අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරාන්තික හැන්ටා වයිරසය සමග ජීවත් වෙමින්  දිවි බේරාගත් MS Hondius නෞකාවේ මගීන්ගේ දෛවෝපගත ගමනේ කතාව…

by editor
මැයි 10, 2026 - Updated on මැයි 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ලෝකයේම අවධානය මේ වන විට එක් සුවිශේෂී නෞකාවක් වෙත යොමු වී තිබේ. ඒ යුද ගැටුම් නිසා ග්‍රහණයට පත්ව අතෝරක් නැතිව සංවාදයට ලක්වන නෞකාවක් පිළිබඳව නොවේ. බිහිසුණු වයිරස් ආසාදනයකට ලක්ව මුළු ලොවින්ම හුදෙකලා කර සිටි MS Hondius නමැති සුඛෝපභෝගී ගවේෂණ නෞකාව පිළිබඳවය.

මෙතෙක් ලෝකයේ ප්‍රතිකාරයක් සොයාගෙන නැති, වැළඳුනහොත් මරණයට පත්වීමේ සම්භාවිතාව අතිශය ඉහළ වයිරසයක් සමඟ මුහුද මැද ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ මිනිසුන් සියයකට අධික පිරිසක් සමඟ MS Hondius නෞකාව අද (10) ස්පාඤ්ඤයේ ටෙනරීෆ් දූපතට අයත් ග්‍රැනඩිලා වරාය අසලට ළඟා විය. ඒ වයිරසය ආසාදිතව නෞකාව තුළ මියගිය පළමු පුද්ගලයාගේ මරණයෙන් හරියටම මසකට පසුවය. මේ වන විට නෞකාවේ මගීන් මුදවා ගැනීමේ සංකීර්ණ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මෙම ලිපිය දිග හැරෙන්නේ MS Hondius නෞකාවේ ඒ දෛවෝපගත ගමන පිළිබඳවයි.

MS Hondius: ධ්‍රැවීය කලාප දිනන තරු පහේ ගවේෂණ නෞකාව

MS Hondius යනු සාමාන්‍ය මගී ප්‍රවාහන නෞකාවක් හෝ සරල විනෝද චාරිකා නෞකාවක් නොවේ. එය ලොව ප්‍රථම ‘Polar Class 6’ කාණ්ඩයට අයත් අතිනවීන සුඛෝපභෝගී ගවේෂණ නෞකාවකි. 2019 වසරේදී සිය මෙහෙයුම් ආරම්භ කළ මෙම නෞකාව විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ලෝකයේ ඈත කෙළවරේ පිහිටි ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපවල පවතින දැඩි සීතල සහ රළු මුහුදේ ගමන් කිරීමටය. MS Hondius  විද්වතුන්ට සහ නිශ්චිත අරමුණු සහිත ගවේෂකයින්ට අසිරිමත් ගවේෂණ අවස්ථාවක් විවර කරන මුහුදේ පාවෙන තරු පහේ හෝටලයක් බඳුය.

නෙදර්ලන්තය පදනම් කරගත් Oceanwide Expeditions සමාගමට අයත් මෙම නෞකාවේ ලියාපදිංචි රට වන්නේ ද නෙදර්ලන්තයයි. මීටර් 107ක් දිගැති මෙම නෞකාව පරිසර හිතකාමී ලෙස ඉන්ධන භාවිතය අවම කරමින් ක්‍රියාත්මක වන පරිදි උසස් තාක්ෂණයෙන් නිපදවා ඇත.

