කේ.ඩී ලාල් කාන්ත ඇමතිවරයා විසින් හිරු ප්රවෘත්ති වෙත එවා ඇති එන්තරවාසියට පැය 24ක් තුළ ප්‍රභල ප්‍රතිචාරයක් සහිත පිළිතුරක් ලබා දෙන බව හිරු මාධ්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
හිරු මාධ්‍ය ආයතනය එම නිවේදනය නිකුත් කරන්නේ ලාල් කාන්ත ඇමතිවරයාගේ වත්කම් සම්බන්ධව සාවද්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එම ආයතනය වෙත එන්තරවාසියක් නිකුත් කිරීමෙන් පසු ඊට පිළිතුරු දෙමිනි.
හිරු නියෝජ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂ දිනුෂ ජයකොඩිගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ හිරු මාධ්‍යවේදීන් පොලිස් ආරක්ෂාව ඉල්ලූ බවට තමන්ගේ අත්සනින් සමාජ මාධ්‍යවල සංසරණයවන ලිපිය ව්‍යාජ එකක් බවත්, එම ලිපිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් දන්වා ඇත.








