දේශපාලනයෙන් සමුගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවත්, රට වෙනුවෙන් කළ සේවය තවමත් මදි යැයි හැඟීමක් තමන් තුළ පවතින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවරදී ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (04) ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් තමන් තුළ පවතින්නේ කණගාටුවක් බවත්, විසිරී ගිය සියලු පාර්ශ්වයන් නැවත ඒකාබද්ධ කරගනිමින් පක්ෂය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වත්මන් ආණ්ඩුවට ගොවි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පෙන්වා දුන් ඔහු, එවැනි සංවේදීතාවයක් නොමැති පාලනයකට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ලබන්නේ ජනතා ඉල්ලීම පරිදි බවද සඳහන් කළේය. එමෙන්ම ජනතාව ඉල්ලා නොසිටින්නේ නම් නාමල් රාජපක්ෂට වුවද ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට සූදානමක් නොමැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.