නෞකාවේ හිම කඳු ප්‍රවේශය…

නෞකාවේ ඇති සුඛෝපභෝගී පහසුකම්

අතිශය සුඛෝපභෝගී කුටි, ජාත්‍යන්තර මට්ටමේ ආහාර සපයන අවන්හල් සහ විවේකාගාරවලින් MS Hondius සමන්විතය. මෙහි ඉහළම තට්ටුව සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ නිරීක්ෂණ ශාලාවකටය (Observation Lounge). මෙම ශාලාව සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන වීදුරු වලින් ආවරණය කර ඇති අතර, එමඟින් මගීන්ට නෞකාව තුළ සිටම අවට ඇති දැවැන්ත අයිස් කුට්ටි සහ ධ්‍රැවීය වනජීවීන් ඉතා පැහැදිලිව නැරඹිය හැකිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ගවේෂණ කටයුතුවලදී හමුවන සතුන් සහ පරිසරය පිළිබඳව විද්‍යාඥයින් විසින් පවත්වනු ලබන දේශන සහ වීඩියෝ දර්ශන නැරඹීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ශාලාවක් ද මෙහි ස්ථාපිත කර ඇත. ධ්‍රැවීය ගවේෂණයට අදාළ දුර්ලභ පොත්පත් ඇතුළත් පුස්තකාලයක් සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන අන්තර්ජාල පහසුකම් (Wi-Fi) මගීන්ට ලබා දී තිබේ. මීට අමතරව, නෞකාවට ළඟා විය නොහැකි නොගැඹුරු ස්ථාන සහ ගොඩබිමට මගීන් රැගෙන යාම සඳහා වේගවත් ‘Zodiac’ යාත්‍රා 15ක් මෙහි ඇත. මගීන්ට අපහසුවකින් තොරව යාත්‍රාවලට ගොඩවීම සඳහා විශේෂිත දොරටු සහ අභ්‍යන්තර පද්ධති (Internal zodiac loading boarding area) ද නෞකාව තුළ නිර්මාණය කර ඇත.

නෞකාවේ ආපන ශාලාව…

මේ ගමන තෝරා ගන්නේ කවුද?

ගවේෂණාත්මක අත්දැකීම් සොයන සංචාරකයින් සහ විද්වත් පර්යේෂකයින් යන දෙපිරිසම එකට ගමන් කරන සුවිශේෂී යාත්‍රාවක් වන මෙහි මගීන් ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදිය හැකිය:

  • විශේෂිත සංචාරකයින්: සාමාන්‍ය විනෝද චාරිකාවලට වඩා වෙනස්, පරිසරය සහ වනජීවීන් පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන පිරිස්ය. ධ්‍රැවීය කලාපවල දුර්ලභ පක්ෂීන් නැරඹීම (Birdwatchers) සහ වනජීවී ඡායාරූපකරණයට ලැදි ධනවත් සංචාරකයින් විශාල වශයෙන් මෙහි ගමන් කරති.
  • විෂය ප්‍රවීණයන් සහ මාර්ගෝපදේශකයින්: නෞකාවේ ස්ථිර කාර්ය මණ්ඩලයට අමතරව සමුද්‍ර ජීව විද්‍යාඥයින්, භූ විද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් වැනි ප්‍රවීණයන් පිරිසක් මගීන්ට මගපෙන්වීමට රැඳී සිටිති.
  • ගවේෂකයින් සහ පර්යේෂකයින්: අතිශය දුෂ්කර ප්‍රදේශවලට ළඟා වීමේ සුවිශේෂී හැකියාව ඇති බැවින්, පර්යේෂණ කණ්ඩායම් තම අධ්‍යයන කටයුතු සඳහා මෙම නෞකාවේ සහාය ලබා ගනිති.

2026 වසරේ පවතින දත්තයන්ට අනුව, මෙම නෞකාවේ එක් සංචාරයක් සඳහා මගියෙකු තෝරාගනු ලබන පැකේජය අනුව ඇමරිකානු ඩොලර් 3,100 සිට 20,000 ඉක්මවන ඉහළ මුදලක් ගෙවිය යුතුය.

වෛරස් ආසාදනයවන ගමනේ කතාව

ලොව ඈත කෙළවරක පිහිටි වනජීවී රජදහනක් ගවේෂණය කිරීමේ අරමුණින් පසුගිය  මාර්තු මස මුල් භාගයේදී  MS Hondius    විශේෂ  ගවේෂණ චාරිකාවක් ආරම්භ කළේය.  ඊට  මගීන් 108 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් අටත් වූහ. ආර්ජන්ටිනාවේ දකුණු කෙළවරේ සිට ආරම්භ වූ මෙම සංචාරය, සාමාන්‍යයෙන් දින 21ක් පුරා විහිදෙන දීර්ඝ ගවේෂණාත්මක ගමනක් ලෙස සැලසුම් කර තිබුණි.

=

මෙහි මූලික අරමුණ වූයේ දකුණු ඇමරිකාවේ අතිශය දුරස්ථ ප්‍රදේශ වෙත ගොස් පක්ෂි නිරීක්ෂණය සහ වනජීවී ගවේෂණ කටයුතුවල නිරත වීමය.

