බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවෙයි; ලංකාවේ ආර්ථික ප්‍රගතිය ඇගයීමට ලක් කෙරේ!

by editor
ජූනි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

  • “බලශක්ති අර්බුදය හමුවේ දැක් වූ දූරදර්ශී ප්‍රතිචාරය යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා වන රජයේ කැපවීම පෙන්නුම් කරනවා”- Sonali Jain-Chandra

  • “ශ්‍රී ලංකා ආර්ථිකය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම ආර්ථික වර්ධනය පිළිබද යහපත් සංඥාවක්” – Evan Papageorgiou

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandra ගේ ප්‍රධානත්වයෙන් යුත් IMF නියෝජිත පිරිසක් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූහ. එහිදී ආර්ථික ප්‍රතිසාධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජය ලබා ඇති ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව එම නියෝජිත පිරිසේ පැසසුමට ලක් විය.

ජූනි 24 සිට 30 දක්වා කාලයේ IMF නියෝජිත පිරිස කොළඹ සිදු කළ සංචාරයේ නිමාව සනිටුහන් කරමින් මෙම හමුව පැවැත්විණි. ඔවුන්ගේ මෙම සංචාරය අතරතුර මෑතකාලීනව සිදු වූ සාර්ව ආර්ථික වර්ධනයන් සහ විස්තීර්ණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනයට ලක් කෙරිණි.

රජය විසින් ආර්ථිකය මෙහෙයවනු ලබන ආකාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉමහත් ඇගයීමට ලක් වූ අතර, IMF මගින් සහාය ලබන වැඩසටහන් ක්‍රියාත්මක කරන අනෙකුත් බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඔවුහු පෙන්වා දුන්හ. බාහිර කම්පන මාලාවක් මධ්‍යයේ වුවද සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීම සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් දැඩි ලෙස කැප වී සිටීම සම්බන්ධයෙන් නියෝජිත පිරිස රජයට සිය ප්‍රශංසාව පළ කළහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගන්නා ඉදිරි පියවර සඳහාද සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික වූහ.

ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ 07 වන සමාලෝචනයේදී ශ්‍රී ලංකාවේ වැඩසටහන් ක්‍රියාකාරීත්වය නිල වශයෙන් ඇගයීමට ලක් කරන බවද නියෝජිත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දුන්හ. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව විසින් සැපිරිය යුතු සෙසු වගකීම් මෙම සමාලෝචනයට පෙර සපුරා ලීමට අපේක්ෂිතය.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

පවත්නා බාහිර අභියෝග ජය ගැනීමටත්, මූල්‍ය සහ බාහිර තිරසරභාවය රැක ගැනීමටත්, ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට මෙන්ම, කල් පවත්නා, සියල්ලන් ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් සුරක්ෂිත කිරීමටත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වේගය අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

ආර්ථිකය ස්ථාවරභාවය ප්‍රමුඛතාවක්ව පවතින අතරම, රජයේ අවසාන අරමුණ වන්නේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ ප්‍රතිලාභ ජනතාවට සෘජුවම ලැබීමට සැලැස්වීම බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. ආර්ථික වර්ධනය, ජනතාවගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වයන්හි දැනෙනසුලු දියුණුවක් බවට පරිවර්තනය කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා බවද ජනපතිවරයා අවධාරණය කළේය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක, එක්සත් ජනපද තීරුබදු පැනවීම, දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශය සහ මැදපෙරදිග යුදමය තත්ත්වය ඇතුළු බාහිර කම්පන හේතුවෙන් බාධා සහ ප්‍රමාදයන් ඇති වූ බවද පෙන්වා දුන්නේය. එසේ වුවද, සාර්ව ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා රජය කඩිනමින් පියවර ගත් බවත්, රට ප්‍රතිසාධන මාවතේ ස්ථිරව පවත්වාගෙන යාම සඳහා හැකි සෑම උත්සාහයක්ම තවදුරටත් ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තවත් වසරකටත් අඩු කාලයක් ඉතිරිව ඇති අතර, එම වැඩසටහන සාර්ථකව අවසන් කිරීම කෙරෙහි රජය අඛණ්ඩව අවධානය යොමු කර ඇති බවත්, ආර්ථික වර්ධනයේ සහ ස්ථාවරභාවයේ ප්‍රතිලාභ සියලුම පුරවැසියන් වෙත ළඟා වන බව සහතික කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දිගුකාලීනව තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුගත වීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එමෙන්ම ජනතාව මත අනවශ්‍ය බරක් ඇති නොකර ඔවුන්ට උපරිම ප්‍රතිලාභ අත්කර දෙන අයුරින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින බවද වැඩිදුරටත් සඳන් කළේය.

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සමීප සහ ධනාත්මක සබඳතාව පිළිබඳවද ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී අවධාරණය කළේය. වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමස්ත කාලය පුරා දෙපාර්ශ්වයම සැලකිය යුතු නම්‍යශීලීභාවයක් පෙන්නුම් කර ඇති බවත්, එම අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව හේතුවෙන් ප්‍රතිසංස්කරණ වැඩසටහන බාධාවකින් තොරව සුමටව ඉදිරියට ගෙන යාමට හැකි වූ බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහාත්, රට තුළ දිගුකාලීන ආර්ථික ස්ථාවරභාවය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහාත් අඛණ්ඩ සහයෝගිතාවෙන් කටයුතු කිරීම වෙනුවෙන් දෙපාර්ශ්වයේම කැපවීම යළිත් තහවුරු කරමින් සාකච්ඡාව අවසන් කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට, එහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Sonali Jain-Chandra, මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou, IMFහි මෙරට නිත්‍ය නියෝජිත Martha Woldemichael, Enrique Flores Curiel, Ursula Wiriadinata, Yorbol Yakhshilikov, Maksym Markevych සහ මානවී අබේවික්‍රම ඇතුළත් වූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම අවස්ථාවට කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘රැජිණියේ’ සිනමාපටය පවුලට හොරා රූගත කිරීම් අරඹයි – සමනලී ෆොන්සේකා ඇතුළු මාලනියගේ පවුලෙන් දැඩි විරෝධයක්!

Next Post

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පිරිසක් පත් කෙරේ!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.