බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන ලියාපදිංචි කිරීමේ වංචාව: මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරියි!

by editor
අප්‍රේල් 20, 2026
in පුවත්
kamala_a
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය – 

ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය තුළ සිදුවූ බව කියන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ ඇප මත මුදා හැරීමට කුරුණෑගල පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (අප්‍රේල් 20) නියෝග කළේය.

පිලැස්ස මහේස්ත්‍රාත් එම්.එම්.අයි. වාසල  හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම විය. මීට අමතරව ඔහුට විදේශ ගමන් තහනමක් ද පැනවූ මහේස්ත්‍රාත්වරිය, නඩුව මැයි මස 11 වනදා නැවත කැඳවීමට නියම කළාය.

වංචනික ලෙස වාහන එකලස් කිරීමේ චෝදනා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව කමල් අමරසිංහ අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 27 වනදාය. පොලිස් මූලාශ්‍ර පවසන පරිදි, ඔහුට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ කැබ් රථයක් වංචනික ලෙස ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීමය.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ කැබ් රථයේ නියම චැසි අංකය මකා දමා හෝ වෙනස් කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) නිල දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඇති බවය. මෙමගින් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීත්‍යානුකූල වාහනයක් ලෙස සමාජගත කිරීමට උත්සාහ කර ඇති බව බලධාරීන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම දෙපාර්තමේන්තුවේ ඉහළම විධායක නිලධාරියා වශයෙන් කමල් අමරසිංහ මෙම ක්‍රියාවලියේදී සිය බලතල අයුතු ලෙස භාවිත කරමින් නිසි සත්‍යාපන ක්‍රියාවලීන් මඟහැරීමට කටයුතු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

RMV පාලන පද්ධතිය පිළිබඳ ගැටලු

මෙම සිදුවීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනය සහ දත්ත පද්ධතියේ ආරක්ෂාව පිළිබඳ දැඩි විවේචන මතු කිරීමට සමත්ව ඇත. ශ්‍රී ලංකාව පුරා ධාවනය වන සියලුම වාහනවල හිමිකාරිත්වය සහ නීත්‍යානුකූලභාවය සහතික කිරීමේ වගකීම පැවරී ඇති ඉහළම නිලධාරියාම මෙවැනි වංචාවකට සම්බන්ධ වීම පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය පළුදු කරන්නක් බව නීති විශාරදයෝ  පෙන්වා දෙයි.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුළ අවස්ථා කිහිපයකදීම සැකකරු ඇප මත මුදා හැරීමට පොලිසිය විරුද්ධ වූයේ, ඔහු නිදහස් කිරීමෙන් විමර්ශනවලට බලපෑමක් විය හැකි බව පවසමිනි. කෙසේ වෙතත්, අද දින දැඩි කොන්දේසි සහිතව ඔහුට ඇප හිමි විය.  සැකකරුට විදෙස් ගමන් තහනමක් ද අධිකරණයෙන් පනවා තිබේ.

නඩුව මැයි 11 වනදා නැවත කැඳවීමට නියමිත අතර, එහිදී විමර්ශනවල ප්‍රගතිය සහ ඉදිරි සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු ලෙබනනයේ ජේසුස් ප්‍රතිමාවකට හානි කළ ඊශ්‍රායල සෙබළා ගැන IDF තීරණය මෙන්න!

Next Post

ජපානයේ වයඹදිග වෙරළට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් මැද ජනතාව ආරක්ෂිත ස්ථාන කරා…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.