සංචාරය ඉතා සාර්ථක ලෙස ඇරඹිනි.  දකුණු ඇමරිකානු වෙරළ තීරයේ පක්ෂි නිරීක්ෂණයේ යෙදෙමින් නෞකාව පා වී ගියේය.  මේ අතර වටහාගත නොහැකි රෝගයකින්  එක්වරම මගියෙකු දැඩි ලෙස රෝගාතුර විනි. . මුලින්ම එම මගියාගෙන් දිස් වූයේ සාමාන්‍ය උණ (Flu) තත්ත්වයකට සමාන රෝග ලක්ෂණයකි.  දින කිහිපයක් ඇතුළත ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වෙමින් හුස්ම ගැනීමේ දැඩි අපහසුතා (Respiratory distress) මතු විය. අ

වසානයේදී පෙනහළු අකර්මන්‍ය වීම හේතුවෙන් ඔහු නෞකාව තුළදීම  මිය ගියේය. ඒ මීට මාසයකට පෙරය. එසේ මිය ගියේ 64 හැවිරිදි ජර්මානු ජාතිකයෙකි.

මරණ පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ මගින් සනාථ වූයේ ඔහු ‘හැන්ටා වයිරස් පෙනහළු සහලක්ෂණය’ (Hantavirus Pulmonary Syndrome – HPS) නම් මාරාන්තික තත්ත්වයට ගොදුරු වී ඇති බවය. මෙම රෝගය බෝ වන්නේ “හැන්ටා” නැමැති මාරාන්තික වෛරසකයකිනි.  රෝග විනිශ්චය සඳහා සිදු කළ රුධිර පරීක්ෂණ (RT-PCR) මගින් රෝගියාගේ සිරුර තුළ හැනටා වෛරසයේ  දකුණු ඇමරිකාවට ආවේණික ‘ඇන්ඩීස්’ (Andes strain) වයිරස් ප්‍රභේදය ඇති බව තහවුරු විය.

අනෙකුත් හැන්ටා වයිරස් මෙන් නොව මෙම ‘ඇන්ඩීස්’ ප්‍රභේදය මිනිසාගෙන් මිනිසාට බෝ වීමේ හැකියාව සහිත එකම ප්‍රභේදය වීම නිසා, නෞකාව වැනි සංවෘත පරිසරයක සිටි අනෙකුත් මගීන් ද දැඩි අවදානමකට ලක් වූ අතර, පසුව තවත් මගීන් දෙදෙනෙකු මෙලෙසම මාරාන්තික රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ජීවිතක්ෂයට පත් විය. ඔවුන් දෙදෙනා ද යුරෝපීන්ය.  ඊට අමතරව තවත් මගීන් කීප දෙනෙකුට වෛරස් ආසාදනය වී ඇති බවට  ලක්ෂණ පහළ කර තිබිණි.

.වෛරසය ආසාදනය වූයේ කෙසේ ද?

හැනටා වයිරසය ප්‍රධාන වශයෙන් මීයන් වැනි රොඩෙන්ටියා පවුලේ සතුන්ගේ මුත්‍රා, කෙළ හෝ මලපහ මගින් මිනිසුන්ට බෝ වේ. මෙම අපද්‍රව්‍යවලින් දූෂිත දූවිලි අංශු ආශ්වාස කිරීම (Aerosolization) මෙහි මූලික ව්‍යාප්ති ක්‍රමයය.

තරුපහේ නෞකාව තුළ මීයන් සිටීමේ අවකාශය සහ විශේෂයෙන්ම වෛරස ආසාදිත විය හැකි මට්ටමේ අපවිත්‍රතාවය සම්බන්ධව සැකයක් මතු වූයේ නැත.

මෙම වයිරසය නෞකාවේ මගීන්ට ආසාදනය වූ අයුරු  විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමේදී  සනාථ වූයේ  ආර්ජන්ටිනාවේ දකුණු කෙළවරේ පිහිටි පක්ෂි නිරීක්ෂකයින් අතර ජනප්‍රිය වනජීවී කලාපයකට ඔවුන්  ගොඩබැස සිටි අවස්ථාවේදී  මෙම ආසාදනය සිදුව ඇති බවය.  සංචාරකයින් එම ප්‍රදේශයේ තිබූ විශාල කුණු කසළ අංගනයක් (Landfill site) අසලින් ගමන් කර තිබේ.  එම අංගනය ආශ්‍රිතව වයිරසය රැගත් මීයන් විශාල වශයෙන් ගැවසී ඇත. උන්ගේ අපද්‍රව්‍ය මගින් දූෂිත වූ වාතය ආශ්වාස කිරීමෙන් වයිරසය ඔවුන්ගේ ශ්වසන පද්ධතියට ඇතුළු වී ඇත.

