බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු – යුක්රේන යුද්ධය නිමාවට පත්වෙමින් පවතින බව ජනපති පුටින් පවසයි!

by editor
මැයි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම අවසානයක් කරා ළඟා වෙමින් පවතින බව තමන් විශ්වාස කරන්නේ යැයි රුසියානු ජනාධිපති වැල්දිමීර් පූටින් අද ප්‍රකාශ කළේය.  ලෝකයේම අවධානය දිනාගත් වූ තීරණාත්මක ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් කරනු ලබන්නේ දෙවන ලෝක යුද්ධයෙන් සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය සැමරීම වෙනුවෙන් මොස්කව් නුවර පැවැති සීමිත හමුදා පෙළපාලියකින් අනතුරුව මාධ්‍යවේදීන්  අමතමිනි.

යුක්රේනය තුළ ක්‍රියාත්මක වන “විශේෂ හමුදා මෙහෙයුම” පිළිබඳව සඳහන් කරමින් ඔහු කීවේ “මම හිතන්නේ දැන් මේ කාරණය අවසානයකට පැමිණෙමින් තිබෙනවා” යනුවෙනි. එසේ වුවද, යුක්රේන රජයට බටහිර රටවල් ලබා දෙන සහයෝගය ඔහු එහිදී දැඩි ලෙස හෙළා දුටුවේය.

රුසියාව  වාර්ෂිකව සමයන  විජයග්‍රාහී දින පෙළපාලිය සාමාන්‍යයෙන් පවත්වන්නේ රුසියාවේ යුධ ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය කිරීමේ නිශ්චිත යටි පරමාර්ථයක් සමගය.  නමුත්  මෙවර   මෙවර  සුපුරුදු පරිදි සිය යුධ උපකරණ  යුධ ටැංකි සහ මිසයිල ප්‍රදර්ශනයක් මෙම හමුදා පෙළපාළියට  ඇතුළත් නොවීය.  එමෙන්ම    ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසකට එම අවස්ථාව ආවරණය සඳහා  අවසර ලබා දී නොතිබිණි.  දේශීය මාධ්‍ය වේදීන් සඳහා පමණක් විවරවූ ආකාරයක් පෙනුන මෙම  උත්සවයට සහභාගී වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව ද බෙහෙවින් අඩු විය.

යුධ උපකරණ සහ යුධ ශක්ති ප්‍රදර්ශන සහිත උද්දාමය ප්‍රකාශ කිරීමේ අවකාශය  ආරක්ෂක හේතූන් සීමා වී තිබුණු ආකාරය බීබීසී වාර්තා කළේය. විශේෂයෙන්ම යුක්රේනය විසින් රතු චතුරශ්‍රය (Red Square) ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනු ඇතැයි බලධාරීන් තුළ පැවති බිය මෙම හමුදා ප්‍රදර්ශනය සීමා කිරීමට හේතු වූ බව ද විදේශ ප්‍රවෘත්ති ඒජන්සි කීවේය.

බටහිට මාධ්‍ය එසේ කීව ද  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් මොස්කව් සහ කියෙව් පාලනය අතර අවසන් මොහොතේ ඇති කරගත් සටන් විරාමය හේතුවෙන් ප්‍රහාර එල්ල වීමේ අවදානම අවම වී තිබිණි.  රුසියානු තීන්දු බටහිර මනසකින්  කියවන විට ඇතිවන තත්ත්වය එයය.   කිසිදු සිදුවීමකින් තොරව උත්සවය පවත්වා නිම කරනු ලැබුවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

විජයග්‍රාහී දින පෙළපාළියේ අවස්ථාවක්…

විජයග්‍රාහී දින දේශනයේ දී පුටින් කළ කතාව

ජනාධිපති පුටින් මෙම අදහස් පළ කළේ ජයග්‍රාහී දින දේශනය පවත්වමින් යුද්ධය සාධාරණීකරණය කර පැය කිහිපයකට පසුවය. එම කතාවේදී ඔහු අවධාරණය කළේ රුසියාව සටන් කරමින් සිටින්නේ “සාධාරණ” යුද්ධයක බවත්, නේටෝ (Nato) සංවිධානයේ පූර්ණ සහයෝගය සහ අවි ආයුධ ලබන යුක්රේනය “ආක්‍රමණශීලී බලවේගයක්” බවත්ය.

