සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරලගංවිල ගොවි පවුල් 40ක්  අවුරුදු 40ක් තිස්සේ වගා කළ වගා බිම් අහිමි වෙයි… වගා කරලා තිබෙන්නේ වැව් රක්ෂිතයේ… මහවැලිය කියයි!  

by editor
ජූනි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ යල මහ දෙකන්නයේ වී වගා කරන ලද කුඹුරු බිම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් පෞද්ගලික වැලි සමාගමකට ලබාදීම හේතුවෙන් මෙවර යල කන්නයේ වී වගාව අතහැර දැමීමට සිදුව ඇතැයි මහවැලි බී කලාපයේ අරලගංවිල, බමුණාකොටුව ප්‍රදේශයේ වී ගොවීහු පවසති.

මේ හේතුවෙන් පවුල් හතළිහකට අයත් සාමාජිකයින් 300කට අධික පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටිති. අදාළ පෞද්ගලික වැලි සමාගම මේ වනවිටත් එහි වැඩ ආරම්භ කර ඇති අතර, වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ තමන් වගා කළ පොල් ගස් 200ක් පමණ මෙයින් විනාශ වන බව ද ගොවීහු පෙන්වා දෙති.

වසර 40ක් තිස්සේ තමන් දරු පවුල් නඩත්තු කරමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කළේ මෙම කුඹුරු වගාවෙන් බවත්, තමන්ට වෙනත් කිසිදු ප්‍රදේශයක කුඹුරු ඉඩම් හෝ වෙනත් ආදායම් මාර්ග නොමැති බවත් ඔවුහු පවසති. රජයේ අස්වැසුම ඇතුළු කිසිදු සහනාධාරයක් ද තමන්ට නොලැබෙන බැවින්, මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන වසර හතළිහකට ආසන්න කාලයක් වගා කළ කුඹුරු බිම් තමන්ටම ලබාදීමට කටයුතු කරන ලෙස බමුණාකොටුව සහ ජයමුතුගම වී ගොවීහු  බලධාරීන්ගෙන් මෙන්ම ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටිති.

වැව ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් අක්කර 45කට වැඩි භූමි ප්‍රමාණයක, වැව් රක්ෂිතයේ පස් කියුබ් ලක්ෂ දෙකක් ඉවත් කර වැලි ලබා ගැනීමට එම පෞද්ගලික සමාගමට අවසර ලබා දී ඇති බව ගොවීන්ගේ චෝදනාවය. වසර ගණනාවක් තිස්සේ අස්වද්දන ලද කුඹුරු බිම්වල විශාල නියරවල් මේ වනවිට ජේ.සී.බී. යන්ත්‍ර යොදා විනාශ කරමින් පවතින බවත්, එම සමාගම කුඹුරු බිම්වලට ඇතුළු වීම තහනම් කරමින් දැන්වීම් පවා ප්‍රදේශයේ ගස්වල අලවා ඇති බවත් ඔවුහු පවසති. මෙමඟින් තමන්ගේ ආර්ථිකය හා ජීවත්වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ඇහිරී යන බව ගොවීහු වැඩිදුරටත් අවධාරණය කරති.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ගොවීන්ගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ විජයබාපුර කොට්ඨාස කළමනාකාර කසුන් මදුසංකගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වැවේ ජල ධාරිතාව රඳවා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බැවින් ටෙන්ඩර් පටිපාටියකට අනුව වැව පිළිසකර කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවය.

වැව් රක්ෂිතයේ වී වගා කරන මෙම ගොවීන්ට වෙනත් ප්‍රදේශවල ද කුඹුරු බිම් පවතින බව ප්‍රකාශ කළ කොට්ඨාස කළමනාකාරවරයා, මෙම වැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ ගොවි සංවිධානයේ ඉල්ලීමකට අනුව සියලු ගොවීන් කැඳවා කොන්ත්‍රාත්කරු සමඟ සාකච්ඡා කර ලබාගත් එකඟතාවයකින් පසුව බව ද සඳහන් කළේය.

 

Share69Tweet43
Previous Post

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: රහසිගත වාර්තාව හර්ෂ ද සිල්වා ප්‍රතික්ෂේප කරයි! නිල වාර්තාවක් බදාදාට කලින් ඉල්ලයි!

Next Post

පිළිකා රෝගීන්ට ලබාදෙන GCSF එන්නත් උග්‍ර හිඟයක: කීමෝ ප්‍රතිකාරත් ඇනහිටින ලකුණු!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.