හැනටා වෛරසය
  • මෙම වයිරසය ආසාදනය වීමෙන් ඇතිවන ‘හැනටා වයිරස් පෙනහළු සහලක්ෂණය’ (HPS) තත්ත්වය හේතුවෙන් පෙනහළු දියරයෙන් පිරී ගොස් දැඩි ශ්වසන අපහසුතා ඇතිවන අතර, එහි මරණ අනුපාතිකය 25% සිට 40% වැනි ඉහළ අගයක පවතී.
  • වයිරසය ශරීරගත වී රෝග ලක්ෂණ මතු වීමට ගතවන බීජෞෂණ කාලය සති එකේ සිට අට දක්වා විහිදෙන බැවින්, ආසාදිතයන් හඳුනා ගැනීමත් අසීරුය.
  • එමෙන්ම මේ රෝගය වැළඳුන පසු දැඩි සත්කාර එක්කයක් තුළ මූලික පහසුකම් සපයා රෝගියා වෛරසය සමග සටන් කර ජීවිතය බේරා ගන්නා තුරු බලා ඉන්නවා හැර වෙන කරන්නට දෙයක් නැත.
  • මක්නිසාද යත් මෙම වෛරසයට එරෙහි එන්නතක් මේ වනවිට ලෝකයේ සොයාගෙන නැති නිසාය.

ටෙනරීෆ් දූපත් අසලට නෞකාව ලඟා වීම

සති තුනක කාලසීමාවකින් අවසන් වීමට තිබූ මෙම ගවේෂණ චාරිකාව, අවසානයේදී වයිරස් අවදානම හමුවේ මුහුදේ හුදෙකලා වීමට සිදු වූ දීර්ඝ නිරෝධායන ක්‍රියාවලියක් දක්වා වර්ධනය විය.   සති කිහිපයක බිය සහ අවිනිශ්චිතතාවයෙන් මුහුද මැද ගත කිරීමෙන් පසුව, MS Hondius නෞකාව අද (10)  අලුයම ස්පාඤ්ඤයේ ටෙනරීෆ් දූපතට අයත් ග්‍රැනඩිලා වරාය අසලට ළඟා වූයේය. නෞකාව ගොඩබිමට ළඟා වීමට අවසර දී  තිබුණේ නැත. නැවට  නාවික සැතපුමක ආරක්ෂක කලාපයක් පනවා තිබිණි.  හමුදා පොලිස් යාත්‍රා මගින් නෞකාව වටා මුර සංචාරය  පවත්වාගෙන ගියේය.

මේ ලඟාවීම සිදුවන්නේ දූපත් වාසීන්ගේ බරපතල විරෝධතා මධ්‍යයේය.   වරාය සේවකයින් පිරිසක් ආරක්ෂක පියවර ප්‍රමාණවත් නොවන බව පවසමින් විරෝධතාවල නිරත වූහ. එසේම, කැනරි දූපත් වල සභාපති ප්‍රනාන්දු ක්ලැවිජෝ   මගීන් ඉවත් කිරීමට වැඩි කාලයක් ගතවන බව පවසමින් මුලදී නෞකාවට ඇතුළුවීමට අවසර දීම ප්‍රතික්ෂේප කළේය. වයිරසය සහිත මීයන් නෞකාවෙන් බැස ගොඩබිමට පැමිණිය හැකි බවට ඔහු කළ ප්‍රකාශය මධ්‍යම රජය විසින් ප්‍රතික්ෂේප  කරනු ලැබුවේය.  මගීන් ඉවත් කිරිමේ මෙහෙයුම ආරම්භ වන්නේ මේ සියලු සංකීර්ණතා මැදය.

ඉවත් කිරීමේ මෙහෙයුම ඇරඹී ඇති අයුරු..