පසුව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී බටහිර රටවල් යුක්රේනයට උපකාර කිරීම පිළිබඳව විමසූ විට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය: “ඔවුන් (බටහිර රටවල්) සහය දෙන බවට පොරොන්දු වී රුසියාව සමඟ ගැටුමක් ඇති කිරීමට පෙළඹුණා. එය අද දක්වාම පවතිනවා. මම හිතන්නේ දැන් මේ කටයුත්ත නිමාවෙමින් පවතින බවයි, නමුත් මෙය ඉතා බැරෑරුම් කාරණයක්.”

රුසියානු හමුදා 2014 වසරේදී ක්‍රිමියාව සහ නැගෙනහිර යුක්රේනයේ කොටස් අත්පත් කරගත් අතර, පසුව 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනයට එරෙහිව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් ආරම්භ කළේය.

තමන් යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි හමුවන්නේ ස්ථිර සාම ගිවිසුමකට එකඟ වූ පසු පමණක් බව පුටින් අවධාරණය කළේය. “තෙවන රටකදී හමුවීමක් වුවද සිදුවිය හැකියි. නමුත් එය සිදුවිය හැක්කේ දිගුකාලීන ඓතිහාසික ඉදිරි දර්ශනයක් සහිත සාම ගිවිසුමක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවන්ට පැමිණීමෙන් පසුව පමණයි. එම හමුවීම අවසාන පියවර විය යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.

සෙලෙන්ස්කි පුද්ගලික හමුවකට සූදානම් බව තමන්ට අසන්නට ලැබුණු නමුත්, මෙවැනි ප්‍රකාශ අපට අසන්නට ලැබුණු පළමු අවස්ථාව මෙය නොවන බව ද පුටින් සඳහන් කළේය. යුරෝපය සඳහා නව ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් කැමති බවත්, ඒ සඳහා තම මනාපය හිමිවන සාකච්ඡා සගයා ජර්මනියේ හිටපු චාන්සලර් ගර්හාර්ඩ් ශ්‍රෝඩර් බවත් ඔහු පැවසීය. ශ්‍රෝඩර් යනු පුටින්ගේ දිගුකාලීන මිතුරෙකු වන අතර රුසියානු රජයට අයත් බලශක්ති සමාගම් සමඟ කටයුතු කිරීම හේතුවෙන් ඔහු දැඩි මතභේදයට ලක් වූ පුද්ගලයෙකි.

යුරෝපයේ මතය

පසුගිය සතියේ යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා ප්‍රකාශ කළේ රුසියාව සමඟ සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයට විභවයක් පවතින බව තමන් විශ්වාස කරන බවය.  සෙලෙන්ස්කි ද එවැනි පියවරකට කැමැත්තක් දක්වන බව  ඔහු කීවේය. සුදුසුම මොහොතේදී රුසියාව සමඟ සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳව තමන් යුරෝපා සංගමයේ නායකයින් සමඟ සාකච්ඡා කරන බව කොස්තා පවසා තිබේ.

ෙසති අන්තයේදී අමෙරිකාවේ මූලිකත්වයෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස, එක් එක් රටවලින් සිරකරුවන් 1,000 බැගින් හුවමාරු කර ගැනීමට කියෙව් සහ මොස්කව් එකඟ විය. එහෙත් සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් යුක්රේනයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බව පුටින් සෙනසුරාදා ප්‍රකාශ කළේය.‍

කුමණ පදනමකින් හෝ යුක්රේන යුද්ධය නිමා වන්නේ නම් එය ලෝකයට අස්වැසිල්ලක් වනු ඇත. එහෙත්  ඉරානයට එරෙහි ඇමෙරිකා සහ ඊශ්‍රයාල යුද්ධයේ    කෙළවර කොතැනදැයි අපට තවමත් වැටහීමක් නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි එල්ල වී ඇති චෝදනා 31න් 3ක් පිළිගනී…

Next Post

මාරාන්තික හැන්ටා වයිරසය සමග ජීවත් වෙමින්  දිවි බේරාගත් MS Hondius නෞකාවේ මගීන්ගේ දෛවෝපගත ගමනේ කතාව…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.