයන සහ අපනයන පාලක පනත යටතේ රෙගුලාසි අනුමත කිරීම සඳහා වූ යෝජනා කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

සෙංකෝලයට අත තැබීම සහ සභාව විනාඩි 10කට කල් තැබීම

අමාත්‍යවරයා විසින් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර විසින් ඊට අදාල විවාදය ආරම්භ කර පවත්වාගෙන යනු ලැබීය. කෙසේ වෙතත්, එම අවස්ථාවේ දී සභාව තුළ නොසන්සුන්කම උපරිම වී විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කරමින් ඝෝෂා කළ අතර, පිරිසක් කථානායක අසුන අසලට පැමිණ සෙංකෝලය පැහැරගෙන යෑම සඳහා සෘජුවම උත්සාහ කළහ.

මෙම කලහකාරී සහ අර්බුදකාරී අවස්ථාවේ දී සභාවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් කතානායකවරයා වහාම සභාවේ වැඩකටයුතු නවතා දමා, සභාව විනාඩි 10ක කාලයකට තාවකාලිකව කල් තැබීමට පියවර ගත්තේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අනතුරුව සභාව යළි ආරම්භ වූ පසු කථානායකවරයා නිවේදනය කළේ, විපක්ෂය විසින් ස්ථාවර නියෝග 19.1 යටතේ පෙළ ගස්වන ලද මෙම යෝජනාව ඊලඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට (පක්ෂ නායක රැස්වීමට) ඉදිරිපත් කර, ඒ සඳහා විවාදයක් ලබාගැනීමට අදාල දිනයක් සම්බන්ධව එතැනදී තීරණයක් ලබා ගන්නා ලෙසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Next Post

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.