ඉවත් කිරීමේ මෙහෙයුම

100කට අධික මගීන් සහ කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සඳහා ගොඩබිම විශාල මෙහෙයුමක් දියත් කර තිබිණි.    යම් හෙයකින් කිසිවෙකු දැඩි ලෙස රෝගාතුර වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා ටෙනරීෆ්හි කැන්ඩෙලාරියා රෝහලේ දැඩි සත්කාර විශේෂඥයින් පිරිසක් සීරුවෙන් තබා ඇත. එහි වයිරස් පරීක්ෂණ කට්ටල සහ වෙන්ටිලේටර් පහසුකම් සහිත දැඩි හුදෙකලා ඒකකයක්ද ස්ථාපිත කර ඇත. Hondius’  නෞකාවෙන් මේ වනවිට  මගීන් ඉවත් කිරීමේ කටයුතු ස්පාඤ්ඤ බලධාරීන් විසින් ආරම්භ  කරන්නේ මෙවැනි සංකීර්ණතා මැදය.

නෞකාවෙන් ඉවත් කළ පළමු කණ්ඩායමේ ස්පාඤ්ඤ ජාතිකයින්..

ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍ය මොනිකා ගාර්ෂියා සඳහන් කළේ මෙම මෙහෙයුම “සාමාන්‍ය පරිදි සිදුවන” බවත්, නෞකාවේ සිටින සියලුම මගීන් මේ වන විටත් රෝග ලක්ෂණ නොපෙන්වන සෞඛ්‍ය තත්ත්වයක පසුවන බවත්ය.

නෞකාවේ සිටින මගීන් ජාතිකත්වය අනුව කණ්ඩායම් වලට බෙදා ගොඩබිමට ප්‍රවාහනය  කෙරුණි.  මුලින්ම ස්පාඤ්ඤ ජාතිකයන් 14 දෙනෙකු ගොඩබිමට පැමිණියේය. ඔවුන්  මැඩ්රිඩ් නුවර ගෝමස් උල්ලා හමුදා රෝහලේ අනිවාර්ය නිරෝධායනයට ලක් කෙරේ. මෙම වයිරසයේ බීජෞෂණ කාලය සති නවයක් දක්වා විය හැකි බැවින් ඔවුන්ට දීර්ඝ කාලයක් හුදෙකලාව සිටීමට සිදුවනු ඇත.

ස්පාඤ්ඤ ජාතිකයින් ගොඩබිමට ගෙනා  පසුව නෙදර්ලන්තය, ග්‍රීසිය සහ ජර්මනිය යන රටවල මගීන් මෙන්ම කාර්ය මණ්ඩලයේ කොටසක් ඉවත් කරනු  ලබන්නේය  ඔවුන් එතැන් සිට බස් රථ මගින් දේශීය ගුවන් තොටුපළ වෙත රැගෙන යනු ලබන්නේය. පසුව විශේෂ වරලත් ගුවන් යානා මගින් ඔවුන්ගේ මව් රටවල් වෙත යැවීමට කටයුතු සූදානම් කර ඇත.  බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය බලා යන ගුවන් යානාද සූදානම් කර ඇති අතර, අවසන් ගුවන් යානය සඳුදා දින ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස්   මෙම මෙහෙයුම් අධීක්ෂණය සඳහා ටෙනරීෆ් වෙත පැමිණ  සිටියේය.  බලධාරීන්ගෙ කඩිනම් මැදිහත්වීමේ මානුෂිකත්වය ඔහු විසින් අගය  කළේය.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු නෞකාව නැවත නෙදර්ලන්තය බලා රැගෙන යාම සඳහා එහි රැඳී සිටීමට නියමිතය.

යළිත් වරක් මිනිසුන්ට මිනිසුන්ගේ සැබෑ ස්වරූපය සහ මිනිසුන්ට හැකි ප්‍රමාණය පිළිබඳ සිහි කැඳවීමක් කර ඇත. සොබා දහමේ එක් අතුල් පහරකින්  මේ උඩඟු ජීවියාගේ බිඳෙන සුළු පැවැත්ම ව්‍යසනයට ලක්වන ආකාරය යළිත් ලෝකයට සිහික ඇත. කොවිඩ්වලින් පාඩම් ඉගෙන ගත්තේ නැති මිනිසුන් හනටා වෛරසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැත. බිහිසුණුම කාරනාව එය නොවේ. සොබා දහම හැමදාම පාඩම් කියා දෙමින් ඉන්නේ නැති වීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියානු – යුක්රේන යුද්ධය නිමාවට පත්වෙමින් පවතින බව ජනපති පුටින් පවසයි!

Next Post

ඊයේ රෑ අසර්බයිජානයේ සිට රටට කුදලාගෙන පැමිණි කවුද මේ බටුවත්තේ චාමර…..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.